itlk1111         තත්වය උනුසුම් නොවන ලෙසට පවතවාගෙන යාමේ වගකීම කිසිවිටක අත් නොහරින්නට අප දෙදෙන හැම විටම වග බලා ගතිමු. “සමහර සංකල්ප භාවිතාවන්” මිනිස් වර්ගයා අත්පත්කර ගෙන ඇති අනෙකුත් විෂයන් හා සසදත්දී කොතරම් සරල ඒවා වුවද ඒවා විසින් දෛනික මිනිස් ජීවිත වෙතට කරමින් සිටිනා කාර්යභාරය මහත් විය. ඒවා මිනිස් සංස්කෘතික ගොඩ නැගීම් තුල තීරනාර්ත්මක සාධකව පැවතිම නොසලකා හැරීම සමහර විටක ජීවිත පිලිබදව ගැටලුවක් තරම් සංකීර්න විය හැකි බවට ඔනෑ තරම් උදාහරන විය. “ඇත්තම තත්වය තමයි මිනිසුන්ට බැහැ පරම දහම මත ජීවත් වන්නට. ඔවුනට සිදුවෙනවා දහම ඇසුරෙන් හදාගත් උප සංස්කෘතියක් නිර්මාණය කර ගන්නට. වඩාත් අපූරුතම කාරනය තමයි එයද වටපිටාවේ වන ඒ කියන්නේ තම මව් සංස්කෘතියේ අනෙකුත් විෂයන්ගේ වන චලනයන් සමග නොවීම බොහෝ ගැටලු ඇති කරවන සුලු බව. බලන්න සමහර ආගම් රටා දිහා. දන්නවද? වඩාත්ම තීරනාත්මකයි ඈත අතීතයේ කඳුසිකර මහ මුහුද වගේ ස්වබාවික බදක විසින් පාලනය කරමින් සිටි ඔවුන්ගේ අනනයතාවයන් නොසලකන වුන් පාලනය සදහා, මම කියන්නේ  මේ දහම් රටාවන් මේ විදිහට නොපිලි පදින්නම් පාලනයට ගෙනැවිත් තිබූ දහම් අන පනත් වර්ථමානයේ වන දියුනු ලොකයේ තවත් ජාතීන් දක්වා එරෙහිව යෝදා ගන්නට පටන් ගැනීම “. එම අදහස යෝජනා කල ජර්මානු ජාතික මහාචාර්යවරයා තම ජීවිතකාලයෙන් අඩකටත් වඩ සම්පූර්නයෙන් වැයකර තිබුනේ මිනිස් කථාන්දරයේ ඈතම භාගයේ සිට අද දක්වා වන ආගම් සංස්කෘතීන් පිලිබදව වන නෙක මූලාශ්‍ර හැදෑරීම සදහාය. ඔහුගේ සමහර නිර්වචන දරුනු ප්‍රතික්ශේපකිරීම් වලට ලක්ව තිබිනි. ” මේකයි… බොහෝ ආගම් දහම් කියන්නේ අපි හිතන අධයාත්මය සුපැහැදිලි කරන වඩාත් ඉහල මානසික මට්ටම් වලට අප ගෙන යන උපදෙස් මාලාවන් පමනක්ම නොවෙයි. ඒවා විසින් එම සංස්කෘතීන් වල නෙක අවශයතාවයන්ද සපුරලමින් ඉන්නවා. සමහර වෙලාවට එම දහමේ මුල් භාගයේ කියවෙන වටිනාකම් පවා නොසලකන තරමට. මේක සංකීර්න තත්වයක්. බොහෝ හදාරන්නන් මේ හා සමාන ස්ථරවලට තම හැදෑරීම ගෙන ඒමෙන් අනතුරුව විශය තුල අතුරුදහන් වන බවක් පෙන්වනවා. සමහර වෙලාවට ඒක ඔවුන් තුලින්ම එන දරාගත නොහැකි බවක් වෙන්නට පුලුවනි. තමන්ගේම අධයාත්මික පදනම දෙදරීම ඔවුනට දරා ගන්නට බැරිවෙනවා වෙන්නට පුලුවන්. තවත් සමහර විටක  බාහිරින් එන තර්ජන වෙන්නට පුලුවන්”. ඔහු ගැන වන සමස්ථ නිර්වචනයක් ඔහුගේම වචනවලින් පවසන්නේ නම් “ඔවු ඇත්ත මම බොහෝ දුර ඇවිද්දා. ඒත් දැන් මම මගේ තාවකාලික නේවාසිකාගාරයට සිය කැමැත්තෙන් කො‍ටුවෙලා ඉන්නවා. දැන් මට අපහසුයි ඒ අධයාත්මික අනාරක්ශිත බව දරා ගන්නට”