save-forest-house-young_185

   මා ජීවිත කාලය තුල බොහෝ දුර ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. කඳු මුදුනත් අතර දිවෙන ප‍ටු පා මාවත් ඔස්සේ ඇවිදින විට දැනෙන්නේ දිව්‍ය හැගීමකි. පැහැදිලි කඳු මුදුනත් වලින් වටවූ නිම්නයන් මත්තෙන් දිවෙන මාවත් ගෙවන විට සුරක්ෂිත අපූරු සැහැල්ලුවක් ලැබෙයි. මේ හැම තැනකම ඇත්තේ ගස් වැල් හා පොලොව වුවද මේ සියල්ල මතුපිටින් බොහෝ වෙනස්කම් ඇත්තේය. කලකට ඉහතදී ආදරනීය ටිබෙටියානු මිතුරා මේ අත්දැකීම පැහැදිලි කලේ අපූරු උදාහරනයක් සමගය. “ඔබ නොදන්නවා උනාට ඔබට පෙනෙන ඔය ගස් වැල් වැලිකැට පස් ගල් පර්වත අතරින් නිරන්තරයෙන් සරන තවත් ජීවයක් තිබෙනවා. සුලග, ආලෝකය, ජලය ගලා යාම ඒ ශක්තිජීවියාව නිර්මානය කරනවා. සමහර විටක විසුලු බවක් පෙනුනද මද හෝ සංවේදී පරිසරයේ කරන සමහර වෙනස් කම් ඔස්සේ ඔබට ඒ අත්දැකීම ලබන්නට පුලුවන් වේවි. ෆෙන්ශූයි, තයිචි වැනි බොහෝ නම් වලින් මිනිසුන් මේ රිද්මයට ලංවෙන්නට උත්සාහ කරලා තිබෙනවා…” ආශ්‍රම භුමියද එවැන්නකැයි මම සිතමි.
කලාතුරකින් සිදුවන අපූර්ව ශක්ති සංයුතියක් මෙහි ගොනුව ඇතැයි මට හැගෙන සුලුය. ලොව නෙක බොහෝ පරිසරයන් කොතැනකදී වත් මෙවන් ශාන්තිමත් තැන්පත් පරිසරයක් මට හමුවී නොමැත්තෙමි. පලමු ආශ්‍රම ගමනේ පලමු දින දෙක තුන ගතවන විටදීම මේ ජීවිත සංචාරයේ නවා තැන වෙතට පැමිනියා වැනි හැගීමක් ඇති විය. දිගු සංසාර ගමනේ මිත්‍රයා හමුවීමක හැගීම ගෙනෙන්නට ටිබෙටියානු මිත්‍රයා සමත්විය. කදුමුනතට වන්නට වූ කුටියෙහි ගෙවූ කාලය දිව්‍ය අත්දැකීමකැයි නොසිතන්නට කිසිසේත් බැරුවා සේය. විටක අඟුරු කැටයකින් විටක සුසුදු වැලි තලය මත ඇගිලිතුඩකින් ඔහු නිමවන සරල රේඛාමය සිතුවම් නෙතද, විටක ආශ්‍රම භූමියේ බටහිර බෑවුමේ පහලින් ගලා යන විශාල ගංගාව අසබට වන්නට විත් වැලි තලය මත වැතිර ඔහුගේ අපූර්ව ඉන්දියානු ශ්‍රාස්ත්‍රීය ගායනා සවනටද ගෙන ආ වින්දනීය බව එම පරිසරය තුලදීම හැරෙන්නට ලොව අන් කිසිම තැනකදී නැවත සිදුවේවි යැයි මට විශ්වාස කල නොහැකිය. ආත්මීය දිව්‍ය අවකාශයට පිවිසෙන්නට තව ඇත්තේ පියවර කිහිපයකි. නොදැනීම පය ඉක්මන් වන බවක් දැනෙන්නට ගැනේ

                                ආශ්‍රමයේ පිවිසුම සුපුරුදු පරිදිමය. නෙතට හුරු පුරුදු එහි වන සටන් පෙලවල් එලෙසමය. ගබඩාකරුගේ කුටිය හා කාර්යාල ගොඩ නැගිල්ල කාලයෙන් වියුත්තව වෙනම කාල රටාවකට යටත්ව සිටිනවා වැනිය. එහෙත් සුපුරුදු අපූරුවත් බව නම් අඩුවක් නොමැතිවා සේම එලෙසමය. “මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය” එනම් වෙනස අහිමිවන විටම මානසික වියවුලක් නැගෙන සුලුය. පුදුමයකි කිහිප විටක්ම පැමින බොහෝ කලක් ගතකල මෙම පරිසරය තවමත් පලමුදා මෙන්ම අපමන නැවුම්ය. තැන තැන වන විශාල රුක්ශයන් පවා දැහැනකට සමවැදී නතරවා සිටිනවා වැනිය. නැවත නැවතත් මනස අවදිකරවා ගෙන විමසා බලන්නට තැත් කලෙමි. සියල්ල එලෙසමය.
“මහත්මයා ඔබතුමා කාලයකින්…” ගබඩාකරුගේ සුපුරුදු කට හඬ කාර්යාලයේ දොර‍ටුව දෙසට මා අවධානය යොමු කර ගත්තාය. ඉන්දියානු වැසියෙකු මෙන් ඇඳ පැලඳ සිටියද ජර්මන් ජාතිකයෙකු වූ ඔහු ප්‍රකට විශ්වවිද්‍යාලයක පුස්ථකාලාධිපති වරයෙක්ව කාලයක් සේවය කරමින් සිටි අතර නිවාඩුවක් සදහා අහඹුලෙස ඉන්දියාවට ගිය විටකදී දහම ගැන අවදිවූ මනසක ප්‍රථිපලයක් ලෙසට මෙම ආශ්‍රමය තම අවසන් නවාතැන ලෙසට තොරා ගත්තෙකි. “මෙහි ඔබව හසුරවන්නට කිසිවෙකු නොමැත්තේය” ප්‍රධාන දොර‍ටුවේ වන සටහන සැබෑවකි. මෙහි වන ශාන්තිමත් රිද්මයවෙතට සුසර වන්නට බැරිවන පැමිනෙන්නන් අතරින් බොහෝ දෙනෙක් පිටව යන්නේ ස්වකැමැත්තෙන්මය. ගබඩාකරු පැමින ටික කාලයකින් පූර්න කාලීන දහම වඩන්නෙක් වන්නට තමන්ට නොහැකි බව වටහා ගෙන කැමැත්තෙන්ම ගබඩාව හා කාර්යාලයේ පූර්නකාලීනව සේවයට කැමැත්ත පල කල අයෙකි. “ඔබව දකින්නට ලැබිම සතුටක්..” පවසමින් මම කාර්යලයට ගොඩ උනෙමි. ” මම හිතන්නේ ඔබතුමා වඩාත්ම බලාපොරොත්තුවන පනිවිඬයක් තිබෙනවා. ඔබගේ හිතවත් ටිබෙටියානු මිත්‍රයා ලගදී නැවත පැමිනියා. කීපවරක්ම එතුමා ඔබ ගැනත් විමසා සිටියා” සුපුරුදු කාරුනික හඩින් ඔහු පවසා සිටින්නට විය.

                                         කාර්යාලයේ පිවිසුම් දොර‍ටුව අද්දර වූ දැව අසුනට බර දීමි. “ඔබතුමාගේ පැමිණීම මහත් සතුටක්. මට විනාඩි කිහිපයක් දෙන්න ලොකු ස්වමීන්වහසේ හමුවෙලා එන්න.” කඩිසර ගමනින් යන ගබඩා පාලකතුමාට මා පැමිනි බව ලොකු ස්වමීන්වහසේ වෙතට සැලකරන්න අවශ්‍යව ඇතුවා විය යුතුය. මතක නිවැරදිනම් වසර 10ක් වැනි දිගු කලක් තිස්සේ අප කිහිප විටක්ම හමුව තිබේ. එය අපූරු බැදීමකි. මෙහි වන කිසිවෙකු අතර යැපීම් සිදු නොවේ. එකි නෙකා ප්‍රියකිරීම ඇරබෙන්නේ ඉහල තලකිනි. බර වචනයකින් පවසනවා නම් අධ්‍යාත්මික බැදීම යනු මෙය විය යුතුය.
“හැම තැනකම ඇත්තේ තොරතුරුය. සමහර තොරතුරු වලට ස්වභාවික ලෝකයේ මූලයන් ඇත, සමහර ඒවාට කිසි සේත්ම නැත. මිනිස් සංස්කෘති කථාන්දරය තොරතුරු හඳුනා ගැනීම හා ඒවා නිසි කලමනාකරනයට මිනිස් වර්ගයා ලත් හැකියාවේ දිගු ගමන් මගයි.” වරක් අප විශ්ව විද්‍යාලයට පැමිනි ආරාධිත දේශකතුමකුගේ නිර්වචනය නැවත නැවතත් සිහියට නැගේ .”DNA අනුවක් ‍රැගෙන යන්නෙත් තොරතුරුයි. මාසිකව ඔබ ගනු දෙනු කරන බැංකුවෙන් වාර්ථාවක් එවන්නේ ඔබගේ ගිනුමෙහි සිදුවූ චලනයන්ගේ තොරතුරුයි.” එය අපූරු නිර්වචනයකි. තොරතුරු තාක්ශනය පිලිබඳ විශාරදයෙකු වූ ඔහු අවසානයේ දහම ගැනද සඳහන් කරමින් තම දේශනය අවසන් කරන්නට කටයුතු කලාය. “අන්තිමට දැන් මට අවශ්‍යයි මම නම් තොරතුරු ගොනුව සැහැල්ලු කර ගන්නට. පලමුව වේගයෙන් එහි වන තොරතුරු ‍රැස්වීම අඩපන කරගන්නටත් ගබඩා වී ඇති තොරතුරු හැකි තරම් අඩුකර ගන්නටත්”

                                             කෙමෙන් දැඩිවන හිරු කෙඳි කාර්යාල භූමියේම මදක් දුරින් ඇති විශාල නුගරුකෙහි අතු පතරින් රිංගා යමින් මිහිතලය සිපගන්නා විට මැවෙන්නේ සිත්ගන්නා අපූරු රටාවන්ය. ගබඩා භාරකරුගේ මද පමාව ඔස්සේ මදක් එදෙසට ඇවිද යන්නට සිත පෙලබේ. පෙර කී දේශකයා තොරතුරු තාක්ශනය හා පුද්ගල හා සමාජ යාන්ත්‍රන අතර තිබූ නොහැදූරුනු අවකශය පිලිබදව වඩාත් විනිවිද යන මතවාද කිහිපයක්ම පලනුවෙන් ලොවට හෙලි කල විද්වතෙකු වූවාය. මිනිසා භාෂා අත්පත්කර ගැනීමෙන් පසුව මිනිස් වර්ගයා අත්පත්කර ගත් වඩත්ම තීරනාත්මක හැකියාව තොරතුරු තාක්ශනය බව ඔහුගේ මතය විය. විටක භාෂවටත් වඩා තියුනු ලෙස මිනිස් ජීවිත විනිවිද යමින් එය මිනිස් වර්ගයා වෙතට සේවයක් ගෙනෙනු ඇති බවට අදහස් පල කොට සිටියාය. ” ඔබ ඔබගේ විෂය සීමාව ඉක්මවා යන්නෙකි” දේශයනය අවසානයේ විමසුම් යොමුකරන අවස්ථාවේදී අපගේ විශ්වවිද්‍යාලයේම කනිෂ්ඨ ආචාර්ය වරයෙකු උපහාසාත්මකව ප්‍රශ්න කොට සිටියාය. සරල පාවහන් යුගලක් හා මද අවපැහැගැන්වුනු ඇඳුමකින් සැරසී සිටි එම දේශකයා සුපුරුදු සරල මුත් තියුනු වදන් වැලකින් පිලිතුරු දුන්නාය. “මට ඔබගේ උගත්කම් පිලිබදව වන ඔප්පු තිරප්පු වැනි හිමිකම් වලින් එතරම් තේරුමක් නැහැ. මම නිදහසේ ඇවිද යන්නෙක්. හැබැයි ඔබ මා වැරදි බව පැහැදිලි කරන හැම වාරයක් පාසාම මම ඔබට ගරු කරනවා. මන්ද ඒ හැම වාරයකදීම ජීවත් වන්නට අරමුනු ගෙන එනවා. හැබැයි ඔබතුමාට මම පෙර කීවා සේ දැනුම පිලිබදව ඔප්පු තිරප්පු වල මානය මට අදාල නැහැ. තවත් පැහැදිලි කලහොත් දැනුම හා අවබෝදය පිලිබදව මගේ මානය ඔබගේ මානයන් වලට වඩා වෙනස්. කොටින්ම ඒවා එකි නෙන හමුනොවන තරම් වෙනස්”. ඔහු අපූරු මිනිසෙකි.

                            මේ විසල් නුග රුකට ඔබ්බෙන් වන ශාලාව වේ පසු පසින් වන ගල්තලාව හා ඉන් අද්දරට ඇත්තේ තියුනු ප්‍රපාතයකි. ලොකු ස්වමීන් වහන්සේ බොහෝ විවේක අවස්ථා සදහා තොර ගන්නේ මෙම අවකාශයයි. ඒ ගල් තලාව මතට ගොඩ වූ විට මහත් දුරින් වන කඳු වැටි දක්වාම විහිදෙන්නේ විසල් විවෘත අවකාශයක්ය. විටක පමනක් මහත්සේ කැලෙබෙන සියතුන්ගේ හඬ හැරුනු විට අවට වන ගසකින් ගිලිහෙන තුරුපතක් පොලොව මත ඇද වැටෙන හඬ පවා ඇසෙන තරමේ නිහඬ බව පෙර කී නිදහස් නෙතුමාන අර්ථයට වඩා බරපතල වටිනා කමක් ගෙනෙනවා වැනිය. ගබඩා බාරකරුගේ පමාව ඔස්සේ එම ගල්තලාව මත හිඳ මොහොතක් ගෙවා දමන්නට අවසර ලදිමි.
පෙර කී දේශක තුමාගේ දේශනයේ අවසාන භාගයේ සඳහන්වූ අපූරු සටහන් කිහිපයක් මතකට පිවිසේ. “ජීවිතේ කියන්නෙත් තොරතුරු ගොනුවක්. හරිම සංකීර්න එකක් හැබැයි. සිලිකන් මූලික ද්විත්ව වටිනාකම් ආකාරයට ගොඩනැගෙන යන්ත්‍රනයකට වඩා සංකීර්න ආකාරයට එතැනදී තොරතුරු ගබඩා වීම, යලි යලිත් සැකසීම, නැවත ලබාදීම සිදුවනවා වුවත් සරලව සලකන විට සමානකම් බොහොමයි. මට වැටහෙන ආකාරයට සසර වගෙ සංකල්ප පවා ගොඩ නැගෙන්නේ මේ විෂයට එකග ආකාරයට. දහම අපට යෝජනා කරනවා මේ අපිරිමිත තොරතුරු ‍රැස්වීම පාලනය කරන්නට කියා. දහම අපට යෝජනා කරනවා ‍රැස්ව ඇති තොරතුරු ඔස්සේ අපව නැවත නැවත මෙහෙයවෙමින් සිදුවන ක්‍රියා වලීන් අවසන් කර දමන්නට නොපමාව කටයුතු කරන්නට කියා. බොහෝ නම්වලින් කෘතීම සීමා පනවාගන්නා දහම් සියල්ල යෝජනා කරන්නේ මෙයයි. පරිගණක විෂය තුලද අද මේ වගෙ යෝජනා “ඩිජිටල් වෙහෙස” වගේ නම් ඔස්සේ පැමිනෙනවා දකින්නට පුලුවන්. මේ දහම පිලිබදව දේශනයක් නොවන බව මම නොදන්නවා නොවේයි. ඒ වාගේම දහම හා තාක්ශනය සසදන්නට වගේ විසුලු කරනාවකට නොවෙයි මම උත්සාහ කලේ..” නැවත ආශ්‍රමය වෙතට පැමිනෙන්නට එම දේශනය දැඩි සාධකයක් විය.

       දැනුම අපූර්ව උපකරනයකි. එහෙත් එයට පාදා දිය හැකිදෑ සීමිතය. ජීවිතයට අවශ්‍ය බොහෝ දෑ ඉන් ඔබ්බටව පවතී. ලොකු ස්වමීන්වහන්සේ දැනුම යන්න පහදා දෙන්නේ වඩාත් අපූර්ව ආකාරයට. විටක ආශ්‍රමය කරා පැමිනෙන තම දැනුම පිලිබද උඩගු වන්නන් හා වාදයට පිවිසෙන්නේ නැත. මද සිනාව උන් වහන්සේගේ වඩාත් සංකීර්න පිලිතුරක වනවාය. විටක ඔවුන් භෞතික විද්‍යාව පිලිබදව වියතුන් වන අතර තවත් විටක වෛද්‍ය විද්‍යාව පිලිබදව වියතුන්ය. ඔවුන් අතොරක් නැතිව පැහැදිලි කරන සංකීර්න කාරනා ලොකුස්වමීන් වහන්සේ බොහෝ විට ඇහුම්කන් දෙන්නේ සුපුරුදු මද සිනාව සමගය. එහි අපහාසාත්මක බවක්, උඩගු බවක් හෝ නොසලකා හැරීමක් නැතිවා වැනිය. වැඩි හිටියෙකු කුඩා දරුවෙකුගේ දගකාර හැසිරීම් දෙස මැදහත් සිතින් බලා සිටිනවා වැනිය.
ජීවිතයට හමුවූ අපූරු චරිත අතර වරක් ආසියානු අධ්‍යාන ආයතනයක සේවය කරන අතර නැවතී සිටි නේවාසිකාගාරයට ආසන්න නගරයේ පෞද්ගලික වෛද්‍ය ආයතනයකදී හමුවූ කුඩා වෛද්‍යවරිය මතකයට නැගේ. වයසින් මෙන්ම සිරුරෙන්ද සරල තරුනියකවූ ඇය අහබු ලෙසට වරක් දහවල ආහාරය සදහා නගරයේ අවන්හලක ගොඩව සිටියදී පලමුවෙන්ම හමුවිය. ඇය වඩාත් සිත් ගන්නා ලෙසට දෑ පහදා දෙන්නට සමත් එකියක වූවාය. සාමාන්‍ය වෛද්‍යවරියක ලෙසට සේවය කරමින් සිටින අතරම ඇය වැඩිදුර අධ්‍යාපනයේ නිරතව සිටින්නක වූවාය. තම විෂයෙහි වඩාත් නම්‍යව ඔබ මොබ සරමින් මා අසන ගැටලු පහදා දෙන විටක මා මනස ඉබේම ද්විත්ව ස්වරූපයක් කරා මෙහෙයවෙයි. එක් කොටසක් ඇය මාගේ විමසීම පහදන යුරු අවධානයෙන් සිටින අතර අනෙක් කොටසින් ඇය වඩාත් ලගන්නා හඬින් එම පැහැදිලි කෙරුම කරන ආකාරය වෙතට ඉබේම සමීප වේ. ඉතා වෙහෙසෙමින් තම වෘතීය අනාගතයක් ගොඩ නගාගන්නට වෙහෙසෙමින් සිටිය ඇය වෙතට මා සිත බෙහෙවින් ඇදී ගොස් තිබිනි. තම දැනුම අතර සිට නොව දැනුමට මදක් ඉහලින්වන අවකාශයක සිට දෑ දකින්නට පැහැදිලි කර දෙන්නට ඇයටවූ හැකියාව අපූරුය. මිනිස් සිරුර , මනස, ඒවායේ ස්වභාවය, ක්‍රියාත්මක වන ආකාරය විවිධ ආකාර ගත් ආසාධනයන් චතුර ලෙස පැහැලිකරමින් වටහා දෙන්නට ඇය කැමති විය. එම මිතුදම “හැදෑරිම් ප්‍රියයන් දෙදෙනෙකු” ගේ ලෙසට හැරෙන්නට වෙනත් ආකාරයකට ඒවකට මා භාවිතාකල දින සටහන්වලට අර්ථ ගන්වා ගන්නට මට නොහැකි විය. “මිනිසුන් එකි නෙකා ප්‍රියවීමේ පදනම ඉතා සරල කායික මට්ටමේ සිට අධ්‍යත්මික මට්ටම දක්වන වන වපසරියෙහි බොහෝ නෙක පැහැ ගන්නා අවස්ථා ඇති බව ” එවකට මා සටහන් කර තැබුවා මතකය.