aaaaaaaaaa

    දුරස්ථ දේශකයෙකු ලෙසින් ඇරබෙන කෙටි කාලපරිච්ඡේදයේ ආරම්භක දිනය සාර්ථක එකක විය. උදෑසනම ඇයගෙන් සුබපැතීමේ කෙටි පනිවිඩයක්ද ජංගම දුරකථනයට බැරව තිබිනි. එකි නෙකා අතර පරතරය සැතපුම් දහස් ගනනක් වුවද ත්‍රිමනීයව හමුවන්නට අවශ්‍ය තාක්ශනය පහසුවෙන් යොදා ගන්නට හැකිව පැමින තිබීම මහත් පහසුවකි. හුදු ඡායා ලෙසට නොව වඩාත් සවිස්තර ආකාරයට පැමිනෙන එම ප්‍රක්ශේපනයන් එකිනෙකාගේ හැගීම් ආවේගයන් හඳුනා ගත හැකි තරමට පැහැදිලිව තිබිනි. දෙපැයක දේශනයන් දෙකක් එකි නෙකින් සැතපුම් දහස් ගනනක් දුරස්ථ ආයතනයන් දෙකක් සමගම සැලසුම්ව තිබුනු අතර එම ආයතනයන් දෙක වෙතින්ම පත්කර තිබූ භාහිර අධීක්ෂන ආයතනයන් දෙකෙන්ම සාර්ථක බව අගයන සහතික දෙපැයක් ඇතුලත පැමිනීම වඩාත් සැහැල්ලුවක් ඇති කරවන්නට විය. ” කලකට පසුව සුපුරුදු මහත්සේ ප්‍රියකරන ප්‍රදේශයක සැදෑ සක්මනකට අවස්තාව ලැබුනා වැනි සතුටක් දැනෙනවා” අවසානයේ ලද හැහැල්ලුව දුරකථන ඇමතුමක් සමගින් ඇය සමග බෙදා ගන්නට අවශ්‍ය විය.
සැදෑවේ අපගේ හමුව සුපුරුදු අවන්හලේදී යොදාගෙන තිබිනි. “ඔබ හොදටෝම නිහඬ වෙලා, මට වෙලාවකට ඒක මහත් අපහසුවක්!” ඇය සුහද චෝදනාවක් එල්ල කලාය. “අපි කාගෙත් ජීවිත රචනාවල හිස් පි‍ටු කලා තුරකින් හෝ තිබීම සාමාන්‍ය දෙයක්. ඒත් මට දැනෙනවා මම පසුකරමින් ඉන්නේ වඩාත් නිහඬ ජීවන ප්‍රදේශයක් බව. සමහර වෙලාවට ආශ්‍රමය, යාබද ගම්මානයේ හරයන්ගේ වඩාත් ගැබුරු අර්ථ පැහැදෙලි වෙමින් තිබෙනවා වැනි යමක් මට දැනෙනවා.ඇත්තෙන්ම මට මහත් සතුටක් සැහැල්ලුවක් දැනවා. හැබැයි ඒක මහත් පහන් හැගීමක්. මේ අපූරු මානසික අවකාශය ඔබත් සමග බෙදා ගන්නටත්, ඉන් පසුව ඒක වඩාත් කල්පනාවෙන් අකුරු කරන්නටත් අපි පටන් ගමු”. ඇයව වඩාත් ගැබුරු අවධානයන් යුත් පෙදෙසකට කැදවාගෙන යන්නට අවශ්‍යය. “අපට ස්පර්ශකල හැකි උපරිම අර්තය අකුරු කරන්නට මට අවශ්‍ය වෙලා තිබෙනවා. අපේ අවසාන සටහන සදහා තබන උප සවිස්තර මාතෘකව -අප ජීවිත සංචාරයේ උපරි සංෂිප්තය- ලෙසට නම් කරන්නට මම යෝජනා කරනවා”. ඇය සියල්ලට සවන් දෙන්නේ ධ්‍යානයකට සම වැදුනා ලෙසටය. “ඔබ දන්නවද, මට සමහර වෙලාවට මහත් බයකුත් දැනෙනවා. කාලය විසින් මේ අර්ථ වඩාත් පැහැදිලි වෙනකොට කියන්න වෙන්නේ මහත් සරල කෙටි අදහසක් පමනක් වේවි කියලා. මම කියන්නේ – ඒක මහ හිස් කඩදාසියක් විතරයි- වගේ යමක්. ජීවිතය නිර්මාණය කර ගෙන තිබෙන සංස්කෘතික අර්ථ එකින් ව්ක වේගයෙන් බල විරහිත වෙමින් යාම එක අර්ථයකින් මහත් සැහැල්ලුවක් සහනයක් වෙනවා සේම තවත් අර්ථයකින් මහත් හුදකලා වීමක්. මම දන්නවා ඔබ එක පාරටම යෝජනා කරාවි එසේ කීම මානසික බිඳ වැටීමක ලක්ෂනයක් කියලා. මට තේරෙන විදිහට ජීවිතයේ විවිධ අවස්ථාවලදී පැමිනෙන එකම අර්ථ දැක්වීම් පි‍ටුපසින් තියෙන්නේ විවිධ මානසික තලයන්.මට මතක් වෙනවා මෑතකදී මම නැරබූ වේදිකා නාටයයක පැමිනි දෙබසක්.”මේක මහත් දිග සිහිනයක් පමනී.අතර මැදදී අවධි උනොත් ඔබ තරගයෙන් ඉවත්කරනවා ඇත කියලා” බුදු දහම ගැන ඔබට අවබෝධයක් ඇති නිසාම මගේ අදහස හුදු පිස්සුවක් ලෙසට ඔබට නොවැටහෙතැයි මම සිතනවා”. සමහර වෙලාවට ඇය අර්ථ ග්‍රහනය කරගන්නේ විඳුලි වේගයෙනි. ඇය අපූර්ව සහකාරියකි.

itlk

    “මිනිස් වර්ගයාගේ අකුරු හැකියාව තිරයක් මත චලනය වන දෑතේ මහපට ඇගිලි වල චලනයන් බවට පමනක් ඌනනය වෙමින් ඇත” දිනක් විෂය තුලට වන දේශනයක් ද ඊලග දිනයේදී විෂයෙන් ප්‍රායෝගිල ලෝකය දෙසට වන ආකාරයට දේශන පෙල සැකසී තිබුනි. දෙවන දිනයේ මාතෘකාව එලෙසට යෙදී තිබිනි. වේගයෙන් භාවිතයට පැමිනෙමින් ඇති ජංගම උපාංග සමග වන වර්චුවල් යතුරු පුවරුව මෙහෙය වන වඩාත් පහසුම අකාරය නිසාම එම භාවිතය බහුල වෙමින් ඇති බවට වන නිරීක්ශනය මතම මා එම මාතෘකාව ‍තෝරා ගන්නට තීර්නය කලෙමි. වර්චුල් ඇසිස්ටන්ට් වල පැමිනිම වඩාත් සංකීර්නව හා දෛනික ජීවිතයේ සියලුම පාහේ භාවිතාවන්ට වඩාත් නම්‍යව සිදුව තිබුනද මිනිස්වර්ගයාගේ අකුරු කිරීමේ හැකියාව තවමත් ප්‍රධානව තිබීම සමහර විද්වතුන්ගේ පුදුමයත් තවත් සමහරක්ගේ සතුටටත් කාරනයක්ව තිබිනි. තම ගල්ගුහාවක බිත්තිය මත රලු ගල් කැටයකින් ඇදෙන රලු ඉරි කැබලි කිහිපයකින් ඇරබෙන දිගු කථාන්දර අනාගතයේදී යලිත් ඔහුගේ පැරනිතම හා සමීපතම සංනිවේදන හැකියා වෙතට ඌනනය වීම අනිවර්ය බව පැහැදිලි කරමින් එම දේශන දෙකම අවසන් කරන්නට කටයුතු කලෙමි. පසු දේශන ගැටලු විමසීම් ඔස්සේ සිදුවෙමින් ඇති මෙම පරිවර්ථනය පිලිබදව ගැටලු කිහිපයක් නැගුනද වසර කිහිපයකට පෙරදී මෙන් දැඩි විරෝධී ස්වභාවයේ ඒවා නොවීම පැහැදිලිව දැකිය හැකි විය. අවසානයේ පරිනාම අවශ්‍යතාවය සමග එකග වන්නට මිනිස් වර්ගයාට සිදුවීම අතීතයේ සිටම අදටද වලංගුව පවතින බව පැහැදිලිය. තවමත් පැහැදිලි නොවුනද ඉදිරි දශක කිහිපය පසුකරමින් ඉදිරියට යන මිනිසාට තම සිතුවිලි නැතිනම් මිනිස් මනසින් නිකුත්වන තරංග ඔස්සේ එකිනෙකා සමග සංනිවේදනය සාමාන්‍ය වනු ඇති බව ඉතා පැහැදිලිය. වේගයෙන් කුඩා වෙමින් යන දත්ත උපාංග තව තවත් කුඩා වන්නට වන එක් බාදාවක් වෙමින් ඇති INPUT-OUTPUT හැකියාවන් ගේ ගැටලුව ඉන් විසදෙනු ඇත. “එක් දෙසකින් වේගයෙන් වැඩෙමින් ඇති ශිස්ථාචාර අසහනය මිනිස් වර්ගයා පෘතුවිය මතින් අතුගා දමන්නට තරම් දරුනු නොවීමේ කොන්දේසිය මත මෙම ඉලක්ක වෙතට ඔවුන් පැමිනීම කිසිවෙකුට වැලක්විය නොහැක”. දවසේ දේශන අවසානයේ සාමන්‍යයෙන් සිදුවන ‍ටුවිටර් සටහන එලෙස තබන්නට කටයුතු කලේ බොහෝ සිසු සිසුවියන් කියවන එම පනිවිඬය ඔස්සේ යම් අවදිකීරීමකට වන අවස්තාව වඩා ඵලදායීව කිරීම යුතුකමක්ම වන බැවිනි.

itlk1111

          ක්‍රමයෙන් මුත් අහබු ලෙසට  පැමිනි ශීත බව අපගේ සිත් හෑදෑරුම් සටහන වෙතට වඩාත් ඇද බැද තබන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දුන්නාය. සමහර දිනවල පෙර සටහන වෙතට පි‍ටු විස්සක් පමන එක්කරන්නට අපට හැකිවිය. අපගේ පොඳු ඉලක්කය වෙතට වන නාභිගත බව වැඩි වෙත්ම සටහන් පෙල වඩාත් පෝශනයෙන් පිරුන එකක් බවට පත්වෙමින් තිබෙන බව පැහැදිලි වන්නට විය. ඇය තම අධ්‍යාපනය සම්බන්දව කටයුතු කරන ප්‍රධාන පෙලේ හැදෑරුම් ආයතනයක ආචාර්යවරයෙක් එම සටහන් නැවත කියවමින් නිවැරදිකර දෙන්නට කැමැත්තෙන් ඉදිරිපත්වීම මහත් පහසුවක් විය. ආශ්‍රමයට ඔබ්බෙන් වන ගම්මානය එම සටහනේ ප්‍රස්තූතය විය. ඒ ඇසුරින් මිනිස් වර්ගයාගේ කථාන්දරයේ සමහර හැරවුම්, තීරනාත්මක  ස්ථානයන් පිලිබදව අප නැවත නිර්වචන ගෙනෙන්නට කටයුතු කෙරෙවෙමු. “හෙට දවස වඩාත් අර්ථවත් කරගනට නම් මිනිස් කථාන්දරය වඩාත් ඵලදායී ලෙසට නැවත අර්ථදක්වා ගන්නට සිදුව තිබේ”  සටහනෙහි ප්‍රධාන පෙලට යටින් නිරන්තරයෙන් කෙලින්ම මෙන්ම ව්‍යංගාර්ථයෙන් නැවත නැවතත් යෝජනා කරන්නට අපට අවශ්‍ය විය. ශීත බව ඉඩ දෙන තරමට වඩාත් පැහැදිලි දවස් වල කඳු මුදුනතටද , ඊලග දවස් වල නගරයේ උද්‍යානයටද, අපහසුම දිනවල සුපුරුදු අවන්හල වෙතටද යමින් නොකඩවා කටයුත්ත ඉදිරියට ගෙනයන්නට අප කටයුතු කරමින් සිටියෙමු.
නගරයේ අවන්හල් හිමිකරු අප වෙතට වඩාත් සහය සදහා ඉදිරිපත් විය. සතිඅන්තයන් වලදී අප දවස පුරා කටයුතු කරන විට දහවල් ආහාරය උද්‍යානය වෙතට එවන්නට, අපගේ ඇනවුම් කෙසේ වෙතත් අප ප්‍රියකරන ආහාරයන් එක්කරන්න ටත් ඔහුට අවශ්‍ය විය. විවේකයක් ලැබුනු විගස අප සමග කථාබහකරන්නට ඔහු කාර්යාලයෙන් පිටතට පැමිනීම සිදුවිය. මීලග නිවාඩුවට ඔහු ආශ්‍රමය වෙතට යන්නට සැලසුම් කරන්නට පටන් ගෙන තිබිනි. දුරස්ථ දේශන මාලාව නිසා විය පැහැදැම් ගැටලුවක් නොවිනි. සාර්ථක දේශනමාලාවක් සදහා නිරන්තරයෙන් නව දැනුම යාවත්කාලීන කරගන්නට සෑම දිනකම උදෑසන හෝරා තුන හතරක් වැය කරන්නට අවශ්‍ය විය. සහභාගී වන්නන්ගේ ධනාත්මක ප්‍රථිචාර ඒ සදහා මහත් උත්තේජකයක් විය. සමහර සිසු සිසුවියන් ඊමේල්, ‍ටුවිටර්, සමාජ ජාලා ඔස්සේ වැඩි දුරටත් සම්බන්ද වෙමින් වැඩි දුර තොරතුරු විමසන්නට මෙන්ම අපගේ හැදෑරීම්  සටහන් කටයුත්ත තොරතුරු ලබා දෙන්නට පවා ඉදිරිපත්වීම  මහත් සතුටක් විය.

itlk.us1111

     එය මද සීතැති සැදෑවක් විය. කඳු මුදුනත වෙත අප පැමිනියෙමු. නොකඩවා ගලා ගිය දෙසතියකට ආසන්න සටහන් කරනයට මද විරාමයක් දී කඳු මුදුනත දිවෙන පා මාවත ඔස්සේ ඇවිඳිමින් මද සැහැල්ලුවක් ලබන්නට අප තර එකගතාවයක් පැමින තිබිනි. පලමු හෝරාව පුරාවටම අපගේ ප්‍රධාන මාතෘකාව මග හැර සිටින්නට අපට හැකි විනි.  “එතකොට ඇයි දැන් ශාස්තෲවරුන් බිහි නොවන්නේ”. සටහනේ එලබෙන මාතෘකාව පිලිබදව දෙබසකට ඇයට වන අවශ්‍යතාවය තව දුරටත් මග හැර සිටින්නට නොහැකිව ඇතුවා සේය. “මම හිතන්නේ වර්ථමානය වන විට මිනිස් වර්ගයාට තම මනස හා කය පිලිබදව වන ගැටලුව පිලිබදව අවධානය තමන් අවට වන පරිසරය වෙතට වැඩි යෙන් යොමුවෙලා ඉවරයි. ඔවුන් තව දුරටත් තමන්ගේ අභියෝග හා ඉලක්ක ජය ගන්නට තමන්ගේ පරිසරය වැඩි වැඩි යෙන් භාවිතාකරමින් සිටිනවා. අනික අද වන විට ඔවුන් අසරන වීම තම තම සමාජයන් ඇසුරෙන් ගොඩ නගා ගන්නා විසදුම් සමග අවම කරගන්නට සමත් වෙලා තියෙනවා වගේම තව තවත් එසේ කරගන්නට කටයුතු කරමින් සිටිනවා. තව දුරටත් ඔවුන්ට ඉහල අහසේ වලාකුලු ඉරා ගෙන එන , මිහිකත දෙබෑ කරමින් එන තමන්ට වඩා අපමන ශක්තියක් තියෙන සංකල්ප අවශ්‍ය වන්නේ නැහැ. අනික සාමාන්‍යයෙන් ඔවුන්ගේ විමසුම් හැකියාවත් ඉහල මට්ටමක පවතිනවා. මම හිතන්නේ මේ හැම කාරනයක්ම එකතුවෙලා ඔවුන් තවදුරටත් එවැනි බලාපොරොත්තු තබන්නේ නැති ජීවිත අවකාශයක් නිර්මානය කරගෙන තිබෙනවා”.  වරක් ටිබෙටියානු මිතුරා යාබද  ගම්මුන් පිලිබදව පැහැදිලි කිරීමක් මතකයට නැගේ. “ඔවුන් අහසට ගරුකරනවා. අනන්ත අපමන තරුකැට සාගරය බාවනා නිමිත්තක් වගේ භාවිතාකරනවා. හැබැයි ඔවුන් කිසිවක් බලාපොරොත්තු වෙමින් සිටින්නේ නැහැ. සරලව කිව්වොත් ඒ වෙතට බලයක් ආරෝපනය කරන්නට උත්සාහ කරන්නේ නැහැ. එක් අතකින් ඔවුන් ඒ වෙතට දක්වන්නේ “පසුකල ආදරනීය ලබැඳියාවකට වන සුහඳ බවක්” වගේ දෙයක්”. ඇය තම පියවර වේගය අඩුකරමින් මා ගත් නිහැඩියාවේ අරුත විමසන්නාසේ  විය. “ඇත්තටම ඔවුන් ත්ම ගැටලු සදහා තම පරිසරය, ඔවුන්ගේ කායික මානසික හැකියාවන්  ගැන විස්වාසය තබනවා විනා ඇදිහිලි විස්වාශ පද්ධති වෙතට එතරම් නැබුරුවක් නැහැ. මම හිතන්නේ ඔවුන්ට තම ශක්ති හැකියාවන් විමසා ගන්නට තවදුරටත් කැඩපත් අවශ්‍යව නැතුවා වෙන්නට පුලුවන්.”

itlk1111

ජීවිතයේ හමුවූ වඩාත්ම අපූරු දවස් ගොනුව වේගයෙන් ගෙවී යමින් තිබිනි. සාර්ථක දේශන මාලාව වෘතීය තෘප්තිකර බව මනා ලෙසට ගෙනෙමින් තිබිනි. සමහර දිනවලදී මධ්‍යම රාත්‍රිය වන තෙක් අපගේ සටහ් පෙල සමග කටයුතු කරන අතර ඉන්පසුව තොරතුරු ලෝකයේ නවතම් හැසිරීම්, හැරවුම් පිලිබදව හදාරන්නට අවශය විය. විටක ඉඅ කටයුතු අවසන් වන විට ඉලග දිනය උදාව තිබිනි. ඉතා සුලු විවේක ගැනීමකින් අනතුරුව දේශන කටයුතු ඇරබුවද වෙහෙසකර බව නොදැනෙන්නාක් තරම් විය. ප්‍රබෝධය සියල්ලට ඉහලින් ජීවිතය වෙතටට දැනෙමින් තිබිනි.
මිනිස් වර්ගයා අත නොගැසිය යුතුම විෂය අවකාශයක් වෙතට අප පිවිසෙමින් සිටියෙමු. “ශාස්තෲවරුන්” එම මාතෘකාව විය. පෘතුවිය මත ගොඩ නැගෙන මිනිස් ශිස්ථාචාරයේ ප්‍රදාන හැරවුම් ඔවුන් විසින් ගෙනෙන ලදී. ඒ නිසාමදෝ මිනිස් අධ්‍යාත්මයේ ඉහලම තලයේ වඩාත් සුපැහැදිලිව එම අනන්‍යතාවයන් සටහන්ව තිබිනි. ලොව පුරා සිදුවූ බොහෝ මිනිස් අර්බුදවලට මෙම අනනයතා නිරන්තරයෙන් පාදකවූවා පමනක් නොව හෙට දිනයේදීද එසේම වන බවට කිසිදු සැකයක් නැති තරම් විය. “ඔවූහු කොහෝ සිට හෝ පැමිනෙන්නෝද>? නැතිනම් මිනිස් සමාජ අවකාශයන්ගෙන්ම ඉහලට ගොඩ නැගෙන්නෝද? ” අදී නෙක ආකාර ගත් විමසීන් අප වෙතට සටහන් කරන්නට අවශ්‍යව තිබිනි. ලොවපුරා විවිධ හැදෑරුම් ආයතනවල සිටින මිතුරන් හරහා වඩාත් නවතම තොරතුරු ‍රැස්කරන්නට අප කටයුතු කරමින් සිටියෙමු.
ලෝකයේ වන සංවේධීම අවකාශයක් අප පසුකරමින් සිටියෙමු. මිනිස් වර්ගයාගෙන් වැඩියෙන්ම රුධිරය ගලා යන්නට හේතුවූ මාතෘකාවක වූ නිසාම බොහෝ හදාරන්නන් එම විෂය වෙතට පැමිනියේම භක්තිය මූලිකව විනා මධ්‍යස්ථව නොවී තිබිනි. මිනිස් ජීවියාගේ මුල් ස්වභාවයෙන්ම හිමි පෘතුවි සිරකරු බවෙන් මිදෙන්නට ඔවුනට වන ආශාව කැමැත්ත හා උවමනාව සියලු ඉගැන්වීම් වල කැපී පෙනෙන බව අපගේ එක් ස්ථාවරයක් විය. “ඔවුනට අවශ්‍ය වනවා වලාකුලු ඉක්මවමින් අනන්තයට පියාබා යන්නට”. “ඔවුනට අවශ්‍ය වනවා තම ජීවිතය පාලනය කරන භෞතික, සමාජීය කාරනාවලින් ඔබ්බෙන් වන අවකාශයක් නිර්මානය කර ගන්න”. තවත් විටකදී “ඔවුනට අවශ්‍ය වනවා තමන් තම මුල් ප්‍රාථමික ස්වභාවයෙන් පැමිනෙන ගුනාංග වඩාත් අර්ථවත් ඒවා වෙතට නංවා ගන්නට අවශ්‍ය සහයක්”.