ටිබෙටියානු මිතුරා මද විරාමයක් අනතුරුව පැහැදිලි යෝජනාවක් කරන්නට උත්සාහ කලහ. “මම හිතන්නේ ඔබ යෝජනා කරන්නේ වසර සිය දහස් ගනනක් පැරනි අපේ සංස්කෘතික ආකෘතිය තවදුරටත් ප්‍රායෝගික නැති බව වෙන්නට ඔනෑ. වඩාත් පැහැදිලිව කිව්වොත් ජීවවිද්‍යාත්මක හා ප්‍රාතමික සංස්කෘතීන් මුලික ආකෘතියක සිට අපට අවශ්‍ය වෙලා තිබෙනවා වඩාත් සංකීර්න දියුනු ආකෘතියක් කරා යන්නට. කොටින්ම කිව්වොත් වඩාත් දියුනු මානසික තලයක සිට ක්‍රියාත්මක වන අවට ලෝකය මීට වඩා සාර්ථකව පාලනය කරන මිනිසෙක් නිර්මාණය කර ගන්නට.” ඔහුගේ විමසිලිමත් බැල්ම අපගේ දෙබස දිගේ වඩාත් ගැබුරට යන්නට මට ආරාධනවක් සේය. “මමත් හිතනවා., මට මතකයි වරක් අපේ හැදෑරුම් ආයතනයට පැමිනි සංචාරක දෙශකයෙකු මතුකල අපූරු අදහසක්. ඔහු කියනවා පාලනය කිරීම ඔස්සේ පරිසරයෙන් අපට එන බොහෝ ගැටලු වලට පලමු හේතුව තමයිලු ඒව හරිම ප්‍රාතමික විදිහට පාලනය කරන්නට උත්සාහ කිරීම. මම හිතනවා මේ ගැමියෝ වගේ විය යුතුයි කියලා. ඔවුන් පරිසරය සමග ගැටෙනවා වෙනුවට සහයෝගයෙන් කටයුතු කරනවා. හරියට පෘතුවි ජීවදාමයේ ඉහලින්ම සිටින ජීවියා තමා උනාට ඒ ගැන වැඩිය ආඩම්බර නොවෙනවා වගේ ස්වභාවයක් ඔවුන් තුල තිබෙනවා. ඇත්තෙන්ම ඔවුනුත් තම පරිසරය වෙනස් කරනවා තමයි. හැබැයි හරිම සංයමයකින්. එරෙහිව නොවෙයි සහයෝගයෙන්. හරියටම කිව්වොත් ගැමියා කියන වචනයට පවා නව අර්ථයක් ඔවුන් ඇසුරේදී අපට අලුතින් සොයා ගන්නට සිදුවෙනවා”. අප සටහන වඩාත් අර්ථවත් තලයකට කැඳවන්නට අවශ්‍ය ප්‍රධාන කරුනු බොහොමයක් ‍රැස්ව ඇති බව පැහැදිලිය. ඇයගේ අපූර්ව සහයෝගය උනන්දුව සමග යලිත් උද්‍යානය, නගර කෙරවලේ වන කඳුමුදුනත, අවන්හල වැනි මිත්‍ර පරිසරයන් වඩාත් නිර්මාණශීලීව මේ සටහන් තබ අවසන් කරන්නට අපට සහය වනු ඇත. (68)
හිරු දවස ඇරබෙනවාත් සමග ආශ්‍රම ප්‍රධාන දොර‍ටුව පසුකරලන්නට හැකි විය. ප්‍රමානවත් වේගයක් රඳවාගන්නට හැකි වුවහොත් රාත්‍රිය සමග අඩුම තරමින් අවසාන ගම්මානයේ කදුමුදුනත පසුකරන්නට හැකි වනු ඇත. ගම්මානයේ රත්‍රිය ගතකරන්නට හෝ ගැම්වැසියෙකුගේ සහය ඇතිව ආපසු ආශ්‍රම භූමියට නැවත පැමිනීම එතරම් අපහසුවක් නොවනු ඇත. ප්‍රානවත් උදෑසන ප්‍රබෝධය හාත්පස පිරී ඉතිරී ඇතුවා සේය. ක්‍රමයෙන් වැඩිවන සියත් නාදය ගමන් වෙහෙස නිවාලන්නට ඔසුවක මෙනි. තම වගා බිම් කරා එන ගැමියන් එකිනෙකා හමුවීම සිත හුදකල බවින් මුදවන්නට වදනක දෙකක කුඩා දෙබස මහත් සහයකි.
” මා කෙටි කාලයකට හැදෑරීම් ආයතනය වෙතට ගොස් සිටී. එලබෙන කෙටි කාලයකින් නැවත අප නගරය වෙතට පැමිනෙන්නට සැලසුම්ව ඇත. මා ඉතා කැමැහ්තෙන් අප නැවත හමුව වෙතට බලාපොරොත්තු තබා සිටිමි. ඔබ යොමුලර තිබූ බොහෝ කරුනු පිලිබදව ආයතනයේදී කරුනු ‍රැස්කරගන්නට කටයුතු කරමින් සිටිමි. ඔබ ආශ්‍රමයෙන් පිටත්වූ වහාම මාවෙතට පනිවිඬයක් තබන්නට අමතක නොකරන්න”. බලපොරොත්තු වූ පරිදිම මහත් ධනාත්මක ප්‍රථිචාරයක් ඇය වෙතින් පැමින තිබේ. මදපමනක හෝ දෙගිඩියා මනස විසින් අඩපනකොට තිබූ උනන්දුව ක්ශනිකින් දැල්වූවා සේ දැනිනි. අවශ්‍ය වන පොත්පත් කිහිපයක් හා සටහන් කොල ආදී අඩුපාඩුකම් කිහිපයක් නගරයේ පොත්හල් වෙතින් මිලදී ගත් මා ලහි ලහියේ අදුරට පෙර ආශ්‍රම භූමිය වෙතට එන අටියෙන් ආපසු ගමන් ඇරබුවෙමි. දැල්වෙන බලාපොරොත්තු විසින් ජීවිතය අවධිකරවන ආකාරය පුදුමාකාරය. “ජීවිතයට නිරන්තරයෙන් බලාපොරොත්තු නොපැමිනීම තරම් භ්‍යානක අතරමංවීමක් තවත් නැත” වරක් අප අධ්‍යාන ආයතනයේ ‍රැඟ දැක්වූ අපූර්ව වේදිකා නාට්‍යයක තේමා සටහනක් සිතට පැමිනියේ නිතැතින්ය. බලපොරොත්තුවත් බව හා බලාපොරොත්තු අහිමිවීම අතර ජීවිතය දෝලනයවීම අතර මනා නාට්‍ය රසයකින් ප්‍රේක්ශක මනස රසවත් කරන්නට එම නිර්මානයට හැකිවිය.(69)
ප්‍රධාන නගරයේ සිට අශ්‍රම භූමිය වෙතට පාගමන ඇරබෙන කුඩා නගරය දක්වා දිවෙන මාවද කඳු හෙල් වලින් ගහන දුෂ්කර එකකි. බස් රථය මද වෙගයකින් හැල්මේ ධාවනය වේ. වට පිටාවේ වන නෙක අසිරිගත් අලංකරවත් සොබා දහම ගමන් වෙහෙස හෝ කන්සිය නිවා දමයි. පෙර කී අපූරු වේදිකා නාට්‍යයේ වූ වඩාත් සිත්ගත් දෙබසක් මතකට පැමිනේ ” ඇත්තටම ජීවිතේ සදහා පැමිනෙන නිරපෙක්ෂ අර්ථයක් නැහැ. මම ඔබෙන් ඉල්ලනවා කරුනා කරලා සිය වස් ගනනාවක් තිස්සේ තම වර්ගයා අමාරුවෙන් ගොඩ නගා ගත් අර්ථ විනාශ කරන්නට ඉස්සල්ලා කල්පනා කාරීවන කියලා. මම දන්නවා තියෙන ඒ අර්ථ සමහර විටක ඔබට මහත් අපහසුව ගෙනෙන කරදරකාරී ඒවා වෙන්නට පුලුවන්. ඒත් ඔබ දන්වද? ඇථ නැති ජීවිතය ඊටත් වඩා හරිම වේදනාකාරී බව?” හත‍රැස් අඩි කිහිපයකට සීමාවන නාට්‍ය වේදිකාවේ පරිකල්පන වර්ගපලය අනන්තය.
අහබුලෙස පැමිනි ගිම්හානයකදී හමුවූ ඇය යලි ජීවිතය අවධිකරවන සීනුවක් බඳුවීම විසිතුරු අත්දැකීමක් ලෙසට දැනේ. “ජීවිතය නම් අත්කම මහත් කල්පනාවෙන් අත්කම් කරන්නට ඇයට හැම විටම අවශ්‍යව ඇතුවා සේය” දිනක් උද්‍යාන හමුවීමකින් අනතුරුව රාත්‍රීයේ දින සටහනේ ඇය පිලිබදව තැබූ සටහනක් වූවා මට මතකය. ඇගේ ජීවිතය තුලවූ අපූර්ව සංහිදියාව නිරායාසයෙන් මා සිත් ගත්තාය. කෙටි ඇසුරකදී සාමාන්‍ය මිනිස් බවට මදක් ඔබ්බෙන් වූ ඒ සංහිඳියාව අප අතරට පැමිනීම සටහන් පෙලක් වෙතට පිවිසෙන්නට ඇයට ආරාධනා කරන්නට මා පෙලබවන ලදී.(70)
ඈතින් පෙනෙන අශ්‍රම කඳු මුදුනතට වියතක දෙකක් තරම් උඩින් හිරු පෙනෙන හෝරාව වන විට අවසන් ගම්මානයේ කඳුමුදුනතට පැමිනෙන්නට හැකිවිය. විසල් යෝධයෙකු මෙන් දෙපසට විහිදෙන ආශ්‍රම කඳුයායේ පෙනුමද එහි සිදුවන අපූර්ව කටයුත්ත මනාව පිලිබිගු වනවා සේය. විශාල පොත්ගුල් , හරබර දේශන, මහත් බරපතල පෙනුමැති උපදේශකවරුන් එහි නැත. එහෙත් ලොව සොලවන වියතුන් , ධනවතුන් එහි පැමින මද කලක් ගත කොට ආපසු යන්නේ සම්පූනයෙන්ම වෙනස් පුද්ගලයෙකු ලෙසට වීම විටක මහත් විමතිය ගෙනෙනකි. ඔවුනගේ බරපතල වෙහෙසකර පෙනුම වෙනුවට සැහැල්ලු , සරල බවක් එහිදී ගෙනෙන්නේ ඉතා කෙටි කලකිනි. තවදුරටත් ඔබ ‍රැඳිය යුතුය , ඔබ දැන් යා යුතුය පවසන්න එහි කිසිවෙකු නැත. ඉතාම කලා තුරකින් අයෙක් පැමිනියාටත් වඩා වේගයෙන් පසුවදාම ආපසු යාමද සිදුවේ. වැරදීමකින් තමන්ට නොගැලපෙන පෙදෙසකට ආවා සේ ඔවුන් ආපසු දිව යන්නේ කිසිවෙකුගේ මෙහෙය වීමකින්ද නොවිම විශ්මය උපදවයි. “මෙතැන ඇත්තේ නීති රීතී වලින් පිරුනු අවකාශයක් නොව අපූර්ව රිද්මයකින් ගැවස ගත් භූමිභාගයක් පමනී. එහි වන රිද්මයට සුසර වන්නට ඔබ සමත්ද , අසමත්ද යන වග ඔබගේම තීර්නයකි. ඔබ අසමත්නම් අපහසුවෙන් එහි ‍රැදෙනවාද නැතිනම් පහසුවක් ගෙනෙන හුරු පුරුදු පරිසරයකට යනවාද යන්න ඔබගේම තීර්නයක් වනු ඇත.” පලමු ආශ්‍රම සංචාරයෙන් පසුව ආපසු හැදෑරුම් ආයතනයට ගිය විගස ඔවුනට නෙක ආකාරගත් පැහැදිලි කිරීම් අවශ්‍ය විය. ඉහත සටහන එවන් අවස්ථාවක්දී ඔවුන් වෙනු වෙන් තැබුවකි.
කුඩා මාවත දෙපස තුරු ගොමුවල දහවලට පිරීයන සියොත් හඬ කෙමින් තුනී වෙමින් ඇත. ක්‍රමයෙන් තම ගොවිබිම් වලින් අපසු එන ගැමියන් කලාතුරකින් හමුවෙමින් තිබේ. “මේක සංකීර්න අවස්ථාවක්. ඔවුන්ගේ සමාජීය බව සාමානයයෙන් අප අත්විඳින ආකාරයේ සමාජවල වන අපහසුවෙන් මෙන්ම බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවක් නොපෙන්වයි.සමහර විටක ඔවුන්ගේ ජීවවිදයාත්මකවම පැමිනෙන සමාජ පරිනාමීය බව අපට වඩා ඉදිරියෙන් තිබෙනවා විය යුතුයි.” ටිබෙටියානු මිතුරා මේ සමාජයේ වන සංහිඳියාව අර්ථ දක්වන එක් ආකාරයකි එය. “ඔබට තේරෙනවාද මේ සමාජ පරිසරයේදී තරුන ජවය සේම පැසුනු වියපත් බවද ආභරණ ලෙසට වන පිලිගැනීම. සාමානයයෙන් එය විසින්ම එය ඉදිරියට තල්ලුකර ගන්නා ජීව-සමාජ පරිනාමයක් මේ වගේ විසිතුරු අවස්ථාවක් අත්කරගන්න වසර දහස් ගනනක් වත් ගනීවි.” ඔහු මෙහි වන තත්වය වඩාත් පැහැදිලි කරයි.(71)
සිසිලැති සැන්දෑව කෙමෙන් අඳුරට ඉඩ දී මැකී යන්නට තනමින් සිටී. තව දුරටත් අශ්‍රමය දෙසට ගමන් කරනවාට වඩා රත්‍රිය ගම්මානයේ නිවසක ආගන්තුක කුටියක ගතකර උදෑසනම යලි මගට වන්නට කටයුතු කිරීම වඩාත් හිතකර වනවා පනක් නොව ඔවුන්ගේ සමානය හැසිරීම් පිලිබද ව තවත් එක කරුනක් හෝ ‍රැස්කර ගන්නට එය අවස්ථාවක් වනු ඇත. සාමාන්‍ය හඳුනා ගැනීමකින් අනතුරුව ඔවුන්පහසුවෙන් විවෘත වන මුත් ආක්‍රමනික බවක් දැනුනු විගස ආගන්තුකයාව නොසලකා හරී. ඔවුන් සමග ගැටලුවකට යාම නම් කිසිසේත් හිතකර නොවන්නේ අනෙකාගේ සිරුර මතට පැමිනෙන කුඩා සරල ඇගිලි තුඩු දෙකක චලනයකින් යොධයෙකු වුවත් බිම හෙලන්නට එහි වන කුඩා දරුවෙකු පවා සමත් වන බැවිනි. බොහෝ විට ප්‍රථිවාදියා පසුදා උදෑසන දක්වා සුහිසුන් වූවා සේ නිදිගන්විම ඔවුනට සරල කටයුත්තකි.
“ඔබ දන්නවාද? ඔවුනට මනස නාභිගතකරගන්නට අපට මෙන් බාහිර උත්තේජක අවශ්‍යනොවීම පුදුම සහගතයි. ඉද හිටක අයෙක් එක්තැන් කල මනස ඇසුරින් සරලව බාහිර දෑ චලනය කර පෙන්වන්නට වැනි දෑ පෙලබෙනු දැකිය හැකි වුවත් සාමාන්‍ය ඔවුන් එවැනි ක්‍රියා ලැජ්ජා සහගත කාරනා හැටියටයි සලකන්නේ. නමුත් ඔවුන් එම ශක්තිය තම දෛනික කාරනවලදී අපූරුවට යෝදා ගන්නා බව විමසිලිමත්ව බලන අයෙකුට පහසුවෙන් වටහා ගන්නට පුලුවන්.” ප්‍රකට හැදෑරීම් ආයතනයක පුස්ථකාලාධිපති වරයෙකු ලෙස වසර ගනනාවක ඔහුගේ හෑදෑරීම් අවකාශය මහත් පුලුල්ය. ටිබෙටියානු මිතුරා සතුව තිබු මහත් අත්දැකීම් ප්‍රමානයක් මා සමග බෙද හදා ගන්නට ඔහු කැමතිවීම මාහට මහත් පහසුවක් විය.(72)
ඔවුනගේ ආගන්තුක කුටි සුව පහසුද නැතිද යන්න සමහර විටක ඔබට විමසන්නට හැක. එවිට මට ඔබගෙන් අසන්නට වන්නේ ඔබගේ ජීවිත රටාවට සාපේක්ශවද? යන්නය. අලංකර දැව දඩු මතට කිසියම් ස්වභාවික ආලේපනයක් යොදා නිමකර ගෙන ඒ මතට ඇතිරෙන ස්වාභාවික පත්වර්ගයක් ආවරනය වන පරිදි ඔවුන් විසින්ම ස්වභාවික දෑ ඔස්සේ නිම කරගන්නා රෙදි විශේෂයක් එලා සකසා ඇත. අලංකාර දැව දඩු වලින් නිම වන මේසය මත වන වතුර භාජනය සියල්ල ස්වභාවික දෑ වලින් නිමවා ඇතුවා සේම ඒවා ඉතා ප්‍රාථමික පෙනුමැති රලු ඒවා නොවෙයි. සමහර විටක ඔවුන් ඔවුන් කාර්යක්ශමතාවය, පහසුව සොය ගොස් ඇත්තේ තම ස්වාභාවිත්කත්වය ‍රැකෙන පරිදිවීම පලමු රීතිය වන්නට ඇත. බිම පවා ස්වභාවික මැටියෙන් නිමවා ඒ මතට යම් ආලේපනයක් යොදා ඇත්තේ අති නවීන ගෙබිමක දක්නට ලැබෙන පිරිසිදු බව පැහැදිලි බව ‍රැකෙන පරිදිය. බිත්ති නිමවෙන්නේ ද ඒ අයුරුන්මය. අපූරත්වය වන්නේ පෙර කී ආලේපනයට පෙර ඒවායේ තැනින් තැන වියලා සකස් කර ගත් අපූරු හැඩැති පත්‍ර ඔබ්බවා තිබීමය. විටක ඒවායේම වන විසිතුරු බව පෙනෙන සේ නිමවා ඇති අතර තවත් විටක ඒවායින් වෙනත් අලංකාර හැඩතල නිමවන්නට ඔවුන් කටයුතු කර ඇත. අනෙකාගේ ජීවිත වලට එබී බැලීම නැතිනම් අනෙකාගේ දෑ සොරකම් කරන්නට උත්සාහ කිරීම වැනි ක්‍රියාකාරකම් ඔවුනට සිනාවට කාරනයකි. සමහර විටක ඔවුන්ගේ සංස්කෘතික ගොඩ නැගීමේදී එවන් මානසිකත්වයන් ගොඩ නැගෙන අඬුලුහුඬුකම් මග හැරී ඇතුවා විය හැක. “සමහර විටක අපි අපේ සංස්කෘතික ගමන් මග එක් තීරනත්මක ලක්ෂයකදී අපේ ජීවවිද්‍යාත්මක අවකාශයෙන් ටිකක් අන්තවාදී විදිහට බාහිර පරිසරය පැත්තට සීමාන්තික විදිහට යොමු කලා වන්නට පුලුවන්. ඒ ඔස්සේ අපි ක්ශනික වාසීන් ගැන සතු‍ටු වූවා මිසක අපගෙන් ඒ නිසාම අපගෙන් අහිමිවෙන වඩා වටිනා ජීවවිද්‍යාත්මක වටිනා කම් බොහොමයක් නොසලකා හැරියා වන්නට පුලුවන්” ඒ මොවුන් ගේ ජීවන රටා පිලිබදව ටිබෙටියානු මිතුරාගේ අදහසකි.(73)

   උදා හිරු මඩල දවස අරබන විට ආශ්‍රමයේ ප්‍රධාන දොර‍ටුව දකින මානයට පැමිනෙන්නට හැකිවිය. “ඔබ ඔවුන්ගේ දවසේ වර්ණවත්ම හොරා කිහිපයේදී කබන සැබෑ ගරුත්වයට හිමිකරුවෙක් වන්නේ ආගන්තුකයෙකු ලෙසට නොව ඔවුනගේ පවුලේ අයෙකු ලෙසට සම සමව රාත්‍රී ගිනි මැලය වටා අසුන් ගන්නට අවස්ථාවක් ලැබීමෙනි” ටිබෙටියානු මිතුරාගේ උපදෙස සත්‍යය. ගෘහපතියාගේ අසුනට ඔබ්බෙන් අසුන් ගනිමින් ඔවුනගේ අත් වැල සමග එක්ව ශාන්තිමත් හෝරාව හෝ දෙක අත්විඳින්නට ලැබීම අපූර්වය. අපගේ සංස්කෘතියේ වන අනෙකාට එරෙහිව කර ගනි ලබන ධන බල ‍රැස්කිරීමේ අර්ථය වෙනුවට අපගෙ සංස්කෘතීන්ගෙන් ගිලිහී ගොස් ඇති අපුර්ව ශාන්තිමත් අත්පත් කර ගැනීම් හැකියාවල් අත්විඳින්නට අවස්ථාවක් ලදිමි. “සමහර විටක ඔවුන් ප්‍රාතමික යැයි ඔබ සිතනවා විය හැකියි. අප රාත්‍රී ගිනි මැලය වෙනත් කාර්යක්ශම ආකාරයකට හිමිකරගෙන සිටිනවා විනා ඉන් ඉදිරියට චලනය වී නැති බව එහිදී අත්විඳින්නට හැකි වනු ඇත. සමහර විටක දියුනු යැයි අප විස්වාස කරන්නේ අපගේ ප්‍රාථමික වටිනා කම් නැවත නැවත වෙනස් පැහැයන්ගෙන් අත්විඳීමට වඩා යමක් නොවන බව වටහා ගැනීම ඔවුන් ගැන වන ඔබගේ හැදෑරීමේ එක් ඉහල අත්පත්කර ගැනීමකි” ටිබෙටියානු මිතුරා නිවැරදිය. ඔවුනගේ එම පූජනීය දෙපැය මගේ මනස වඩාත් තියුනු කර පැහැදිලි කර දෙන්නට සමත්ව ඇති බවක් හැගෙමින් ඇත. “ජීවිතයට මුල් ස්වභාවයෙන් අර්ථ නැත. ඒවා අප වඩාත් පරිස්සමින් අත්පත්කරගත යුතුවා ඇත” ප්‍රකට නාට්‍ය දෙබසක් මනසට පැමිනෙනේ නිතැතින්මය.(74)