dddett

 එම අවන්හලද අපූරුම තැනකි. සතියේ එක් දිනම් එනම් සිකුරාදාවන්හි සැදෑව එහිදී අසිරිමත් බවක් ගනී. එදිනට එම අවන්හල ආලෝකමත් වනුයේ විදුලි පහන් එලියෙන් නොවන්නේය. විවිධ ආකාර ගත් විසිතුරු ඉටිපන්දම් එලි වලින් එය ඒකාලෝකමත් කෙරේ. බි‍තෝවන් , mozart වැනි පමනක් නොව රවීශන්කර් වැනි විසිතුරු හඬ රටා මැවුම් කරුවන්ගේ නිර්මාන වලින් පැමිනෙන්නන්ගේ දෙසවන් ප්‍රබෝධමත් කරන්නට ඔවුන් කටයුතු කරයි. තවත් දිනකදී නාට්‍ය නිෂ්පාදකයෙකු තවත් විටක චිත්‍රශිල්පියෙකු එසේත් නැතිනම් මූර්ති කරුවෙකු කැදවා පැමින ඇති අමුත්තන් සමග සංවාදයකට එහි ඉඩ සලසයි. පැමිනෙන්නන් එම දිනය හඳුන්වන්නේ මුදල් ඇත්තන්ට වඩා දැනුම ප්‍රියකරන්නන් සදහා එම ආයතනය වෙන් කරන සෑදෑවක් ලෙසටය.
පෙරකී ඇය සමග මා නොවරදවාම එම සැදෑවට සහභාගිවීම පුරුද්දක් කොට ගෙන තිබුනාය. සෑබෑ මිතුරන් පිලිබදව එක්තරා සාහිත්‍ය සටහනකින් මතකයට රිංගා ගෙන තිබූ කියැවුමක් සත්‍ය බව එහිදී මා හොඳින් පසක් කර ගතිමි. ” සැබෑ මිතුරන් හට හෝරා ගනන් දොඩමලු වන්නට හැකිවා සේම හෝරා ගනන් එකිනෙකා නොදොඩමින් උවත් එකට කාලය ගත කරන්නට හැකිය” යන්නය. විටක අඩ අඳුරු ගන්නා මේසයන් වටා අප වාඩි වී සිටියෙමු. හෝරා ගනන් අප දොඩමලුව සිටියෙමු. නෙක විද්‍යාවන් පමනක් නොව සංගීතය , වේදිකා නාට්‍ය, වනි නෙක මාතෘකා අතර දෙබසින් ඔබ මොබ ඇවිද්දෙමු. එනමුත් කිසිදු කායික ලංවීමකට උත්සාහ නොකලෙමු. ඉඳ හිටක මතුවන එවන් හැගීමක් පවා ඉක්මවන සංහිඳියාවකට අප මිත්‍රත්වය පිවිස තිබිනි.   ජීවිතයේ සමහර දෑ තර්කය ඔස්සේ විමසන්නට තැත්කිරීම මහත් විසුලු ස්වරූපයක් කැදවීමක් වෙ. මිනිස් සබඳතා විෂයෙහි මෙම තත්වය වඩාත් සතයයක්ව හමුවේ. මිනිසෙක් තවත් මිනිසෙකුගේ බුද්ධියට ආදරවීම, චතුර බවට ආදරකිරීම , රසවින්දනයට ආදරයවීම වැනි නෙක පැහැ ඒ ආකාරයට තේරුම් ගැනීමට හරිම අපූරුය. සියලු මිනිස් සබඳතා කිසියම් ආකාරයක ලාබදායී ගනුදෙනුවක් ලෙසට ලඝු කරලන්නට අවශ්‍ය වීම පැහැදිලිව තේරුම් නොගත් වෙළඳ පොල කරනය විචාරයකින් තොරව ජීවිතයට වද්දා ගැනීමට උත්සාහකිරීමකි. “සංහිඳියාව අහිමි කර ගැනීම. ජීවිතයෙන් භාගයක් මරනයට පත්කර ගැනීමකි” ටිබෙටියානු මිතුරා ගේ වචන සටහන් නැවත නැවත ජිවිතයට පැමිනීම විසිතුරු අත්දැකීමකි.

එම අධ්‍යන ආයතනය සමග එලබතිබූ වසරක එකගතාවය දීර්ඝ කර නොගැනීමට මට සිදුවිය. ලොව වෙනත් කෙරවලක හැදෑරීම් අවකාශයකට යන්නට සිදුවීම කෙදිනකවත් මා නොවිදි අපහසුවක් වන්නාක් සේ මට දැනිනි. අපහසුවෙන් හෝ සමුගෙන යන්නට සිදුව තිබිනි. “අපූර්ව මිතුදම් වලින් සමුගන්නට වීම වඩාත් වේදනා කාරීය. එය හුදු එකිනෙකා මත යැපීමක් හෝ ලාභයක් මත නොව එකිනෙකාට ගරුකිරීම, ප්‍රියකිරීම වැනි සාධක මත ගොඩ නැගෙන නිසාදෝ වඩාත් සිත්පත්ල ආමත්‍රනය වන අවස්ථාවකි”. එම හැගීම එවකට දින සටහනේහි මාතැබූ එක් ආකාරයක් ලෙසට මතකට නැගේ. ඇයගේ සමරු සටහහක් සදහා ආරාධනාවක් ලැබිනි. එම සටහන කඳුලු වසා ගන්නට ගත් අසීරු සටහනක් විය. “අප සමුගෙන යා යුතුය. වඩාත් නැවුම් නැවත හමුවකට නම් සමුගෙන යා යුතුවම ඇත. එම සිදුවීම ඔබට දැනෙන්නේ වේදනාවක් ලෙසටද වඩාත් විවෘත බලාපොරොත්තුවක් ලෙසටද යන්න ඉහත වන තේරීම මත වනු ඇත”. සුපුරුදු අවන්හලෙහි සිකුරාදාවක සැදෑවක් එම අවසන් හමුවට වෙන් වෙමින් පැමින තිබිනි. ඉන්දියානු විස්මිත ස්වර පබදින්නෙකුවූ රවීශන්කර් සංගීත වේදියානන්ගේ දියනියගේ රසවත් තත් හැඬුම් වලින් එම සැංදෑව රසවත්ව තිබිනි. මධ්‍යම රාත්‍රියට ආසන්න වන තුරු අප එහි ‍රැදී සිටියෙමු. රාත්‍රියේ මාගේ නේවාසිකාගාරයේ දොරකඩ අසලමට ඇයගේ රියෙන් මා අරලවා ලන්නට පැමිනිනි. වසරකට ආසන්න කාලයක් පුරාවට පැවති අපේ මිතුදම සදහා විරාමයක් කරා පැමින තිබුනෙමු. මිතිරන් ලෙසට හමුවූ අප මිතුරන් ලෙසටම සමුගෙන යා හැකිව තිබිනි. “ජීවිතය අපූරු අත්දෑකීමකි.” එදින රාත්‍රියේ එම මිතුදම ගැන සංෂිප්ත සටහන වචන දෙක තුනකට ගොනු කර තැබුවෙමි.

                          “මම හිතුවා ඔබතුමා මේ පැත්තටවත් එන්නට ඇතැයි කියලා. සමාවෙන්න ටිකක් ප්‍රමාදවුනා. මම ආවේ ඔබ තුමාගේ ආගන්තුක කුටියත් ලක ලෑස්තිකරලමයි” ගබඩා භාරකරුගේ හඬින් අතීත මතකයන් ඔස්සේ ඇවිද ගිය සක්මන සිතින් ක්ෂනයෙන් මැකී ගියේය. “අපි යමු කාර්යාලය දිසවට” ඔහුගේ ආරාධනයෙන් නැගිට ගත් මම ඔහු සමග එක් විය. “ලොකු ස්වාමීන් වහන්සේ හැන්දෑවේ හමුවීම හැදෑවට වඩාත් සුදුසු වේවි කියලා හිතුවා,එහෙම හොඳද?” ගබඩාකරුගේ කාරුනික වදන් හැසුරුම සිත්ගන්නා සුලුය. කෙනෙකුට මග හැරියද නිහැකි වන සුලුය. වැදගත්ම කාරනය නම් එම වදන් හැසිරවීම කෘතීම එකක් නොව ඔහුගේ මුල් ස්වභාවයෙන් ගලා එන්නක් ලෙසට දැනීමය.
මෙහි ස්වභාවය එලෙසය. පැමිනෙන ආගන්තුකයෙකුට එක්වරම ආශ්‍රමයේ කුටියකට යාමට අවස්තාව නැත. එය බල කිරීමක් නොව ආරාධනයකි. ගබඩාකරු එඋඅ පැහැදිලි කර දෙන්නේ ආශ්‍රමයේ රිද්මයට සුසර වන්නට අවශ්‍ය කාලය ලෙසටය. ලොකු ස්වමීන් වහන්සේවද වරක් දෙවරක් හමුවීමෙන් අනතුරුව ආශ්‍රමයේ ගැලපෙන කුටියකට ආරාධනාවක් ලැබීම සාමන්‍ය සිරිතය. වරක් මේ ස්වභාවය පැහැදිලි කරන ලෙසට අධ්‍යාන ආයතනයකදී හමුවූ මිතුරෙකු කල ඉල්ලීම මම මෙසේ පැහැදිලි කලෙමි. “ඒක හරියට වෙනම මෙහෙයුම් පද්ධයක් වෙතට පිවිසෙනවා වගේ වැඩක්. ඇයි ඉතින් මෙහෙයුම් පද්ධතිය වෙනස් කරන්නෙ නැතිව ඇප් එකක් වගෙ වුනොත්? තොරතුරු තාක්ශනය පිලිබදව වියත් ඔහු මගෙන් ප්‍රශ්න කොට සිටියාය. බැහැ…. දත්ත ගන්නා ස්වරූපයේ සිට ඒවා සමග කටයුතු කරන ආකාරය දක්වා සියල්ලම වෙනස්.කොටින්ම වෙනස්, සම්පූර්නයෙන්ම වෙනස්”. කෙනෙකුට මෙම වදන් වැල හාස්‍යයයක් ලෙසටද හැගෙන්නට පුලුවන. උපතින් ක්‍රිස්තියානු මහත්මයෙකු වූ ඔහු හට ඔහු වඩාත් ප්‍රිය කරන විෂය ස්වභාවයක් ඔස්සේ එය පැහැදිලි කිරීම වඩාත් පහසු වෙන්නු ඇති බවක් මම සිතුවෙමි.

                    මෙතෙක් කල් මා මිහිමත කල ජීවිත සක්මනේදී අපූරුතම දෑ කිහිපයක් හමුවී ඇත්තේය. තොරතුරු තාක්ශනය ඉන් එකකි. මා ජීවිත වරම් ලැබූ කාල වකවානුවෙහි එහි වැසියන්ගේ ජීවිත වඩාත් ප්‍රමෝදයට පත්කල විෂය එය යැයි මම සිතමි. අනෙක නම් සක්මන් මලුවයි. “මම” තුනී කර ගන්නට පමනක් නොව බුද්ධි අවකාශයෙහි නිදහසේ සරන්නටත්, නිර්මාන අවකාශයෙහි අපූරුදෑ සොයා බලා ගන්නටත් එය මහත් සහයක් ගෙනන සුලුය. බොහෝ විට ආගන්තුක අධ්‍යානයකට පැමිනි විගස නෙවාසිකාගාරය ලත් සැනින් සොයා බලන්නේ ඒ අවට ඇති ඔබ මොබ සක්මනට සුදුසු කුඩා බිම් තීරයකි. දේශනයකට පෙර අවසාන සූදානම ‍රැගෙන එන්නේ ඒ මත කෙරෙන සක්මනක් සමගිනි. ආගන්තුක කුටියට ඉදිරියෙන් වන සුදුවැලි වැතිරූ සක්මන් මලුව සුපුරුදු සූදානමින් සිටින්නාක් වැනිය.
එහි කිසිදු වෙනසක් සිදුවී නැතිය. එහෙත් මහත් නැවුම් බවක් එහි ඇත්තේ කෙලෙසද යන්න ගැටලුවකි. සමහර විටක මෙහි වන අපූර්වත්වය මා සම්පූර්නයෙන් අත්පත් කර නැතුවා වීම එයට හේතුවක් වන්නට ඇත. අවට වන රූස්ස ගස් නම් නතර විටිනවා වැනිය. සක්මන් මලුව දෙපසින් වන කුඩා මලින් පිරි ගොමු නම් අතුපතර ලමින් වැඩී ඇත. කුඩා ගමන් මලුව පසක තබා ගබඩා භාරකාරතුමා විසින් පිලියල කොට තිබූ සයනයෙහි වැතිර ගන්නට සිත්විය. මහත් සුරක්ශිත බවක් සිත්පුරා දැනෙන්නට ගනී. යලිත් “ජීවිතය” නම් බර පොදිය පසක තබා ලන්නට අවස්ථාවක් පැමින ඇත. බොහෝ විට හමුවන තේරුම් නොමැති තරගයෙන් පසකට වන්නට අවස්ථාව පැමින ඇත. දිව්‍යවම සැහැල්ලු බවක් සිත්පුරා පැතිරේ.දවසේ වෙහෙස මෙන්ම ලත් සැහැල්ලුව සැහැල්ලු නිදිබර බවකට කැඳවනවා වියයුතුය