itlk1

       සෑදෑව එලබෙන්තම අප දෙදෙන නගරයට ඔබ්බෙන් වන සුපුරුදු කඳුමුදුනත වෙතට පැමිනෙන්නට සමත් විනිමු. කඳුමුදුනත දිගේ බොහෝ දුරට විහිදෙන සේ පා-මාවත් අලුතින් නිමා කර ඇත. අලංකාර නෙක ආකාරයේ විසිතුරු රුක් ගොමු වලින් එම මාවත දෙපස ගවසා තිබුනේ වඩාත් සිත් පැහැර ගන්නා ආකාරයකටය. යන – එන ලෙසට මංතීරු දෙකකින් ඒවා නිමවා තිබීම මහත් ආකාර්ශනීයය. සැහැල්ලු සැන්දෑවක මනා සිතුවිලි සක්මනකට වඩාත් අපූරු තැනක් ලෙසට එය සංවර්ධනය කර තිබීම දැකීම සිතට මහත් සහනයක් විය. දෙපසට යනෙන්නන් හට අවශ්‍ය විටකදී සුලු ආකාරයේ ආහාර පාන මිළදී ගැනීමට විසිතුරු වෙළඳ හල් දෙකක්ද පිහිටවා තිබීම හෝරා ගනාවක් වුවද එහි ‍රැදෙන්නට ආරාධනාවක් වැනිය. “අපූරු සිතුවිලි සක්මනකට නම් කියාපු තැන..” මට කිය විනි. ඇයද හිස සලමින් එකග බව කියා පෑවාය.
අප දෙදෙනද එක් දිසාවක් දෙසට සැහැල්ලු සක්මනකට පිවිසුනේ එකිනෙකා ගෙන් විමසීමකට පෙරම පැමිනි එකගතාවයක් තිබුනා සේය. “එතකොට ඔබ කියන්නේ බුදු දහම අප කියවන බලන බොහෝ සටහන් වලි ඔබ්බට විහිදුනු කාරනාවක් බවද?” මා සිතුවා නිවැරදිය. නගර උද්‍යානයේදී දහම ගැන කල කුඩා වාචික සටහන ඇගේ විමසුම් මනස අවදිකරනාව වෙනුවට ගිනි අවුලුවා ඇතුවා සේය. දැඩි විස්වාසය පදනම් වන දහමක ආභාශයේ හැදී වැඩී ඇති ඇයට මේ නව අදහස් රටා ජීවිතයේ කිසිදු දිනක ගොස් නැතිවා පමනක් නොව වෙනස්ම විසිතුරු අත්දැකීමක් ගෙනෙන පෙදෙසකට පිවිසුනා සේ හැගෙනවා විය යූතුය. ආශ්‍රමයේදී පවා අමුත්ත්න්ගෙන් නිතර පලවන ගැටලුවක් වන සංස්කෘතික බුදුදහමින් මුදවා ඉහල ගැනීම මහත් අපහසු කාරනාවකි. “ඒක හරියට භාශාව නොමැතිව ගොඩ නැගෙන දෙබසක් වැනිය.” ටිබෙටියානු මිතුරා සංකීර්න තත්වයන් සරල වදන් පෙලකින් කියවා දමන්නට මහත් සමතෙකි. සමහර විට ඔහු වඩාත් ආභාශයලත් Zen දහම නිසා විය හැක. ” සමාවෙන්න, ඔබ හෙට උදේ වරුවේ තනියම පැමිනිය යුතු සක්මනට හෝරා බොහොමයකට පැමිනිලා වාගෙයි. මට ඒ බවට ඉඩ දිය නොහැකියි. මම හිතන්වා ඔබ ඒ ගැන උරන නොවෙයි කියලා…” මගේ නිහඬ බවින් අපහසුතාවයට පත් ඇය සක්මන නතර කර සුහද චෝදනාවක් කරන්නට විය. පසු පියවර දෙකක් තැබු සමාව අයදින අයුරින් ඇයගේ අතක් ගෙන නැවත ගමන් අරබන්නට පටන් ගතිමි.

wwwwolivia_manning2

    “දහමක් හා සංස්කෘතියක් අතර පරතරය වඩාත් බලාත්මකයි අපි ඒ දෙස බලන තැනට අනූව. හිතන්න හැම ආගමකට පාහේ අවශ්‍ය වන්නේ මීලග ජීවිතය වඩාත් අපූරු තැනකට තැනකට පැමිනෙන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. බොහෝ වෙලාවට එය ජීවිතය අර්ථද ක්වන්නේ ඒ සදහා සූදානම් වන්නට සුදුසුම අවස්ථාව ලැබී ඇති ලෙසටයි. ඒත් මම හිතනවා බිහිවීමට පෙර පැහැදිලි නැති බිඳවැටීමට පසු පැහැදිලි නැති හිස් කඩදාසියක් වගේ ජීවිතය නම් ගොඩ නැගීම සමග පැමිනෙනේ නැති අර්ථ බොහොමයක් ඒ ඔස්සේ නිර්මාණය කරගන්නට මිනිස් වර්ගයාට හැකි වෙලා තිබෙනවා. දහම ඔස්සේ ඔවුන් උත්සාහ කරලා තිබෙනවා මේ හරිම වේදනාකාරී අඩුව පුරවා ගන්නට. හැබැයි ඒ අඩුව පුරවා ගැනීමේ ක්‍රම වේදය ඔස්සේ ඔවුනට පුලුවන් වෙලා තිබෙනවා හැම සංස්කෘතියකම පදනම වන්නට.හැබැයි ඒ සංස්කෘතීන් වෙතින් එහි ඇති කිසියම් හෝ දහමක් මුලුමනින් ගලවා දමන්නට කවදාවත් මිනිස් වර්ගයාට හැකි වෙන එකක් නැහැ. ඒත් මේ බොහොම දහම් වල පදනම දිවෙන්නේ පෙර කී ආකරයේ සංස්කෘතික අවශ්‍යතා සපුරලන ආකාරයට නොවීම පැහැදිලිව දකින්නට පුලුවන්. දහම වැඩෙන්නේ නැති වුනාට සංස්කෘතියට වැඩෙන්නට සිදුවෙනවා. උදාහරනයකට බලන්න බිහිවේලා තිබෙන අනාගතය ගැන වන සිනමා නිර්මාන ගැන. නිර්මාණාත්මක පොත්පත් දිහා. ඒවා තුල මහත් පාලු බවක් ජීවයෙන් තොරබවක් බොහෝ අයට දැනෙන බවට අදහස් පලවනවා. ඔවුන් බොහෝ විට කියනවා හරීම කෘතීම බවක් දැනෙන බවක් ඒ නිර්මාණ තුල. මම හිතනවා දැන් ඔබට ගැටලුව පැහැදිලියි කියලා. එක විදිහකට බුදු දහම වෙනස් මගක් ගන්නේත් මෙතැනදීයි. ලොවපුරා තියෙන බොහෝ දහම් වඩාත් වාර්ථක මිනිස් ගොඩනැගීමකට සහය වනවා වන කොට බුදු දහම එම ගොඩ නැගීම නැවත විමසන්නට ආරාධනා කරනවා. තත්වය වඩාත් සංකීර්න කරමින් එය සමස්ථ ලෝකයේම පදනම වන “මම” නැවත විමසන්නට හා විමසමින් ආපසු ගමනක් යන්නට ආරාධනා කරනවා. සමහර විටක දහමක් කියන්නේ කුමක්ද වැනි මූලික අර්ථ දැක්වීම් වලින් වෙනස්ව බුදු දහම අර්ථ දක්වන්නට සමහරුන් උත්සාහ කර ඇත්තේ මේ නිසා වන්නට ඇති. සංකීර්නව විමසනකොට තේරෙන කාරනයක් තමයි ලෝක ආධිපත්‍ය සංස්කෘතිය වඩාත් විසිරීම බහුලකරවන අන්තර්ජාලය වැනි භාවිතාවන් එක්ක තත්වය වඩාත් ව්‍යාකූල වන බව.” හැකි පමනින් තත්වය විග්‍රහකර දෙන්නට මම උත්සාහ කලෙමි. සිතුවමක, හඬ පැබැදුමක් සමග මෙන්ම බුද්ධිමය කාරනයක් සමගද හොරාවක් දෙකක් උවත් සමවැදී සිටින්නට ඇය සමතියකි.

originalrrrr

    මිනිස් සුසංයෝගයන් යනු සරලව හැමවිටම ගත නොහැකි වනවා විය යුතුය. සමාන මිනිස් රසායනයන් එකිනෙකා හමුවිම විශ්වයේ සිදුවිය හැකි තවත් අපූරු අත්දැකීමකි. හැදෑරීම් ප්‍රිය එවන් දෙදෙනෙකු, නෙත්මානයට විහිදෙන නිදහස් පරිසරයක් පසුබිම්ව, අනන්තය තෙක් විසිරෙන්නට අවකාශ ඇති විෂයන් ගොනුවක සමග දෙබසකට පිවිසීම ආරම්භයේ විශ්වයේ සිදුවුනා යැයි විස්වාස කරනා Big Bang තරම්ම තීරනාත්මක විය හැක.සමහර විටක එය ඔවුනගේ ලෝකයේ තීරනත්මක සිදුවීමකට සීමා නොවී සමස්ථ මිනිස් වර්ගයා වෙතටම දැනෙන යමක් වීමේ මහත් බලයක් සහිත වනවාද විය හැක. වරක් අප අධ්‍යාන ආයතනයක විවෘත දේශනයක් සදහා පැමිනි විද්වතෙකු පැහැදිලි කල “හදිස්සියේම මනසේ කවරදාවත් නොගිය දෙසකට වැදුනු විදුලි පහන් ආලෝක ධාරාවක්” ලෙසට ලෙසට හැගෙන්නටද හැකිය. ප්‍රථමවතාවට ආශ්‍රමය වෙතට ගොස් පැමින කල සටහන් පෙලෙහි වූ සටහනක් දැන් වඩාත් පැහැදිලිය. “ඔබට මෙහි වන බොහෝ අපූරු දෑ පැහැදිලි කල හැක. ඇත්තෙන්ම මම කවුද යන්න හැර අන් බොහෝ දේ පැහැදිලි කල හැක” යන්න එයය. – පිටත අවකාශය පැහැදිලි වීම අභ්‍යන්තර අවකාශය තවත් දුරටත් වලංගු නොවීම ආරම්භ වීමය- ලොකු ස්වමීන් වහන්සේ මද සිනාවක් සමග ජීවිතය මත තැබූ අවසානයක් නොමැතිව දිග හැරෙමින් ඇති තවත් සටහනකි එය.
“ඔබට මා සමග දෙබසකට වඩා ඔබත් සමගම බොහෝ දෙබස් තිබෙනවා වගෙයි” නැවත වතාවක් ඇයට මා අවදිකරවා ගන්නට සිදුවාය. ” මම හිතන්නේ ආශ්‍රමයේ සිදු වන්නේ කුමක්ද යන්න දැන් ඔබට වඩාත් වැටහෙනවා විය යුතුයි. භාෂාවට ඔබ්බෙන් වන යමක් භාෂාව ඔස්සේ විමසන්නට සිදුවීමේ අමිහිරි අත්දැකීම වෙතට අපි පිවිසෙමින් ඇති බව මට වැටහෙනවා. මම හිතන්නේ ඔබටත්…” දහම ගැන වන බොහෝ දෑ සාකච්චාවට වඩා වැදගත් වන්නේ තමන් තුලින්ම පැමිනීමට ඉඩ හැරීමය. එහි සැබවින්ම පිටපත් නැත. නමුත් බොහෝ දෙනා සොයන්නේම පිටපත්ය. ගැටලුව වඩාත් සංකීර්න වන්නට පටන් ගන්නේ එතැනින් වුවත් භාහිර පිටපතකින් තොරව ඔවුනට තමන් කියාවා ගන්නට බැරිය.වඩාත් අවාසනාවන්ත ලෙසට ඔවුන් දහම තුලද අනුන්ගේ අත්දැකීම් සොයයි. ක්‍රමයෙන් කිසි දිනක තමන්ව සොයා ගන්නට බැරිවන ලෙසට තමන්වම ම මංමුලා කර ගනී.

sun

  මනසේ තීව්‍රතම අවකාශය අපුර්වතම මිනිස් අත්දැකීමකි. සමහර විට එය මිනිස් අවකාශයේ නිර්මානය වන අපූර්වතම අත්දැකීම විය හැක. “සහෞර්දයන් දෙදෙනෙකුගේ දෙබස් අතර හඬ නොනැගෙන, වර නොනැගෙන වචන අදහස් මෙන්ම මේ කිසිවකට අයත් නැතිදෑ බොහෝය. එහෙත් ඒවා අපතේ නොයයි. දෙදෙනාම ඒවා මනාව තේරුම් ගැනීම සහෞර්ද බව යැයි කියනු ලැබේ”. අවසන් වර ආශ්‍රම සංස්චාරය ස්ථීර බවට පැවසූ දා සැදෑවේ ඇය යොමු කර තිබූ ඉලෙක්ට්‍රොනික කෙටි පනිවිඬයක් එලෙස විය. “එතකොට ඔබ යෝජනා කරන්නේ විෂය පථයකින් තොරව සටහන් ඉදිරියට යායුතු බවද? එතකොට අපි ඉදිරියට පැමිනෙන්නේ අනන්ත අවකාශයක්. අපට හැකිවේවිද මේ බුද්ධිතලය හොදින් කලමනාකරනය කරමින් අලුත් මතවාදයක් නිර්මාණය කරන්නට. මම කියන්නේ.. මිනිස්සුන්ට වඩාත් ශක්‍යතාවයක් තියෙන නව අර්ථ යෝජනා කරන්නට”. මනාව සුසරවූ මනස දෑ ග්‍රහනය කර ගන්නේ මෙන්ම විග්‍රහ කෙරෙන්නේ විදුලි වේගයනි. වසර සිය ගනනක් මිනිස් වර්ගයාගේ කායික මානසික ශක්තිය අපමනක් ඔස්සේ පිවිසෙන්නට බැරිවූ බුද්ධි අවකාශ ක්ශනයෙන් විවර වන්නේ මෙතක් කල් නිසි අවධානයකින් තොරව මුත් සිතුවිල්ලක දුරින් තිබු බව පසක් කරමිනි. ” මම හිතනවා.. කොහොමත් අපිට ඒ ඔස්සේ ආර්ථික අරමුනු නොමැති වීම විශාල ශක්ති ප්‍රමානයක් ඉතිරිකර දෙන නිසාම…”
දිගු පා-මාවත සම්පූර්න වටයක්ම අප අවසන් කරමින් සිටී. කෙමෙන් මැකෙමින් ඇති හිරු මඬල අවසන් කෙදි දහර තුරු ගොමු මුදුනතෙහි දැවටෙන්නේ සිත් ප්‍රබෝධමත් කරන රු රටා මවමිනි. පසක වූ අසුනකට ආරාධනා කල මම ඔබ්බෙන් වූ කුඩා අවන්හලෙන් බීමට මද උනුසුම් යමක් ගෙනෙන්නට ඒ වෙතට ගොඩ උනෙමි. එහි වන සේවක මහතුන්ගේ ප්‍රබෝධමත් බව දවසේ වෙහෙසින් අඩපනකර දමන්නට නොහැකී ඇතුවා සේය. ප්‍රබෝධමත් සිනාවේ සිට ක්‍රියාකාරීත්වය දක්වා එය තවමත් සංක්‍රීයව ‍රැදී තිබීම පැමිනෙන්නන් වෙතටද මහත් සහනයකි. වරක් ඇයද මේ බව පැවසුවා මතකය.”ඔබ දන්නවාද මම මේ නගරයට වඩාත් කැමති මෙහි මිනිසුන් බොහෝ ප්‍රදේශවලට වලට වඩා ප්‍රබෝධයෙන් හැසිරෙන නිසා. සමහර වෙලාවට ඔවුන් ඉවර නොවන ශක්ති ගබඩා වාගෙයි කටයුතු කරන්නේ. මේ වාගේ මිනිසුන් හට සේවය කරන්නට ලැබීමත් මහත් ප්‍රබෝධයක්”