“ගැටලුව පැහැදිලිව දකින්න. විසඳුම ඇරබෙන්නේ එතැනිනි” අප උසස් අධ්‍යාපන ආයතනයේ අශ ප්‍රධානීතුමා නිතරම භාවිතාකල වැකියකි. මෘදුකාංග පිලිබදව හසල දැනුමක් දැරූ එතුමා එම වදන් පෙල කොතරම් භාවිතාකරනවාද යත් එතුමා සදහා අන්වර්ථනාමයක් ලෙසට සමහර සිසුන් අතරට එය පැමින තිබිනි. ප්‍රායෝගීක ජීවිතයටද එය කොතරම් වැදගත්ද යන්න අප අදවන විට හොඳින් හදුනා ගෙන සිටින්නෙමු. ටිබෙටියානු මිතුරාද දෑ දෙස වියුක්තව බලන්නට මහත් හපනෙකි. අප අතරවන බොහෝ කථා බහ තුල එය මා අත්දැක ඇත්තෙමි. “මට කියන්න ඔබට ඇය කවුද? කියලා….” මිතුරා මද නිහැඩියාවට විරාමයක් දෙමින් ප්‍රශ්න කොට සිටියාය.
වරක් දැඩි මීදුම් වැනි ස්වභාවයකින් අප කදු වැටිය මතවූ සැන්දෑවකදී හාත් පසම වැසී ගියාය. මද නුදුරින් වූ ඇමරිකානු යුවලද අප අතරින් මුවා කරලන්නට තරමට එය දැඩිව වූවාය. “මම ඔබේ කවුද?” ඉදහිටක පැමිනෙන සුපුරුදු තත්වයක් නිසා වැඩි කලබලයන් නොපෙන්වූ ඇය සංසුන්ව විමසා සිටියාය. “මම හිතන්නේ මිතුරියක්. ම්…. හොඳම මිතුරිය කිව්වොත්? ප්‍රශ්නාර්ථ බරව ඇගෙන් විමසා සිටියේ සැහීමකට පත්වනවාද? යන නිහඩ ඇසුම පෙනුමෙන් දරා ගනිමිනි. “ආදරය ගැන මොනවද හිතන්නේ?” ඇයද ගැටලුව අත් නොහරින බවකි. “ඒක හරිම සංකීර්න තත්වයක් මට හිතෙන්නේ. විටක මවක්, විටක සොයුරියක්, විටක යෙහෙලියක්, සමහර විටක දුවක් පමනක් නොවේ සහකාරියක් විදිහටත් වෙන නෙක පැහැ වලින් පිරුනු සායම් බදුනක් වගේ කියලා මට හිතෙනවා. සමහර බඳුන්වල මේවායින් වර්න දෙකක් තුනක් පමනක් වන අතර මට නම් ඒක අපූරු සුන්දර සංකීර්නයක්” . මාගේ අවංක අදහස විවෘත කලෙමි. සමහර විටක ඇය බලා පොරොත්තුවූවාට වඩා බරපතල අවකාශයක් එම පිලිතුරෙහි ගැබීවීදෝ නිසා අපහසුතාවයකට පත් වූවා විය හැක. එම විමසුම එතැනින් අවසන් විය. (26)
“මම හිතන්නේ මම සමුගන්නට කාලය ඇවිත්” මිතුරා නැගී සිටියාය. ගබඩ භාරකාරතුමාගෙන් ලබා ගන්නා පන්දමක් අදුර මැදින් කදුමුදුනතට යන්නට ඔහුට පාර දක්වනු ඇත. අප ගබඩා කාර්යාලය වෙතට ගොස් අවශ්‍ය ආලෝකය ලබා ගන්නට කටයුතු කලෙමු. මෙහි පවතින පරිසර තත්වයන්ට වඩාත් ගැලපෙන ලෙසට එම ආලෝක පන්දම් නිර්මානය කරන්නට ගම් වැසියන් කටයුතු කරයි. විවිධ ශාක වලින් ලබා ගන්නා තෙල් වර්ග වලින් සැකසෙන එම ආලොකයන් ඔවුන් වෙනස් කරන්නේ ඒවායේ සංයුතිය වෙනස් කරමින්ය. එහිදී ආලොකයේ තත්වය , සුලඟ ප්‍රමානය, අවශ්‍ය දැල් විය යුතු කාලය වැනි විවිධක අවශ්‍යතාවයන්ට ගැල පෙන පරිදි ඒවා සකස් කරන්නට ඔවුන් හපනුන්ය.
ගලා හැලෙන මඳ සඳ එලිය ආගන්තුක කුටියට යාමට පෙර තව වරක් එලි මහන් ආසනයේ තව වෙලාවක් ගත කරන්නට එන්නයි කියා ආරාධනා කරනවා වැනිය. අපහසුවෙන් උවද එම නගරයෙන් සමුගෙන ගියද කෙමෙන් කාලය විසින් ඇය අමතක කර දමන්නට සහය වනවා වෙනුවට වඩ වඩාත් අප ගතකල කාලයෙහි අපූරු නිමේශන් වෙතට සිත නැවත නැවතත් ‍රැගෙන යන්නට විය. වරක් නගරයේ පොත් හලක් වෙතට ගොඩ වූ අවස්ථාවක අප ආදරය කරන විෂයන් පිලිබදව ලියැවුනු පොත් කිහිපයක්ම අප එකිනෙකා අතර හුවමාරු කර ගතිමු. ඉන් එකක සටහනක් තබන්නැයි මම ඇයට ආරාධනා කලෙමි. “හමුවීමක් කොතරම් බරපතල දැයි නිවැරදිව හමුවන්නේ වෙන්වීමකින් පසුව ගලායන කාලය අනුවය. සමහර විටක එය දරාගත නොහැකි තරම් වීම එම හමිවීමේ සැබෑ වටිනාකම කියා පානු ඇත.” නව අධ්‍යාන ආයතනයේ සේවය ඇරබූමින් පසුව දිනෙන් දින ඇයගේ සටහන වඩාත් බලවත් වෙමින් ජීවිතය වෙතට දැනෙන්නට පටන් ගත්තේය. මුල් කාලයේදී එම නගරයේ වූ අවන්හල් වෙතට ගොඩ වැදීම මග හැර සිටින්නට පවා සිත්වන තරමට එම මතකයන් දැඩිව ජිවිතය වෙතට පැමිනෙන්නට පටන් ගත්තාය. “අපූරු හමුවීම් සමුගැනීමෙන් පසුව වඩාත් බලවත්ව ජීවිතය වෙතට පැමිනේ” වරක් දින සටහනක අකුරු කරවන්නට තරම් එම හුදකලාබව බලවත්වූවා මතකය.(27)
කාලයටකට පසුව නිශ්චල රාත්‍රියකට පිවිසෙමින් සිටිමි. කුටියෙහි ඉහලින් වන කවුලුවක ඔස්සේ මද සඳ එලිය ගලන්නේ සක්මලුවට ඔබ්බෙන් වන විසල් රුක්ෂයෙහි සුපිපී ඇති මල් සුවද ‍රැගෙන එන මද සීත පවනකද දැවටී ගෙන මෙනි. ටික දිනකට වෙහෙස කර කාලසටහන් එකමදෑ නැවත නෑවත පවසන්නට වන දේශන වලින් නික්ම සිටින්නට හැකිවනු ඇත. වඩාත්ම අපහසුව ගෙනෙන කාරනය වන්නේ නිෂ්පල තරගයය. කිසිවෙකු ජය නොලබන හුදු තරගය නැතුවාම බැරි සේ සමහරුන්ගේ ජීවිත වලට කා වැදී ඇති ආකාරය විටක පුදුම හිතෙන සුලුය.(27)
අප එකි නෙකා වඩාත්ම සිත්ගත් කාරනය වූවේ විසල් කදු මුදුනතවල් ඔස්සේ දිවෙන මාවත් වල ඇවිද යන්නට ඇය තුලද වූ මහත් ආශාවය. පලමු වරට අප එහි ගිය මොහොතක එවන් ගමනක් පිලිබදව ඇගේ වන අදහස දැන ගනු අටියෙන් ඒ පිලිබදව දෙබසක් ඇරබුවෙමි. කොතරම් වෙහෙසකින් සමග උනත් කඳු මුදුනතකට ගොඩ උනාම දැනෙන්නේ මහත් සැහැල්ලුවක් මම දෙබස ඇරබුවෙමි. ” ඇත්තටම වලාකුලුවලට වඩාත් ලංවෙන්න ලංවෙන්න වෙහෙස අවසන් වෙන හැටි හරිම පුදුමයි” ඇය පිලිතුරු දුන්නාය. එහි වූ විවිධ උද්භිත විශේෂයන්ගේ ලක්ෂන පැහැදිලි කරදෙමින් උවද වඩාත් ඇගේ අවධානය ලබන්නේ ඈතින් පෙනෙන කඳුයායවල් , නිම්නයන් වැනි අපූරු දේට බව මට හැගිනි. “කඳුකරයට මම හරි කැමතියි. සමහර විටක සංසාර පුරුද්දක් වෙන්න ඇති” සිනා සෙමින් ඇය පැවසුවාය. Zen බුදු දහම ගැන ඇය මහත් ප්‍රිය කරන බවක් පෙනිනි. එහි වන සියුම් “ඉලක්ක ගත” බවට ඇගේ සිත වඩාත් ඇදී ගිය බව විටක පැහැදිලි කර සිටියාය. “Zen වියුක්ත මනසකට අපූරු කැඳවීමක් කරනවා කියා මට සිතෙනවා” වරක් ඒගැන වන කැමැත්ත පැහැදිලි කරන්නටද යෙදිනි.
එම කඳු වැඩියේ නගරය දෙසට වන බෑවුම නොව අනෙක් දෙසට වන සීමාව නෙත් මානයට වන විශාල රක්ශිතයකට වෙන්ව තිබිනි. තැනින් තැන පෙනෙන විශාල දිය ‍රැදුනු තැන් මෙන්ම තැනින් තැන හුදකලාව නැගී සිටින කුඩා කඳු ගැටිති වලින් එම දෙස මහත් අලංකාරවත්ව තිබුනාය. දිනක් අප එකි නෙකාට මද දුරකින් පිහිටවා ඇති දැව අසුන් වල දිගා වෙමින් එම දසුන රස විඳිමින් සිටියෙමු. රාත්‍රිය එලබෙමින් ඇති බව අමතකව ගොස් තිබුනා වැනිය. ආරක්ශක නිලධාරීන් පැමින අපව නිරුපද්දිතව නගරයට ඇරලවන්න කටයුතු කෙරිනි.(28)
අප උද්‍යාන භූමියේ ප්‍රධාන පිවිසුමට පැමිනෙන විට දැඩි අදුරින් හාත් පසම වැසී තිබිනි. මද දුරකින් වන නගරයකින් පැමින තිබූ ඇය මෙන්ම එම නගරයට ආගන්තුක බව වටහා ගත් ආරක්ශක නිලධාරීන් එම පරිසරයේදී සිදුවන ක්ශනික කාලගුන වෙනස් කම් පිලිබදව අපව දැනුවත් කරන්නට කාරුනික විය. එම රටෙහි වන ප්‍රධාන අධ්‍යන ආයතනයක් මෙන්ම වියතුන් , ලේකඛයන් නිතර ගැවසෙන නගරයක් ලෙසට සැලකෙන එම නගරය වෙතට පැමිනෙන්නන් සදහා විවේකී මෙන්ම නිදහස් පරිසරයක් ලබා දීම තම යුතුකම ලෙසට සැලකන බැවින් නගර පාලකයින් මෙවන් උද්‍යාන පහසුකම් විදීමට පැමිනීමට ආරාධනාත්මකව හැසිරෙන්නේ ලාබයක් සදහා නොවිනි. බොහෝ විටම පැමිනෙන්නන් එම නිදහස ඔස්සේ අයුතු කටයුතු වලට නොපිවසෙන්නේ අනෙකාට අපහසුතාවය ඇති නොකිරීම තම යුතු කමක් ලෙසට සැලකෙන බැවින් මෙන්ම සංස්කෘතිකවද අනවශ්‍ය ලෙසට කායික මෙන්ම මානසික අවශ්‍යතා පාලනයට නොපෙලබෙන සුලු රවාක් එහි පවතින නිසා විය යුතුය.
ඇයගේ රථය ධාවනය කරවන්නට මද අපකසු බවක් පලකල ඇය ඒ සදහා මට අරාධනා කරන ලදී. දැඩි සීතල මෙන්ම වෙහෙස නිසාම සුපුරුදු අවන්හල වෙතට ගොස් උනුසුම් ආහාර වේලක අවශ්‍යතාවය අප දෙදෙනාටම පැමින තිබිනි. එදින සැදෑවේ පැමිනෙන්නන් සදහා අපූරු අමුත්තෙකු පැමින තිබිනි. සරල පැන්සල් තුඩකින් කඩදාසියක් මත අමුත්තෙකු ගේ ස්වරූපයන් චිත්‍රනය කරන්නට ඔහුට අවශ්‍ය වූවේ විනාඩි කිහිපයකි. මම ඇගේ මුහුනුවර සරල රේඛා වලින් මතක සටහනක් කර ගන්නට කැමති බව යෝජනා කලෙමි. මුහුනුවරක වන සියුන් හැගීම් පවා විස්මිත ආකාරයට සරල රේඛාවන් ඔස්සේ ඉස්මතුකරවන්නට ඔහුට ගත වූවේ විනාඩි කිහිපයකි. අවහන්හලේ එක් කෙරවලක් පසු බිම ලෙසට වන ලෙසට ඔහු එම සිතුවම නිම කර තිබිනි.(29)
සීතල පිනි කැට විසිරුනු උදෑසන පැමිනෙමින් ඇති බවට පෙර දැනුම් දීමක් වැනි, ක්‍රමයෙන් අවදිවන සියත් රාවය ඇරබෙමින් ඇත. කායික වෙහෙස මෙන්ම ප්‍රබෝධමත් සිත ආශ්‍රම රටාවාවේ උදෑසන ඇරබුම මදක් මග හැරෙන මද වැඩි නින්දකට මා කැදවා ගෙන ගොස් තිබුනා විය යුතුය.. සාමන්‍යයෙන් මෙහි නැගෙන හිර කඳු පෙල ඔබ්බෙන් යාන්තමින් අහස පැහැගැන්වෙන විට අවදිවීම සිරිතය. තම කුටියේ ඉදිරිපසදී තනිවම හෝ ශාලාවට පැමින සමූහ ලෙසට හෝ යෝගී අභ්‍යාස කිහිපයක යෙදීම ප්‍රබෝධමත් මෙන්ම පැහැදිලි දවස ඇරබුමට මහත් සහයකි. ආගන්තුක කුටියේ කවුලුවෙන් පෙනෙන සක්මන් මලුවට යාබදව ඇති තන බිස්ස මත වැතිරුනු සිහින් දිය කැට මදක් හෝ තවමත් සිරුර මත ඇති අනවදිමත් මවක් ඇත්නම් එය බඳදමන්නට අපූරු ඔසුවකි.
එම නගරය මෑදට වන්නට තිබූ උද්‍යානයේ සමහර උදෑසනවලදී ඇවිදින්නට පැමිනීම ඇයගේ සිරිතක්ව පැවතිනි. උදෑසනම දේශන නියමිතව නැති සමහර දිනවලදී මම එහි යන්නට පුරුදුව සිටියාය. ඉමහත් ප්‍රබෝධයෙන් අවදිවන නගරය , එහි වැසියන් බොහෝ විට සිනා මුසු මුහුනෙන් එකි නෙකාට සුබ පතන්නට නොපැකිල වන්නේය. “හරිම ප්‍රබෝධමත් නගරයක්” පැමිනි මුල්ම කාලයේ නේවාසිකාගාරයට හා අධ්‍යන ආයතනයට සීමා වී තිබූ මගේ දින චර්යාව වෙනස් කරමින් ඇයව හමුවන්නට පටන් ගත් මුල්ම දිනයකදී මට නිතැතින් කියවිනි. ” ජීවවිද්‍යාත්මක මිනිසා තරම්ම සමාජ විද්‍යාත්මක මිනිසාත් ජීවිතයෙන් පිටතට වන සාමජයට පමනක් නොවේ තමන් තුලටත් බලපානවා. සමහර සංස්කෘතීන් ඒ අතීන් හරිම නිරෝගී වෙනවා. ඒවගේ සංස්කෘතියකට අයිතිව ඉපදීම වාසනාවක් කියලා මම හිතනවා” ඇය පැහැදිලිකරමින් පව්සන්නට පටන් ගත්තාය. ” මනසින් මෙන්ම සිරුරින් නිරෝගිමත් මිනිසුන් එක්වෙලා තැනෙන සමාජයක් ඇතුලේදී වෛද්‍යවරුන් හැටියට වැඩි හරියක් සිදුවෙන්නේ වඩාත් සුවපහසු සමබර ජීවිතයකට මගකියනැක පමනයි. ඒක හරිම වාසනාවන්ත තත්වයක්. ඔයා දන්නවද? ඒ වගේ ස්වභාවයක් නිර්මානය වෙන්නේ ඒ සමාජයේ ධනවත් බව ප්‍රධාන සාධකයක් කරගෙන පමනක්ම නෙවේ”. ඇය ප්‍රාථමික වෛද්‍යවරියක් නොවිනි. ඇයට අවශ්‍යවූවේ ඇය ඉදිරියට පැමිනෙන්නාට කෙසේ හෝ ප්‍රථිකාර ගොනුවක් පටවන්නට නොවේ. ස්වභාවයෙන් පැමිනෙන නිරෝගී බව මෙන්ම එය මදක් අඬපනවී ඇත්නම් නැවත එම සාමය කැදවාගන්නට ඇති ස්වභාවික හැකියාව අවදිකරවන්නට හැම විටම ඇයට අවශ්‍යව තිබිනි. (30)