එය පැහැදිලි සැදෑවක් විය. අහසේ තැනින් තැන වූ වලකුලු කැටිති මතින් පරාවර්තනය වන හිරු කෙඳි නෙක වර්න කිහිපයක්ම මවමින් අප සිටි කදු මුදුනත නැරබුම් ප්‍රදේශය සුරපුරයක මෙන් අලංකාරව පැවති මොහොතකද විය. “එලබෙන සතිය වන විට මම ඒ අධ්‍යන ආයතනය සමග වන ගිවිසුම අවසන් වනවා” අපසසුවෙන් වුවද මම් එම දෙබස ඇරබුවෙමි.”ඒ කියන්නේ ඊලග සතිය වන විට ඔබ මෙහි නැති බවද? සැලෙන හඬකින් ඇය අසා සිටියාය. ” මම හිතන්නේ. ගිය වසරේදී එලබුනු එකගතාවය නිසා මට අසවල් ආයතනයේ සේවයට වාර්ථා කරන්නට සිදුවෙලා තිබෙනවා” මෙහි ටිට සැතපුම් දහස් ගනනක් දුරින් වන අධ්‍යාන ආයතනයක නමක් සදහන් කරමින් මම තත්වය පැහැදිලිකර සිටියාය. ” එතකොට අපේ හැදෑරීම් සටහන් පෙල එතැනින් අවසන් වන බවද ඔබ කියන්නේ?” වඩාත් හැගීම් බර හඬකින් දෙබස ඉදිරියට ගෙනයන්නට ඇය වෙර දරමින් සිටියාය. “ඔබ සිතනවාද මේ හැදෑරීම ඔබගේ කාලය අපතේ යැවීමක් වූවා කියලා?” මා අතවූ අප හෑදෑරීම් සැලසුම දක්වමින් අසා සිටියාය. ” ඇත්තෙන්ම නැහැ, ඒක අපූරු හැදෑරීමක්. හුදෙක් බෑදීමක් නිසා නොව දැනුමට වූ ආශාව නිසාම දිග හැරුනු ඒ කාලයට මම හරිම කැමතියි. ඒ වෙතට අපූරු මෙහෙයවීමක් කල ඔබට ගොඩාක් ස්තුතියි.ඒත්…” ඇය අපහසුවට පත්ව ඇති බවක් මට හැගුනි. “මම හිතුවා ඔබ තව වසරක්වත් මෙහි ‍රැදේවි කියලා..” අපහසුවෙන් තම දෙබස අවසන් කරන්නට මෙන් ඇය මිමිනුවේය. “ඔබ මේ සටහන් පෙල ගෙනියන්න. ඔබ සිතනවා නම් මම ගත් උත්සාහට සාධරනය ඉ‍ටු වෙලා නැහැ කියලා ඔබ වැරදියි. ඒ කාලය තුල ලත් අපූරු ජීවිත අත්දෑකීම මට හොඳටම සෑහෙනවා. ඒ ගැන මම ඔබට ගොඩක් ස්තූතිවන්තද වෙනවා. ඔබ අපූරු කෙනෙක්” සාමන්‍යයෙන් එතරම් හැගීම් බරවීම් හෝ සංවේඳීවීම් මෙම සමාජ පරිසරයේදි දුලබ අත්දෑකීමක් වුවද ඇය වෙතින් ඒ බව පලවෙමින් තිබිනි. “මට ඒක ‍රැගෙන යන්නට අවශය නැහැ, ඒක අපූරු වටිනා හැදෑරුමක් වුවත්. ඉදිරි වසර දෙක තුන තුල අප නැවත හමුවීමක් ගැන මට විස්වාසයක් හැගෙමින් තියෙනවා. ඒ වන විටත් ඔබ ඒ සදහා එකගව සිටියොත් අපි ඉදිරියට යමු” එදින ඒ පිලිබදව වූ දෙබස එතැනින් නැවතිනි.(41)
සැදෑව උදාවත් සමග් අප ආපසු ආශ්‍රම භූමි සීමාවට පැමිනෙන්නට සමත්වීමු. තවත් දිනයක නිමාව සලකුනු කරමින් ක්‍රමයෙන් හිරු අවර දිසාවේ සීමාවට පැමිනෙමින් තිබුනි. “ලෝකයෙන් මත්වීම පමනද ජීවිතය?” වරක් අප අධයාන ආයතනය වෙතට පැමිනි මතවාදී විද්වතෙකුගේ සිත් ඇහැරවන දේශනයක මාතෘකාව විය. ඔහුට අවශයව තිබුනේ සැබෑවටම ජීවිතය පැමිනෙන්නේ කොහින්දැයි විමසීමක් අසන්නන්ගේ සිත් තුල අවදිකරන්නට පමනී. “ඒක සමාජයෙන් පැමිනෙන්නක්ද? ජීව විද්‍යාත්මක පදනමකින් පැමිනෙන්නන්ක්ද? විවිධ ලෙසට විමසා බලන්නට ඔහු අප වෙතට අපූරු ආරාධනාවක් ගෙනෙන්නට සමත්විය. ඒ වන විට මා හදරා තිබූ දහම අනූව “මත්වීම” වචනය වෙනු වට “ඇලීම” වචනය ආ විටක ගැටලුව හොඳින් මට පැහැදිලි වෙතැයි හැගිනි. “නිශ්ක්‍රීය ජීවිත පැමිනෙන්නේ මනෝ අසමබරතා හරහා පමනක්ද? ජීවිත විරෝධීන් පව සමහර සමාජ රටා තුල වඩා වටිනාකමක් හිමි කර ගන්නේ කෙලෙසද? ” අප තුල එම විමසුම හුදු පෞද්ගලික අර්ථ ඉක්මවමින් ඉදිරියට යවන්නට ඔහුට අවශ්‍ය විය. වඩාත් දාර්ශනික ස්වරූපයක් ගත් ඔහුගේ දේශනය සමහරුන් තුල මහත් අපහසුතාවයක් ඇති කරන තරමේ තමන් පිලිබදවම නැවත විමසීමක් විවෘත කරන්නට සමත්වීමක් විය. විටක ආශ්‍රම රිද්මය දැන් මට දැරිය නොහැකි තරමට සියුම් එකක්ව දැනෙනවා විය හැක. දැනුම වෙතට ඇති ලොබ බව, පහන් ස්වරූපයක් ගත් ඇයගේ ඇසුර වැනි බොහෝ දෑ මා නැවත එදෙසට ආකර්ශනය කරමින් සිටිනවා විය යුතුය.(42)
“මට ඔබට අර ගම්මුන් ගැන කථාව සම්පූර්න කරන්නට බැරි උනා. මම ගොඩාක් උත්සාහ කලා ඔහු ගෙන දැන ගන්නට ඔවුන්ගේ මතයේ හැටියට ඔවුන්ගේ සංස්කෘතිය කිසියම් වැඩි නැතිනම් වෙනස් දැනුමක් ලබා ගත්තානම් ඒක සිදුවුනු හැටි පිලිබදව ඔවුන් අතර වන මූලාශ්‍ර ඒ පිලිබදව දැන ගන්නට. පෙනුනු ආකාරයට බොහෝ සංස්කෘතීන් වල දක්නට ලැබෙන ආකාරයේ අපූරුවට ගෙතුනු කථාන්දර ඒ පිලිබදව ඔවුන් සතුව නැහැ. හැබැයි තැනින් තැනින් වන තොරතුරු පමනයි තිබෙන්නේ. විශේෂයෙන් පිට සක්වල යානාවන්ගේ පැමිනීම් වගේ කිසිම සටහන් ඔවුන් තුල නැහැ. ඔවුන්ට අනූව ඔවුන්ගේ මේ පරිසරය හා ඔවුන්ගේ ජීවිත අතර මහත් සම්බන්දතාවයක් තියෙනවා. ඔවුන් තදින් විස්වාස කරනවා මෙම ආශ්‍රමය පැමිනීමහ් අපූර්වමුත් තාර්කිකව අපැහැදිලි සිදුවීමක් බව. මොකද මෙම දහමේ බාවිත රටාවල් හා ඔවුනගේ විස්වාස රටාවල් අතර ඒ තරම් සමානකම් සමාන කම් තිබුනේ නැතිලු. හැබැයි වඩාත් අපූරුතම දේ නම් ස්වාමීන් වහන්සේ නමක් මෙහි පලමුව පැමින මෙම ආශ්‍රම කන්දේ ලැගුම් ගන්නා විට ඊට විරුද්ද වන්නට තරම් කාරනාද ඔවුනට තිබුනේ නැති වීමලු. ඔහුට අපැහැදිලිව උනත් කියන්නට උවමනා වූ දේ තමයි මේ දහමේ මතුපිටින් පෙනෙන නෙක සිරිත් විරිත් සංස්කෘතික ලක්ෂන වලට යටින් ඔවුන් අතරවූ පිලිගැනීම් අතර හොඳ සංහිදියාවක් පැවති බව. මට තේරුනා ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය වඩා මහා අරුමෝසම් දියුනු යැයි අපි විස්වාස කරන උපකරන නොතිබුනාට මහත් දියුනු භාවිතාවක් රාශියක් තිබෙනවා අපේ සාමාන්‍ය සංස්කෘතික වටිනා කම් ඔස්සේ නොමැනෙන. මම හිතන්නේ හොඳම වෙඩේ තමයි අපි හෙට අනිද්දාවකම ඒ ගම්මානය පැත්තේ ගිහිල්ලා කිහිප දෙනෙක් හමු වෙන්නට බලමු. ඔවුන්ගේ වගා බිම් පැතිවල ටිකක් ඇවිදලා බලමු. එහෙම හොඳයි නේද?” (43)
වලාකුලු බැ‍රැති නොවූ අහස සැදෑව ගෙනෙන්නේ වඩාත් සෙමින්ය. ආපසු ආගන්තුක කුටියට පැමිනෙන විටත් මග හොදින් පෙනෙන තරමේ ආලොකය වීම සහනයක් විය. සීතල බව වෙතින් වෙගයෙන් පලා යන්නට අවශ්‍ය නොවීම අපගේ මිතුදම ඔස්සේ පැමිනි තවත් පුරුද්දක් වූවැයි මට සිතේ. සමහර සැදෑවන් වල නගර අන්තයේ වූ කදුමුදුනතට වී අප ගතකල ශීත අධික සැදෑවන් අපූර්ව දෙබස් වලින් උනුසුම්ව පැවතින. අප හමුවීමට පෙර කාන්සියද සමග උනුසුම් වන්නට කුඩා මධුවිතකට පුරුදුව සිටියද අප හමුව ගතව ගිය දින දෙක තුනක් තුලදී එය සම්පූර්නයෙන් අමතකව ගියේය. මිනිසෙලුට තවත් මිනිසෙකු සමුවීම මෙතරම් තීරනාත්මක වෙතැයි කවරදාවත් මා විස්වාස නොකලෙමි. “අපූර්ව පද පෙලකට ගොඩ නැගුනු විස්මිත තනුවක පරිද්දෙන් අප මිත්‍රත්වය වඩාත් නිවැරදිව හා ශූක්ෂමව ගොඩ නැගෙමින් ඇත” වරක් සැදෑ හමුවකට පසුව දින සටහන් කරන්නට මා පෙලබුනේ නිතැතිනි.
“මම හරි ආසයි සාමන්‍ය මිනිසුන් ජීවත් වන විදිහ දකින්න, මම කියන්නේ මමත් සාමාන්‍ය මිනිසෙක් උනාට ඔවුන්ගේ නෙක ආකාරයේ වෙනස් කම් දකින්න, මම වරක් පැහැදිලි කලෙමි. එලබෙනසති අන්තයේ අපෛ අර කඳුයායට සාමාන්තරව විහිදෙන ගම්මානය පැත්තේ ඇවිඳින්නට යමු. මම විතර පැහැදිලි කර දෙන්නම්. පෙර සූදානම්ව සිටි පරිද්දෙන් ඇය සැලසුම් කලේය. වෙනස් සංස්කෘතික රටාවල් ඔස්සේ දෑ සිදුවන ආකාරය දකින්නට මා කවදත් කැමතිව සිටි අයෙකු වූවාය. දවසක් පුරාවට එදින අප විශාල ප්‍රදේශයක් පුරා ඔබ මොබ ඇවිදින්නට එය අවස්ථාවක් විය. එහි වූ සංස්කෘතික මධ්‍යස්තානයකටද ගොඩව ඔවුන් සතුව තිබූ අපූරව ආවේනිකකම් හඳුනා ගන්නට එය ආවස්ථාවක් කර ගතිමු. නිදහස් බව එම ජීවිතවල තේමාවක් බදූව දැඩිව කැපී පෙනුනි.(44)
අප ආපසු එමින් සිටියෙමු. දැඩි මිහිදුම් වැනි ගතියකින් අප මද හුදකලා බවකට පත්කර තිබිනි. කිසිදිනක අප දෙබස් අතර නො එන ලද මාතෘකාවක් පැමිනෙන ලදී. “ආදරය ගැන මොනවද හිතන්නේ?”. බලාපොරොත්තු නොවන එම ප්‍රශ්නය එක වරම සිත කැලබුවා වැනි විය. “මම හිතන්නේ….” මා අපහසුතාවයකට පත්ව ඇති බව වැටහුනු නිසාදෝ ඇය යලි සහය පලකලාය. “මම බලාපොරොත්තු උනේ සරල පිලිතුරක් පමනයි”. ඇය පැවසුවාය. “ඒත් මට දැනෙන්නේ ලොකයේ තියෙන බරපතලම ප්‍රශ්නයක් අහලා ඒකට ලෝකයේ තියෙන සරලතම පිලිතුර බලාපොරොත්තු වනවා වගේ දෙයක්.” මගෙ පිලිතුර මදක් තියුනු වීදැයි සැකයක්ද සිත තුලට පැමිනිනි. “ආදරය කියන්නේ ජීවිතය බෙදා ගන්නට වන එකගතාවයක් වගේ දෙයක් කියලා කිව්වොත්” මා ගැටලුව ඈ දෙසට පෙරලා යොමු කලෙමි. “හැබැයි ඒ එකගතාවය මහා බරපතල තාර්කික බවින් පිරිච්ච එකක් නම් නොවෙයි. කැපවීම් පරිත්‍යාග වැනි මිනිසුන් අතර විය හැකි අපූරුතම වගේම සුන්දරතම අත්දැකීමක් කියලා මම හිතනවා. මට තව දුරටත් පැහැදිලි කරන්නට අවශ්‍ය විය.” හිතන්න මට ලැබෙන්නේ මොනවාද , කොච්චරද වැනි බලාපොරොත්තු වලින් සැදුනු මිනිස් සබදතා වර්ග අතර තියෙන අපූරුතම මේ සම්බදතාවයෙදී මම අනෙකා සමග බෙදා ගන්නේ මොනවාද නැතිනම් අනෙකා වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ මොනවාද වගේ අපූරු මානුෂික තලයක දෙයක් පැවතීමම මොනතරම් වටිනවාද?” මම විවෘතව අදහස් පල කරන්නට වීමි. “මම හිතන්නේ ඔබට ඒ ගැන හොඳ අත්දැකීම් ඇති” මද සිනාවක් සමග දෙබස ඉදිරියට මෙහෙය වන්නට ඇයට අවශ්‍යව ඇතුවා සේය. ගෙවී ගිය කාලය තුල එය අමතකව තිබුවාක් බව මම ඇයට පැහැදිලි කලෙමි. නිරන්තරයෙන් නෙක හැදෑරීම් කාරනා සමග ගෙවී ගිය කාලය ඒ බව අමතක කර දමා තිබිනි. සමහර වෙලාවට දහස් ගනනක් අතර දැඩි හුදකාලා බවකින් වෙලී ගොස්ව සිටි කාලයද මම ඇයට පැහැදිලි කලෙමි. කඳු මුදුනතට පැමිනෙන විට සැහැල්ලු ආහාරට යමක් මෙන්ම පානය සදහා යමක් ගෙන ඒම සිරිතක්ව පැවති අතර ඒ සියල්ල බහාලන ගමන් මල්ල දෙවුරේ දරාගෙන කඩිසර ගමනින් මා සමග පියවර නගන ඇය දෙස හො‍රැහින් බලන්නට මට අවශ්‍ය විය.(45)