keep-calmsss

එලබෙමින් ඇති ගිම්හානයේ නගරය වෙතට ආපසුව යා යුතුව ඇත. “දැනුම කෑ ගසන විට අවබෝධය වඩාත් නිහඬ කරවයි” වරක් අප සවන් දුන් විද්වතෙක් තම අපූර්ව වාචික දේශන සංචාරයේ දෙපැය නිම කලේ එලෙසය. “ඔබ මෙතෙක් නොගොස් ඇති බොහෝ ප්‍රදේශ පෘතුවිය මත ඇත. සමහර ප්‍රදේශ වෙතට යන්නට ඔබගේ ආගම, හෑදෑරීම් බලකරමින් සිටිනවාද වන්නට හැක. මම ඔබෙන් අසන්නේ ඔබ සැරිය යුතු වඩාත්ම අපූර්ව ප්‍රදේශය පිහිටා ඇත්තේ ඔබගේම මනස තුල බවයි. එහි ඔබට ආපස්ස මෙන්ම ඉදිරියටද යන්නට අපමන අවකාශයක් ඉතිරිව තිබියදී දෛනික ජීවිතයට හුරු පුරුදු සීමිත අවකාශයක පුරුද්ද්ක් ලෙසට සරමින් ඔබ සීමා වී ඇති සැටි ඔබ නොදන්නවා විය හැකියි. මම සපත කොට ඔබට යෝජනා කරන්නට කැමතියි ඔබගේ විසිතුරුම සංචාරය වැටී ඇත්තේ ඔබගේම මනස මත්තෙන්ම පමනයි. එහි නොයන ඔබ ලොවමත කොතරම් දුරක් ඇවිද ගියද පලක් නැති බව මගේ යෝජනාවයි” ඔහුගේ දේශයනය අවසන් කොට විනාඩි කිහිපයක් ගතවන තෙක්ම දේශන ශාලාව දැහැන් ගත වූවාක් මෙන් තබාලන්නට සමත්විය.
මේ තොරතුරු වඩාත් ක්‍රමවත් කර ලෝකය වෙතට පවසන්නට අවශ්‍යය. දැනුම පැහැදිලි කල හැකි මුත් අවබෝධය මදක් අපහසුය. දැනුම පොදුවන විට අවබෝධය “පෞද්ගලික හා පොදු” අවකාශයක අතර ඉදිවන්නකි. එවිට වඩාත් නිර්මාණශීලී වන්නට සිදුවෙයි. එලබෙන ගිම්හානය අවසන් වන්නට මත්තෙන් සියලු කටයුතු අවසන් කරන්නට අවශ්‍යය. විටක ඇය තම කෙටිකාලීන හැදෑරීම් අවසන් කර නැවත නගරය වෙතට පැමිනෙන්නට සූදානම් වනවාද විය හැක. ආශ්‍රම දොර‍ටුවේ වන සියුම් කැටයම් වෙනදාට වඩා පැහැදිලිව පෙනෙනවා වැනිය. ඒව තුල මෙතෙක් නොදු‍ටු තවත් බොහෝ අරුත් ඇතුවා සේ හැගේ.

fdf

     “අප බලාපොරොත්තු වුනේ ඔබ ඊයේ පැමිනේවි කියලයි” ගබඩා භාරකාරතුමා කාර්යාලයේ දොරකඩ විය. “කොහොමද ඔබගේ කටයුතු සියල්ලම සාර්තකද? ගම් වාසීන් පිලිබදව බොහෝ තොරතුරු ඔබ සතුව ඇතැයි මම සිතනවා..” ලොව ප්‍රකට විශ්ව විද්‍යලයක පුස්ථකාලාධිපති ධූරයක් දරමින් සිටි ඔහු තම ඉන්දියූනු සංචාරයකදී දැන හඳුනා ගත් දහමක් පිලිබදව වැඩි දුර අවබෝදයක් සොයමින් සිටින විටකදී අහබු ලෙස ලැබුනු හෝඩුවාවක් ඔස්සේ මෙහි පැමිනි බව මට කීවා මතකය. මෙහිවන අපූරු රිද්මය ඔහුගේ සිත්ගත් ප්‍රමානය කොපමනදැයි කිව හොත් පැමින කෙටි කලකින්ම තම් සේවාස්ථානයෙන් සමුගෙන මෙහි පැමින තිබිනි. මා ආගන්තුකව පලමුවෙන්ම මෙහි පැමිනි දිනයේදීම ඔහු සතුවූ අපූරු ගතිගුන සිත්ගත්තාය. සාමාන්‍ය මිනිස් පරිසරයකදී ආගන්තුකයෙකුට ලැබෙන සැක සහිත පිලිගැනීම මෙහි නොවිනි. විවෘතබව හා සුහඳ බව එහි විය. මේ අපූර්ව ගම්වාසීන්ගේ සිත්ගන්නා තොරතුරු පලමුවෙන්ම මම දැන ගත්තේ මොහුගෙන්ය. “ඔබ මේ ගමන්ම අශ්‍රමය මුදුනතට යනවාද , නැතිනම් දහවල් ආහාරයෙන් පසුව යනවාද? බොහෝ විට ඔබගේ මිත්‍රයා පහලට ඒවි.” පැමිනෙන්නන්ගේ සුව පහසුව ඔහුගේ රාජකාරියක්ම ලෙසට වඩා යමක් ලෙසට හැගෙනවා වැනිය. සූහඳ බව මුල් ස්වභාවයෙන්ම ඔහු සතුව තිබෙනවාක් වැනිය. සමහර විටක විශ්වවිද්‍යාල පරිසරයෙන් එය උරුම වන්නට ඇත නැතිනම් ඔහු ‍රැස්කරගෙන තිබූ අපමනක් කියවීම් ඔස්සේ මේ අපූරු විනය පැමින තිබෙනවා විය හැක. “ඔබට මොකද හිතෙන්නේ මේ ගම් වාසීන් ගැන?” මිනිස් වර්ගයා මෙපමන දුරක් ගෙන ආ ප්‍රදාන සාධයකය වූ කුතුහලය තවමත් ඔහු සතුව තිබෙනවා විය යුතුය. “මට හිතෙනවා මිනිස් කථාන්දරයේ අපට මග හැරුනු සමහර දෑ ඔවුන් සතුව තිබනවා කියලා..” මම පැහැදිලි කරන්නට විනිමි. “මිනිසුන් ලෙසට ඔවුන් තම පරිසරයත් සමග ඇති ගනු දෙනුව හරිම සරලයි. හරිම සියුම්. අපි වාගේ නොවෙයි. ඔවුන්ගේ ජීවිත කතාන්දරය පරිසරය මත ලියවෙන්නේ වඩාත් සංවේධී විදිහට. සරල උදාහරනයක් ගත හොත් ඔවුන් ඉදහිටක හෝ පැමිනෙන විශාල ජල කඳකට තම වගා බිම් වලට හානියක් වනට ඉඩ නොතැබෙන්නේ එයට එරෙහිව නොව එහි වන බලය තේරුම් ගෙන එය හා එකග වීමෙනියි” ඔහු සිහින් සිනාවකින් මා දෙස බලන්නේ මහත් තෘප්තියකින් වනිය. සමහර විට පලමු දිනයේදීම තමන් අතින් දැල්වූ කුතුහලයේ කුඩා පහන්සිල මෙතරම් වර්ධනය තිබීම ගැන සතු‍ටු වනවා විය යුතුය.

fggggg

       පැහැදිලි සැදෑව ලෝකය මත කෙටි සක්මනකට කැදවන සුහඳ ඇරයුමක් බඳුය. ටිබෙටියානු මිතුරා දහවල අහරින් පසුව මද විවේකයක් ගන්නවා විය යුතුය. සැඩ නොවන හිරු මඩල කඳු මුදුනතට පැමිනෙන්න යැයි නැවත පවසයි. ගසකින් ගිලිහී වැටෙන පත්‍රයක් වුවත් විවෘත වන්නට සූදානම් මනසකට මහත් නිමිත්තකි. “ලෝකයේ බහුලව වෙසෙන්නන් වර්ග දෙකකට බ්ර්ඳිය හැක” මේ ටිබෙටියානු මිතුරාගේ අදහස් ය. “ඉන් එක කොටසක් ජීවිතය ගැන මුලික අරගලයේ සිටී. හැබැයි මේ කොටස වටා සිටිනා තවත් කොටසක් කයින් මේ මූලික අරගලයෙන් මිදී සිටියද මනසින් ඔවුන් හා සමවන්නෝමය. පැහැදිලි අනෙක් කොටස නම් විමසිලිමත් ජීවිතය නිද්‍රාවට පත්වූ අඩව පියන් දෙනෙතින් ලොව දේ බලා සිටින්නෝය. ඔවුන් කති බොති, නිදියති හැරෙන්නට ජීවිතය සමග වෙනත් ගනු දෙනුවක් නැත්තෝ පරිදිය” ඔහු ලොකය අර්ථ දක්වන්නට මහත් රුසියෙකි. “තව දුරටත් උගතුන්ගේ ආධිපත්‍ය ඒ තරම්ම වැදගත් නැහැ. වැදගත් වන්නේ දැනුම සමග නිර්මානශීලී වන මිනිසුන්ගේ පැමිඔනීමයි” සමහර විටක එම මතය පිලිගන්නට තව කාලයක් යන්නට පුලුවන වේගයෙන් දියුනු වන පරිගණකය වැනි උපකරන්ම අසුරු සැනින් දැනුම භාවිතාකරන්නා කරා ගෙන එන්නට නිරන්තරයෙන් සූදානම් වෙමින් සිටී. දියුනු වන AI වැනි තාක්ශනයන් ඒවා වඩාත් නම්‍යව හා ස්ථානොචිතව පහසුවෙන් ගෙනෙන්නේ කෙසේ දැයි නිරන්තරයෙන් විමසමින් සිටී. මේ පසුබිමව සැලකීමේදී වසර සිය ගනනකමිනිස් වර්ගයාගේ ආධිපත්‍ය අවකාශයක් වේගයෙන් අස්ථාවර වෙමින් තිබේ. පැමිනෙන ලෝකයේදී බරපතලව පියවර තබන ආඩම්බරකාර වියතුන් අසරනව යන්නේ ඔවුන් මහත් ආඩම්බරයෙන් මතකයේ ටදවා ගෙන සිටින බොහෝ තොරතුරු ලබාගැනීම යාන්ත්‍රිකව වන්නට නියමිත බැවිනි. මේ ගම්වැසියන්ගෙන්ද හෙලිවන ප්‍රධාන කාරනාවක් වන්නේද එයයමය. ඔවුන් සතුව පරම්, පරාවෙන් එන මහා බ‍රැති පොත් පත් සමුදායක් නැතිය.නමුත් දියුනු ලොවට පවා අභියෝගකල හැකි අවබෝධයකින් ඔවුන් ජීවත්වේ. තම පරිසරය සමග ගනු දෙනු කෙරේ.

itlk

      සිත් අවකාශයේ ඔබ මොබ සක්මන සමග කඳු මුදුනත සක්මනද බොහෝ දුරට විහිදී ඇත. අඳුරට පෙර ආශ්‍රමය වෙතට පැමිනෙන්නටනම් පා ඉක්මන්කල යුතුවා සේ හැගෙන දුරක් පැමින ඇත. හොඳින් වන ආලෝකය ඇති මුත් සිසිලැති පරිසරය ගෙනෙන්නේ මහත් ප්‍රබෝධාත්මක බවකි. නගරයට ඔබ්බෙන් වන කඳු මුදුනතේ අප එක්ව ගලා ගිය කාලය නැවත පන ගන්වන්නට හොඳින්ම කාලය පැමින ඇතුවා සේය. සතියක කාලයක් නිදහස් ලැගුම් හලක ගත කල විට ‍රැස්ව ඇති තොරතුරු යලි පිලිවලක් ඇතිව සකසා ගන්නට හැකි වනු ඇත. “මිනිසුන් විෂයන් වලට හිරවෙලා හරිම සීමිත වෙලා කියලා මම හිතනවා” වරක් අප කඳු මුදුනතට වී කල දෙබස් සක්මනක් අතරතුර මම යොජනා කලෙමි. බොහෝ හෑදෑරීම් අසම්පූර්න වන්නට මේ බව හොඳටම බල පානවා. සීමිත මනස ගෙනෙන්නේ සීමිත දැනුමක්. මම ඇයට යෝජනා කලෙමි. “අර ආශ්‍රම භූමිය ලග මිනිසුන් අසරනද අපට වඩා ශක්තිමත්ද කියලා තීරනය කරන්න තරම් අපි නොදියුනුයි කියලා මම හිතනවා. එක අතකින් මේක හසුවීමක්, නැතිනම් අපිවම සීමා කර ගැනීමක්. හැබැයි මේ සිමා බිඳලන එක හරිම අභියෝගාත්මකයි. අනිත් පැත්තෙන් තීරනාත්මකයි”. ඇය බොහෝ වෙලාවක් වුවද නිහඬවම සවන් දෙන්නට සමතියකි. විටක හෝරාවක් දෙකක් පවා. සමහර අවස්ථාවලදී ඇයගේ සවන්දීම ව්‍යාජයක්ද දැන ගැනීම සදහා බොහෝ පෙරදී මා කියන ලද කරුනක් ඔස්සේ යලි විමසුමක් කරන විට ඇය මනාව ඒ පිලිබදව කථා කරන්නට තරම් අවධානයක් දී ඇති බව තහවුරු කරවයි. “සමහර විටක අද අප මේ පසුකරමින් සිටින අධ්‍යාපන ක්‍රමය ඉදිරි දශක කිහිපයතුල වෙගයෙන් මෙන්ම සම්පූර්නයෙන්ම වෙනස් වේවි කියලා මම හිතනවා. මිනිසුන්ට මතක තබා ගැනීමේ සිට මතකයන් අතර ක්‍රියාත්මක වීමේ නව අවකාශයක භාවිතාවක් පැමිනේවි කියලයි මට දැන්නේ. තොරතුරු තාක්ශන ඒකට අවශ්‍ය පරිසරය වේගයෙන් දැනටමත් නිමවමින් තිබෙනවා කියලා මට දැනෙනවා.” ඇය සියල්ලම පාහේ හොඳින් මතක තබා ගන්නට කටයුතු කරයි. පසුව සටහන් බවට පත්කරන්නට වගබලා ගනී, අවශ්‍ය විටකදී පහසුවෙන් ඒවා නැවත ගෙනෙන්නට සහය වෙයි. කොටින්ම ඇය අපූරු හෑදෑරුම් සහකාරියකි.

wwwwwwww

           ලොව යනු බැදීම් ගොඩකි. බෑදීමක් යනුම සමුගැනීම නම් න්‍යෂ්ටිය වඩා ගොඩ නැගෙන යමකි. ආශ්‍රමය, ලොකුසේවාමීන් වහස්සේ, ටිබෙටියානු මිතුරා, ගබඩා භාරකරු වැනි සිත ප්‍රියකරන පරිසරයෙන් නැවත සමුගන්නට සිදුව ඇත. හිරු අවදියත් සමග මගට වන් නිසා හිරු කෙඳි දැඩිවන්නට පෙර ගම්මාන කදු වැටිය පසුකරන්නට හැකිවිය. සමහර විටක මේ අපූරු පරිසරය කෙදිනක වත් යලි හමු නොවනු ඇත. එහෙත් යලි හමුවන්නටනම් සමුගන්නටම වනු ඇත. ආසන්නයේම එලබෙමින් ඇති ගිම්හානයේ සුපුරුදු නගරයේදීම හමුවන්නට නගරයට ගිය විගස ගිවිසාගන්නට සැලසුම් කලෙමි.
ඇය Email පනිවිඬයක් ඔස්සේ පෙරමග බලා සිටින බවට දන්වා තිබිනි. එලබෙන දෙවන සතියේ එම නගරය වෙතට යන්නට අවශ්‍ය ගුවන් පත් පහසුවෙන්ම වෙන්කරවා ගන්නට හැකිවීම සිත තුල මහත් ධනාත්මක බලාපොරොත්තුවක් ඇති කලේය. මෙම නගරයේදීම එලබෙන පලමු සතිය ගතකරන්නට සුදුසු නිහඬ පරිසරයක වන නවාතැනක් එම සතිය සදහා වෙන් කර ගත්තේ දල සටහන් තබන්නට වඩාත් කාලය නොගත යුතු යැයි සිත බලකරන්නට වූ බැවිනි. පසකින් ගංගාවත් අන්දෙසින් විශාල වගා බිම් සහිත නගරයට මද දුරක් ඔබ්බෙන් වූ තාවකාලික නවාතැන සිත සංසුන්ව මුල් සටහනට අවශ්‍ය පරිසරය නිතැතින්ම ගෙනවිත් තිබිනි.
“මෙම සටහනෙහි අවසානය මමද නොදනිමි. මෙහි තැගෙන වදනින් වදන මමද ඔබ සමග මෙහි කියවෙන ගම් වැසියන්ගේ අර්ථය සොයා යන්නට උත්සාහ කරමින් සිටින්නෙමි. විටක මාගේ අවිනිශ්චිත භාවය ගැන නොසතුටට පත්වනු ඇත. එහෙත් සත්‍යය එයය. විටක එය අද අප හොඳින් විඳිමින් සිටින තාක්ශනය විද්‍යාව ඇසුරින් පැහැදිලි කරගන්නට හැකි වනු ඇත. තවත් විටක දේශපාලනය, දර්ශනයන් වැනි විෂයන් ඔස්සේ ඒ දෙස බලන්නට අවශ්‍ය වනු ඇත. සමහර විටක අද ඔබ මා විඳිමින් සිටින මේ සමස්ථ පතයෙන් ඔබ්බට චලනය වන්නට අවශ්‍ය වනු ඇහි බවට මා අනුමාන කරන්නේ දැනට අපසතු දැනුමින් මේ සමහර දෑ තේරුම් ගන්නටව් අපට හැකි වෙතයි මා අවිස්වාස කරන බැවිනි.” නගරයේදී ඇය හමුවූ විගස ඇය අත තබන්නට නියමිත මුල් සටහන එලෙස ආරම්භ කලෙමි. “අප සිතනා තරම් ප්‍රබලයන් වන්නට අඩුතරමින් මේ මිහිකතට වත් සාපේක්ශව අපට නොහැකිව තිබේ. මෙහි වන සමහර බලයන් හමුවේ පවා අප තවමත් අති දුබලයන් මෙන් අසරනව යයි. ඒ සදහා අද අප විඳිමින් සිටින ධනය හා බලය මත ‍රැදෙන මිනිස් සංස්කෘතියෙන් ඉදිරියට තල්ලු වන්නට අවශ්‍ය වනු ඇත.”