2016 ගැන තොරතුරු ලෝකය තබා ඇත්තේ වඩාත් දිදුලන බලාපොරොත්තු බව කිව යුතුම නොවේ. වේගයෙන් ජීවිත අවකාශයන් වෙතට වන ප්‍රවේශයන් පුලුල් කර ගන්නට තොරතුරු තාක්ශනයට වන අවශ්‍යතාවය වඩාත් වේගවත් වන වසරක් ලෙසට හදාරන්නන් 2016 දැන බලාපොරොත්තු පල කරමින් සිටී. බලාපොරොත්තුවෙමින් ඇති රිනාත්මක කරුනකින් සටහන අරබන්නේ නම් ඔවුන් යෝජනා කරන්නේ විධිමත් අත්හදා බැලීම් නිසි ලෙස නොසපුරන තාක්ශනයන් හා උපාංග භාවිතට පැමිනීම වඩාත් තීව්‍ර කරවන වසරක් ලෙසට 2016 දෙසට පෙර නිගමනයක් තැබිය හැකි බවය. භාවිතාත්මකව මෙන්ම තාක්ශනිකව නෙක ආකාර ගත් අපහසුතා මේ ඔස්සේ බලාපොරොත්තුවන්න සිදුවිය හැකි බවට ඔවුන් පෙන්වාදෙමින් සිටිනවා.
keyboards නැතිනම් යතුරු පුවරුව ක්‍රමයෙන් භවිතයෙන් ඉවතට වන්නට නියමිතය. 2016 තුලදී මේ බව වඩාත් තහවුරු වනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. වඩාත් නම්‍ය හා පහසු භාවිතාවක් සදහා මේ බව වැදගත් වනු ඇත. තොරතුරු අවකාශය වෙත්ට තොරතුරු ලබා දීම මෙන්ම ඉන් තොරතුරු ලබා ගැනීම වඩ වඩාත් යාන්ත්‍රික වෙමින් පවතින අතර වඩාත් දියුනු වන සංවේදන තාක්ශනයන් ඔස්සේ තම ස්වාමියා ඉක්මවන නිවැරදි බවක් ඒවා සතුකර ගනිමින් සිටිනු දක්නට ලැබෙනවා.වාචික මෙන්ම අංග චලනයන් වෙතට පැමිනීම වඩාත් සරල වනවා සේම පහසුකරවීම පැමිනෙන උපාංග වෙතට මෙම ප්‍රවනතා ලංකරවන්නට වඩාත් හේතුව වනු ඇත.
Quantum Computer වැනි විකල්ප විකල්ප පරිගණක ආකෘති වඩාත් ස්ථාවර වන්නට 2016 යොදා ගැනෙනු ඇත. තොරතුරු අවකාශය අවට ඇති නෙක ආකාර ගත් සීමා ඉක්මවා යන්නට නම් මේ බව අත්‍යාවශ්‍ය වනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. බොහෝ සංකීර්න ගනනයන් අවශ්‍යතාවලට විසඳුම වන්නේ වඩාත් වේගවත් පරිගණක තාක්ශනයන් වෙතට පිවිසීම බවටයි ඔවුන්පෙන්වා දෙන්නේ. විශ්වය දෙසට වන  හැදෑරීම් වලදී මෙන්ම පෘතුවිය තුලට වන හැදෑරිම් බොහොමයක් සීමාකරවමින් සිටින ගනන සීමාවන් ඉක්මවා යාමේ අවශ්‍යතාවය ක්‍රමයෙන් බලවත් වෙමින් පවතිනවා.
Android හා ChromeOS වල ඒකාබද්ධ වීමක් ඔස්සේ සීමිත ජංගම උපාංග අවකශය ඉක්මවමින් LapTop නැතිනම් Desktop අවකාශය දෙසට චලනය වීම පිලිබදව මේ වන විටත් Google වෙතින් ඉගි පලව තිබෙනවා. 2017 ඔවුනගේ ඉලක්ක ගත වසර වුවද 2016 දී සැලකිය යුතු දියුනු කිරීම් බලාපොරොත්‍ටු වෙමින් තිබෙනවා. Apple වල HomeKit නැතිනම් Google වල  Brillo/Weave නැතිනම්Samsung වල  SmartThings වැනි බොහෝ යෝජනාවන් Smart Homes සංකල්පය වඩාත් තහවුරු කරවන ඇති බවට බලාපොරොත්තු පලවෙමින් ඇති අතර  විවෘත මෘදුකාංග AllJoyn යෝජනව Qualcomm ප්‍රධානව පැමිනෙමින් ඇති අතර Sharp, LG, Panasonic හා තවත් නිශ්පාදකයින් මේ සදහා දැනටමත් සහය පලකර තිබෙනවා.
හදාරන්නන් යෝජනා කරන්නේ Semi-autonomous cars භාවිතය දෙසට වන අවධානය 2016දී  වඩාත් තහවුරු වනු ඇති බවයි.multiple cameras, radars හා ultrasonic sensors වැනි ක්‍රමවේදයන් සමග 130km/h හා 200km/h වෙගයන් අත්පත්කර ගැනීම සරල වනු ඇති බවට බලාපොරොත්තු වනවා.
එසේම VR වල දියුනුව පරිගණක ක්‍රීඩා වැනි සීමාවන් ඉක්මවමින් පැමිනීමක් 2016දී බලා පොරොත්තු පලකරවන කාරනාවක් වෙමින් තිබෙනවා. social networking වැනි අවකාශයන් වෙතට මෙවායේ පැමිනීම දැනටමත් Oculus වෙතට Facebook වැනි ආයතනයන් ගෙන් පලව ඇති අවධානයන් ඔස්සේ තහවුරු වෙමින් තිබෙනවා. ස්මාර්ට් දුරකථනය සැලකීමේදී Processors නැතිනම් camera sensors වැනි දියුනු කිරීම මෙන්ම unbreakable screen වැනි තාක්ශනය වේගයෙන් දියුනු වෙමින් ඇති අතර වඩාත් බැටරි ආයුකාලයක් සහිත සිහින් සුපැහැදිලි තිර සහිත දුරකථනයේ පැමිනීම 2016 තුලදී වඩාත් තහවුරු කර දෙනු ඇති බවට බලාපොරොත්තු පලවනවා.
මීට අමතරව Wearable payments වෙතට වඩ වඩාත් ආයතනයන්ගේ අවධානය යොමු වෙමින් ඇති අතර cashless payments සංකල්පය වඩාත් තහවුරු වන වසරක් වනු ඇති බවට 2016 දෙසට වඩාත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. with Apple Pay, Android Pay මෙන්ම Samsung Pay වැනි දියුනු කිරීම් වෙතට 2016 වසරේ තවත් අවධානයන් ලැබෙන්නු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. එසේම 4K screens වල ඇමිනීම භාවිතාකරන්නන් අමානන්දයට පත්කරවනු ඇතිබවට 2016 දෙසට වන බලාපොරොත්තු පලවන අතර වඩාත් යතාර්තී සුපැහැදිලි තිර අවකාශයක් මෙවා ගෙනෙනු ඇති බවට පොරොන්දු වෙමින් තිබෙනවා.