Ransomware යනු මෑතකාලීනව හදාරන්නන් අතර වඩාත්ම කතා බහට ලක්වූ හානිකරය වේ. පහර දෙන්නෙකු විසින් පරිගණකයක වන දත්ත ගොනු encrypted තත්වයට පත්කිරීමෙන් ඇරබෙන මෙම අනවසර ක්‍රියාවලිය අවසන් වන්නේ එම පහර දෙන්නෙන් වෙතට යම් ගෙවීමක් ඔස්සේ නැවත යථාතත්වයට පත්කර ගැනීමෙන් හෝ සදාතනිකව එම දත්ත භාවිතයට ගන්නට නොහැකි තත්වයට පත්කර ගැනීමෙනි. මේ දිනවල භාවිතයට පැමින ඇති මේ ආකාරයේ හානිකරයක් වන Power Worm නම් ransomware මූලිකව ඉලක්කව පැවතුනේ Microsoft Excel haa Word files වෙතට වුවද පසු දියුනු කිරීම් කිහිපයක් ඔස්සේ වැඩි ගොනු වර්ග ඉලක්ක කරගත හැකි අතර හදරන්නන් පෙන්වා දෙන්නේ මෙම පහර දෙන්නන් වෙතට අදාල මුදල ගෙව්වද තම ගොනු යථා තත්වයට පත්කර ගැනීමෙ හැකියාව නොපවතින බවයි. හදාරන්නන් තත්වය පහදා දෙන්නේ මෙම හානිකර සම්පාදකයන්ගේ අත්වැරදීමකින් එම නිර්මානයකිරීමේදී නැවත යතාතත්වයට පත්වීමට අවශ්‍ය යතුර අමතක කර දමා ඇති බවකි. මෙහි අවසාන ප්‍රථිපලය වන්නේ හානියට ලක්වූවෙකු අදාල මුද ගෙව්වද නැවත තම ගොනු යතාත්වයට පත්කර ගන්නට නොහැකි වන බවය. “error in the programming” ආකාරයේ මෙම දුර්වලතාවය පිලිබඳව උපදෙස් දෙන හදාරන්නන් පවසන්නේ වඩාත් ආරක්ශිතව පරිගණකය තබා ගැනීම මෙන්ම තමන්ව පොලබවා ගන්නට කරනා උත්සාහයන් ඔස්සේ කල්පනාකාරී වීම වැදගත් බවයි.