අවසාන දින කිහිපය වන විට නැගෙමින් තිබූ අපහසු බව මකා ගන්නට මෙන් වරක් මා තැබූ දින සටහන් මතකය. එය නම් “කාලය සාපේක්ශ බවට නම් දැන් මාහට කිසිදු සැකයක් නැත. මා මේ නගරයට පැමිනි මුල් දින වල විවේකී දිනයන් ගතකර ගන්නට නොහැකිව විටක කිහිපවරක් නගරයේ වීදී ඔස්සේ එක් කෙරවලක සිට අනෙක් කෙරවල දක්වා ඇවිද ගිය කාලයක්ද විය. ඒකාකාරී මත්පැන් හලවල් නිෂ්පල උත්සාහයන් බව ඉක්මනින්ම හැගිනි. දරුනු හුදකාලාවකට මැදිව උද්‍යානයේ කෙරවලක ලී අසුනක් මතට වී ඉදිරියෙන් ගලා යන ගංගාවේ නැගෙන සිහින් දිය රල මනින්නට තැත් කරමින් සිටින කලක අහබු ලෙස හමුවූ අපූරු තරුනියක සියල්ල වෙනස් කර දමන්නට හැකිව ඇත. නගරයේ සෙවය කරමින් සිටින වෛද්‍යවරියක වූ ඇය කැපී පෙනෙන මහත් රූමත් එකියකද නොවූවාය. නමුත් ඇය ක්‍රියාශීලී , ප්‍රසන්න ගති පැවතුම් මෙන්ම වාග් විලාශකින් යුත්ත එකියක වීමම අප නැවත නැවත හමුවන්නට වූ අවිඥානික බලකිරීමක් විය. ඒ සිදුවීමේ මුල් භාගයේදීය. මැද භාගයේදී හැදෑරීම් ප්‍රිය අප දෙදෙන තොරතුරු තාක්ෂණය හා එමින් ඇති ජීවි විද්‍යාත්මක තලයන අතර වන එකගතාවයන් ගැන හැදෑරීම් සටහන් පෙලකට පවා පෙලබිනි.අවසාන භාගය දැන් පැමින ඇත. මෙහි පැමිනි මුල් කාලයේ අප අතරින් ගලා යමින් තිබූ කාල යාන්ත්‍රනය කිසිවෙකු විසින් වෙනස් කර ඇද්දැයි සැක සිතෙන තරම්ය. බොහෝ සෙයින් ඈලි මෑලිව නැග බැස ගිය හිරු මෙතරම් ජව සම්පන්න වූවේ කෙසේදැයි මම මගෙන්ම විමසමින් සිටින්නෙමි”(56)
පැමිනෙන අඳුර නෙතුමානයේ වන සියල්ල පැන්සල් සිතුවමක් පමනක් බව පත්කරමින් ඇත. එය එලිය හා අඳුර පිලිබදව පමනක් වෙමින් ඇත. ඝන මිහිදුම් වැනි ස්වභාවය තැනින් තැන වෙනදාට දකින දැල්වෙන පහන් සිලු මුවා කර දමා තිබෙනවා විය යුතුය. විටක යෝධයන් මෙන් නැගී සිටින මිනිසුන් තවත් විටක අසරනයන් වන්නේ විටක හරිම අතාර්කික ලෙසටය. එම නගරයෙන් සමුගැනීම හෙටයි කියා තිබූ දිනයට පෙරදා දහවල මා දුන් දුරකථන ඇමතුම් කිසිවකට පිලිතුරු දෙන්නට අන් කෙරවලේ සප්‍රානික කිසිවෙක් නැතුවා වැනි විය. මා සේවය කල ආයතනයේ එම අධ්‍යන වසර සදහා මා වෙතට නියමිතව තිබූ අවසන් දේශනය අවසන් කල විගස ඇය සේවය කල ආයතනය වෙතට යන්නට මට අවශ්‍ය විය. ඒ වෙත ගිය මා ඔවුන්ගේ විවේකාගාරයේදී ඇයව හමුවිය හැකි බවට දැන්විනි. ඔවුනගේ විවේකාගාරයේ කවුලුවක් අසලවූ අසුනකට ව ඇය සිටියාය. මාදු‍ටු විට යාන්තමින් සිනාසුනු ඇය “මට ටිකක් හිසරදේ වගෙයි. විවේකයක් ගත්තිත් හොඳයි කියා සිතුනා” ඇය පත්ව ඇති සබෑතත්වය වසන් කරන්නට අසාර්ථක උත්සාහයක යෙදිනි. “ඔබට හොඳයි කියා සිතනවානම් අපි එලියට යමු”. තප්පර කිහිපයක් කල්පනා කල ඇය කල ඇය තම ටැබ් පරිගණකය ඔස්සේ අදාල අයැදුම ආයතනය වෙතට යොමු කලාය. වසරක් පුරාවට බොහෝ දේ කථාකරමින් මේ නගරයේ අපූර්ව පරිසරයන් මත හෝරා බොහෝ ගනනක් ඔබ මොබ සක්මන් කරමින් සිටි අප අතරට හදිස්සියේම තවත් හෝරා සියගනනක් කථාකරන්නට දේ පැමින ඇතුවා සේය. විනාඩි කිහිපයක් දැඩි නිද්‍රාවකින් මෙන් නිහඬව සිටි අප ටැබ් යන්ත්‍රය ඔස්සේ ඇයගේ ඉල්ලීම පිලිගත්බවට පැමිනි ආයතනයේ පනිවිඬය සදහා වූ සිහින් හඬින් අප නැවත පියවි ලොවට පැමිනුනා මෙන්විය.
අප ආයතනයේ රථගාල වෙතට පිය නගන්නට වීමු. අප හමුවූයේද දිගැති දවසැති උනුසුම් ගිම්හාන කාලයකදීය. චක්‍රානුකූල සොබා දහම නැවත ඊලග ගිම්හානය ‍රැගෙන විත් ඇත්තේ තාවකලිකව හෝ සමුගැනීමක අනිවාර්ය ඇරයුමක්ද ‍රැගෙනය. නොසලකා හැරීම සමස්ත ජීවිතයටම බල පෑහැකි වාතාවරනයක්ද පසුබිම් කරගත් සමුගැනීමක ඇරයුමක් ගෙනය.(57)
උනුසුම් දහවල අවසන් භාගයේ වූවද විවෘත කඳු මුදුනත එතරම් සුවපහසු තැනක් වන්නට නම් තව හෝරා දෙක තුනක් වත් අවශ්‍ය හෙයින් අප නගරයේ උද්‍යානය වෙතට යන්නට තීර්නය කෙරුවෙමු. මලින් බරව ඇති විශාල වෘක්ෂයන් වලින් ගැවස ගත් උද්‍යානයේ එක් කෙරවලක ගලා බසිමින් ඇති ගංගාවේ ඉවුරු තලයේ වන අසුනක් නම් වඩාත් පහසු බැවින් ඒ දෙසට යන්නට වීමු. “අයි අපි කථා නොකරන්නේ?” දෙබස කොතැනින් හෝ ඇරබිය යුතුය. තව අතකින් නිඬකම තව දුරටත් අප පීඩාවට පත්කරන්නට ඉඩ නොතැබිය යුතුය. “හෙට උදෑසන වන විට ඔබ නගරයෙන් සමුගන්නවා.ඔබ නිතරම කියන්නා වගේ පැමිනෙන සියල්ලෝම ආපසු යායුතුයි. ඒත් ඒ සමුගැනීම මේ තරම් වේදනාකාරී වීම නම් මට මහත් අපහසුවක්” ඇයගේ විවෘත වීම මහත් සහනයකි. “සමහර විටක දෑ හමුවේ ඔබ නිහඬව සිටීම ඒ දෑ ගෙනෙන වෙහෙසට වඩා මට දැනෙනවා” වරක් මා ඇයවෙතට පැවසුවා මතකය.
“හොඳයි , මම මෙසේ පොරොන්ඳු වෙන්නම් එලබෙන දෑවසර අවසන් වන්නට පෙර ම ඔබව නැවත මුන ගැසෙනවා. ඉදිරි වසරේ ගිවිසුම අවසන් වීමෙන් පසුව මා වෙනත් ගිවිසුමකට නො එන්නට තීර්නය කලා. එලබෙන වසර අවසානයේ මම ආශ්‍රමය වෙතට යන්නට හා කෙටි කාලයකින් නැවත මෙහි එන්නටත් සැලසුම් කරන්නම්” අවසාන තීර්නයක් මාතුල ඒ පිලිබදව නොවූවද පලමුව ඇය මේ අපසහුවට විවෘතවීම අවසන් කර ගත යුතුය.”අපිට පුලුවන් වේවි අපේ හැදැරීම් සටහන් පෙල අවසන් කරන්නට මෙන්ම තවත් අලුත් ව්‍යාපෘති කිහිපයකට අත ගසන්නට. අර වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ අපේ මේ විෂයන් ගැන වෙනස් මතවාද කිහිපයක් ගොඩ නගන්නට මාකල යෝජනාවට අප එකගනම් ඒකත් අරබනට හැකි වේවි. හැබැයි මේ හැමටම වඩා මා අර කීව ආශ්‍රම භූමියට අද්දරින් වන ගම්මානයේ මිනිසුන්ගේ අපූර්ව ජීවිත රටා ගැන වන සටහනනම් ගොඩක් සාර්ථක වේවි මගේ හිතේ.” මාගේ පලමු අවශ්‍යතාවය වූවේ ඈ සිත තුලට අපහසු සිතුවිලි පැමිනෙන්නට ඉඩ නැති තරමට බලාපොරොත්තුවලින් පුරවන්නට වුවද ඒ සියල්ල අප මීට එකිනෙකා කථාබස් කර අනාගත බලාපොරොත්තු තබා සිටි ඒවා වූවාය.(58)
සාමාන්‍යයෙන් ගිම්හානකාලයේ දහවලට පවා සිසිලැති උද්‍යානය ජනාකීර්න ස්වභාවයක් ගන්නා නමුදු අප ඒ වෙත පිවිසෙන වෙලාව වන විට එතරම් කලබල කාරී බවක් එහි නොතිබිනි. උදයානයේ එක් කෙරවලකට අද්දරින් ගලා බසින සංගාවට සමාන්තරව දිවෙන මාවත ඔස්සේ අප ඇවිඳ යන්නට වීමු. “ඔබට විස්වාසද ඔබ නැවත මේ නගරයට ඒවිම දැයි කියා? මොකද… එසේ නැත්නම් මම නැගෙනහිර පැත්තට වන ප්‍රදාන නගරයක් දිසාවට අලුත් ‍රැකියා ස්ථානයකට යන්නට කියලයි හිතුවේ. ” පැමිනෙන්නට නියමිත හුදකලා බව ඇයව අපහසුවට පත්කර තිබෙනවා විය හැකිය. තවදුරටත් මාතුල වන දෙගිඩියාව ඔස්සේ මෙසේ සමීපතමියක අපහසුතාවයට පත්වන්නට ඉඩ හැර සිටීම අමානුෂිකය. “හොඳයි මම ඔබට පොරොන්දු වෙනවා” මම ඇය වෙත ගිවිසීමි.”හැබැයි ඒක මහත් අපහසුවෙන් දෙන පොරොන්දුවක නොවෙයි නේද?” ඇය තම වෘතීය තුල වන උපදෙස් හේ අන දෙනවාට වඩා ඔවුන්ව එකගකර ගැනීමේ අපූරු හැකියාව අප ගැටලුව වෙතටද කැදව ගෙන පැමින ඇතුවා සේය. ලොව නෙක පරිව්සරවල ඇවිඳිමින් හමුවූ බොහෝ පිරිස් අතරින් ඇය වඩා කැපීපෙනෙන එකියක ලෙස හැගෙන්නේ මෙවන් අපූරු ගුනාංග ඇයවෙත පිහිටා ඇති නියාවෙනි. මානුෂිකව දෑ සමග කටයුතු කරන්නට යැය තුලවන ගුනාංගය බොහෝ විට මම දැක තිබුනෙමි. සමහර විට එම තීර්න ඇයට අවාසි සහගත අවස්ථාවලදී පවා ඇය වඩාත් සුදුසු බවට හැගෙන බැවින් ගන්නා එම තීර්න මත නොසැලි ඉන්නට හැකියාව ඇත්තියක වූවාය.
අද මධ්‍යම රාත්‍රිය වන විට ඇති ප්‍රාදේශීය ගුවන් යානයකින් රටේ ප්‍රධාන ගුවන් තො‍ටුපොල වෙතට යන්නට හා හෙට උදෑසන වන විට සැතපුම් දහස් ගනනක් දුරින්වන නව අධ්‍යාපන ආයතනය පිහිටි නගරය වෙතට යාමට නියමිත බවටත් පැහැවෙදිලි කලෙමි. සමහර විටක ස්ථීරවම මා නැවත එන බවට කල පොරොන්දුව ඇය වඩාත් ශක්තිමත් කරන්නට කටයුතු කර ඇතුවා විය යුතුය . මද සිනාවක් පාමින් හිස සලා ඒවා වටහා ගත් බවක් පෑවාය. සමහර විටක අපිදෙදෙන අතරට විවේකයක්ල් පැමිනීම වඩාත් හොඳ වේවි. ඉදිරි දෑවසර අවසන් වන්නට පෙර වඩාත් අලුත් මිනිසුන්ව වඩාත් සාර්ථක සැලසුම් සමග අපට හමුවන්නට හැකිවේවි. මා පෙරද කීවා සේ වඩාත් ධනාත්මක බලාපොරොත්තු වලට පිවිසෙන්නට ඇය සමතියක් පමනක් නොව අනෙකාවද ‍රැගන යන්නට මහත් සමතියකි.(59)
අසල වූ උද්‍යාන අවන්හලකින් සරල ආහාරයට හා බීමට යමක් මිලදී ගත් අප හොඳින් සෙවනැති ගඟා ඉවුරට වඩාත් අද්දරින් වන අසුනක් මතට වීමු. “මතකද… අපි මුලින්ම උද්‍යානයට පැමිනි දවස.” දිගු විරාමයකට පෙර හමුවන මේ කෙටි වේලාව අපහසුවන් පිරිව ගත වන්නට හැරීම නොකල යුත්තකි. “මට මතකයි ඒත් මේ වගේම ගිම්හානයක අවසන් භාගය..” මම ඇයගේ අවධානය වෙනතකට ගෙන යන්නට වන වන උත්සාහය මත තව දුරටත් ‍රැදෙමින් උත්සාහ කරන්නට වීමි. “මට මතකයි , ඔබ උද්‍යානයේ ප්‍රධාන දොර‍ටුව දිසාව පිලිබදව මගෙන් විමසා සිටියා. මම් හිතන්නේ එතකොට ඔබ උද්‍යානයට පමනක් නොවේ නගරයටම අමුත්තෙක්” ඇය පිලිතුරු දුන්නාය. “ඇත්තෙන්ම ඔහොතේ මම හිටියේ නගරයේ උද්‍යානයේ අතරමංවී විතරක් නොවේ ජීවිතය තුලත් හුදකලාවී අතරමංවයි. ඒත් ඔබ පිලිතුරු දෙමින් සුහඳව කල කථා බහ මට ශක්තියක් වගේ දැනුනා. ඇත්තෙන්ම ඔබේ සුහඳ බව උද්‍යානයේ දොර‍ටුව සොයා ගන්නට පමනක් නොව ඒ දවස් වල මා අසරනව සිටි දවසේ දොර‍ටුවක් වන්නටත් ප්‍රබෝදාත්මක සහයක් උනා. ආගන්තුක නගරයක ඒකාකාරී කරුනු අතර ගතවන දේශන වලට කො‍ටුව අසරන බවක් ගෙන තිබූ ජීවිතයට ඇත්තෙන්ම ප්‍රබෝධයක් උනා. දන්නවද , මට පසුව තේරුනා අප මුලින්ම දා කල සුලු කථා බහේදී ඔබගෙන් ලැබුනු ශක්තියට වඩා වැඩි ආභාශයක් ඔබටත් නොදැනීම මම ඔබෙන් ලබා ගත්තා කියලා. මම හිතන්වා ඔබ මගේ උදාහරනය විසුලුවකට ගෙන සිනා නොවේවි කියලා. මම එතකොට හිටියේ හොදටෝම බැටරි බලය ගෙවී ගිය පරිගණකයක් වාගේ. ඔබත් නොදෑනීම මම ඔබගෙන් විශාල මිනිස් ශක්තියක් ලබා ගත්තා වගේ මට හැගුනා. අදත් මම කියනවා ඔබට ගොඩක් ස්තූතියි කියලා” මම ස්තූතිපූර්ව බවක් පලවෙන ලෙසට පවසා සිටියෙමි. “මම අදටත් ඔබට කැමතිවන ප්‍රධාන හේතුවක් තමයි ඔබගේ ඒ වන අපූර්ව ගුනාංගය. මම හිතනවා යලිත් මා මේ නගරයට කැදවන ප්‍රධානතම ආකර්ෂනය ඔබගේ ඒ ගුනාංගය කියලා.”(60)