“ගෙවී ගිය මතකයක් එක්ක කාලය ගතකරන්නට ඔනෑවට වඩා පෙලබීම සංකීර්න මානසික බවක් නිර්මානය කරන්නක් බව මම අමුතුවෙන් මතක කරන්නට වුවමනා නැහැ මහිතෙ” ඒ ටිබෙටියානු මිතුරාහේ හඬ ඇය සමග ගෙවී ගිය අපූර්ව කාලය පිලිබදව වන මතක සැමරුම් සමග කල සක්මනින් පාපසු පියවි ලොවට කැදවීමක් විය. නිම්නයේ වන ගම්මානයේ සීමාවේ වැනි ගල් වැටියේ අප බොහෝ කාලයක් ගතකර ඇතුවා විය යුතුය. ඉර මඬල හිස් මුදුනත පසුකරමින් බටහිර දෙසට යන්නට ද පටන් ගෙන ඇත. “මම හිතන්නේ අපි ආපසු යන්නට පටන් ගත්තොත් හොඳයි වගේ. දැන්මම ගමන ඇරබුවොත් සැහැල්ලුවෙන් හැන්දෑව එන කොට අපසු ආශ්‍රමයට යන්නට පුලුවන් වෙයි” ඔහු නැගිට ගමන් ඇරබුවේ වඩාත් හොඳම එම තීර්නයට මම් එකඟ බව වචනකරන්නට අවශ්‍ය නැතුවා වන බැවිනි.
“මම ඔබෙන්ම වටහා ගත් දැනුම් තේරුම් වලින් අර ගැමියා මට විස්තර කල දේ මෙහෙම පැහැදිලි කරන්නම්. බොහෝ සංස්කෘතීන් වල මිනිසුන් ගේ සිතුවිලි කැමැත්තෙන්ම විශ්වය කියන නෙට්වර්ක් එකෙන් සිඳ ගෙන ඇති බවයි අදහස උනේ. ඇක ඔහු පැහැදිලි කලා අනෙක් අවසානාවන්තම කාරනය තමයිලු වඩාත් දියුනු එම හැකියාවන් දැනට අත්පත් කර ගෙන තිබෙන දැනුම් ආකෘතිවලින් මනින්නට ගොස් කර ගෙන තිබෙන විපත. ඔහු අපහැදිලිව මුත් කරපු යෝජනවක් උනේ අපේ තාර්කික දැනුම් පද්ධතියට හමු නොවනු විස්මිත හැකියාවන් රාශියක් අප සතුබව. මම දන්නවා දැන් ඔබ යෝජනා කරාවි සමහර විට ඔවුන් ගෙන් කෙනෙක් දෙන්නෙක් දියුනු අධ්‍යාපන ආයතනයක ගෙනෙහින් අපි විධිමත් යැයි විස්වාස කරන දැනුම ලබා දීලා ඒ ඔස්සේ ඔවුනගේ සැගවුනු දැනුම දැනට අපතුල පවතින තාක්ශනික දෙනුම ඔස්සේ පැහැදිලි කර ගන්නට පුලුවන් වෙයි කියලා. නෑ මම කිව්වේ විහිලුවට වගේ ඔබ එහෙම හිතයි කියලා….. . එහෙම කලොත් මට තේරෙන විදිහට ඔහු අවාසනාවන්ත විදිහට අතරමං වනවා මිසක කිසිදු ප්‍රථිපලයක් නොලැබේවි මගෙ හිතේ…..(36)
අහස් කුස අපූරුය. ආධුනික චිත්‍ර කර්මය හදාරන්නට පැමිනියෙකු ගුරුතුමාගේ පමාවකින් තෙලිතුඩ කැන්වසයක් මත ඔහේ හැසුරුවා වැනිය. සුසුදු වලා කැටිති අපිලිවලකට විසිරී ඇත. ඊසාන දිසාවට වන්නට කඳු පෙල අතර තැනි තැන පෙනෙන දිය සීරාවන් බොහෝ සෙයින් කුඩා වී ඇත. දැඩි හිරු කෙඳි වෙහෙස සියත් හඬ පාලනය කර ඇතුවා සේ මහත් නිහඬ බවක් ගෙනැවිත් ඇත. විටක අප පාතබන හඬ ඇරෙන්නට දැඩි නිහැඬියාවක් හාත්පස වේ.
“තේරුම් ගන්නට බැරි දේ බොහෝ අප අවට තිබෙනවා. අප කරන්නේ ඒවා මග හරිමින් සුපුරුදු මාවතේම නිතරම ගමන් කරන්නට උත්සාහ කරනවා වගෙ වැඩක්. හරියට අර එහා ගම්මානයේ ගොපලු තරුනයින් ‍රැගෙන එන සතුන් රෑන් වගේ. අපිත් සීමාකරගෙන ඇති කුඩා දැනුම් වපසරියක් ඇතුලේ සිර වෙලා කුඩා උන් වගේ සෙල්ලම් කරනවා වගේයි කියලා මට හිතෙනවා.” ටිබෙටියානු මිතුරා පැහැදිලි කරමින් සිටී. “අපේ හැසිරීම් , මම කියන්නේ දේශපාලනය, ආගමික අනන්‍යතා ගැටලු, ආර්ථික ආක්‍රමන වගේ දේවල් දිහා මදක් ඉහල සිට බලන්නට උත්සාහ කලොත් පෙනේවි මොනතරම් විහිලුවකද අපි මේ තරම් බරපතලව යෙදිල ඉන්නේ කියලා”. ඔහු විමසුම් මනස ප්‍රබෝධමත් වී ඇතුවා සේය. මෙම තීව්‍රතාවය සමග නැවත අධයාන ජීවිතයට ඇතුලු වන්නට බොහෙවින් ඉඩ කඩ තෙබෙන සේ මට හැගෙයි.
“ඔබ අතරමං වෙලා වගේ” ඉදිරියෙන් යමින් සිටි ඔහු මදක් නැවති සිනා මුසු මුහුනින් පවසයි. “ඉස්සරනම් ඔබ මේ වගේ කරුනු එක්ක හරිම ප්‍රබෝධයෙන් හැසිරුන කෙනෙක්. අද මේ තරම් අලස වුනේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ.” ඔහු දිගටම පවසා ගෙන යයි. “හරියට අහිමි වෙලා තිබුනු යතුරක් හදිස්සියේම හමුවෙලා යලිත් අහිමි වෙලා වගෙ මට දැනෙනවා. ආපසු යායුතුයි. කෙටි ආශ්‍රම විවේකයක් ගෙන ආපසු යායුතුයි. අපි එකතුවෙලා අපූරු දේ කිහිමයක් නිමකල යුතුයි. අපූරු වෙතැයි මම විස්වාස කරන පොත්පත් දෙක තුනකටම අලුතින් අත ගසන්නට කාලය පැමිනිලා වගේ මට හිතෙනවා. ඔබ දනවනේ මගේ ජීවිත තේමාව. මේ පූරු ජිවිත සංචාරය ගැන සටහන් තබා යන්නට හැම සංචාරකයෙකුටම වගකීමක් තිබෙනවා කියලා”මම පැවසීමි.(37)
ටිබෙටියානු මිතුරාගෙන් සගවන්නට කිසිවන් නැත. බොහෝ කලකට පසුව ජීවිතය යලි අසරන බවකින් වෙලී ඇතුවා සේ දැනෙන්නට පටන් ගෙන තිබේ. එය ඇය ගැන වන ආශාවක් නොවන බව මටද පැහැදිලිය. අප උදයානයේ සැදෑවක හිරුමූවාවට සූදානම නරබමින් සිටින මොහොතක් විය. “මට හිතෙනවා අප දෙදෙනාගේ හමුව අපූරු හෑදෑරුම් සටහනක් කරන්නට ඇත්නම් කියලා” මම එකවරම ඇයට යෝජනා කලෙමි. “තව පැහැදිලි කරන්න” ඇය වඩාත් තැන්පත්ව මා දෙසට අවධානය යොමු කරන්නට විය. “තොරතුරු තාක්ශනය අද සිලිකන් මූලික ගොඩ නැගීමකට සීමා වෙලා තිබුනට වඩාත් ඉහල මට්ටම් වලදී කබන් මූලික රටා විතරක් නෙවේ ක්ශුද්‍ර ජීවින් හා සම්බන්ද වන දිසා වලට පවා හැදෑරීම් දිග හැරී ඇති බව මම තරමක් දුරට කියවලා තිබෙනවා. අපිට බැරිද මේවා ගැන විදයාත්මක බව හොඳින් මුසුවුනු නිර්මානාත්මක දෙයකට උත්සාහ කරන්න. ” මම යෝජනාත්මක බැල්මක් සහිතව ඇය වෙතට යොමු කලෙමි. විටක අලස බවක් පැවද ඇය හැදෑරීම් අවකාශය දෙසට මහත් උනන්දුවක් ප්‍රබෝධයක් දක්වන්නියක් මම තේරුම් ගෙන සිටියෙමි. “මම හිතනවා එක හොඳ අදහසක්” ඇයගේ පිලිතුර සමග වූ මහත් ප්‍රබෝධය මා කල යෝජනාව වෙතට මහත් සුබදායී ප්‍රථිචාරයක් බව හැගිනි. “මම කියන්නේ, ඔබේ දැනට සිදුවෙමින් පවතින වැඩි දුර අධ්‍යාපන කටයුතු වලට බාදාවක් නොවන අයුරින්” ඇයගේ අනාගත ඉලක්ක වෙතට මා නොසැලකිලිමත් වෙනවා යැයි සිතින් චෝදනාවක් නැගෙන්නට පෙර මට කියැවිනි.
එතැන් පටන් අප හමුවන සැදෑවල් අතරින් සමහරක් අප මේ හෑදෑරුම් අවකාශයටද යොමුකෙරවිනි. පොත්පත්, හඬ පට , අන්තර්ජාල ඔස්සේ මෙන්ම හැදෑරුම් මිතුරන් ඔස්සේද අප වේගයෙන් තොරතුරු ‍රැස් කරන්නට වීමු. අන්තර්ජාලය ඔස්සේ එම ඒවා සමහරක් ලොව විද්වතුන් අතරටද යොමුකරමින් වැඩි දුර සංවාද ගොඩ නැගෙන්නට ඉඩ හරින්නට පටන් ගත්තෙමු. ඇය පරිගණක යතුරු පුවරුව ඔස්සේ සටහන් තබනවාට වඩා ඇයගේ අත් අකුරු වලින්ම එම සටහන් නිමවන්නට කැමති විය. අවසාන දවස් වන විට ඒ සදහා වූ හමුවන් වෙතට ඇය පැමිනියේ පි‍ටු සිය ගනනක ගොනුවකද ‍රැගෙනය. ඒවා සියල්ල සටහන්ව තිබුනේ ඇයගේම අත් අකුරින් වීම විටක මාතුල විමතියක්ද ගෙනෙන සුලු විය. සමහර සෑදවල අවහන්හලේ කෙලවරක අසුන් ගෙන හෝරා ගනන් වඩ වඩාත් තොරතුරු විමසමින් ඒවා හදාරමින් කාලය ගත කෙරුවෙමු. සමහර විටක අවහන්හලේ කලමනාකරනය කුඩා බිල්පත් පවා නොසලකා හරිමින් අපට සහය දක්වන්නට කැමති විය.(38)
ඒ ඒ අවස්ථාවේ සක්මන් වන දැනුම් පරාසය අනූව අප දෙදෙන ගුරුන් හා සිසුන්ගේ කාරයභාරයන් බෙද හදා ගනිමින් කටයුතු කර ගනිමින් සිටියෙමු. එදින ක්ශුද්‍ර ජීවීන් විශේෂයක ඇසුරින් දත්ත රදවන ආකාරයක් ගැන සිදුකල සාර්ථක පර්යේක්ශනයක් පිලිබදව ඇය මා වෙත තොරතුරු පැහැදිලි කරමින් සිටියෙමු. හෝරා තුනක් හෝ හතරක වෙහෙසකර උත්සාහයකින් අනතුරුව අපගේ සටහන් පෙලෙහි වඩාත් සාර්ථක පරිච්ඡේදයක් අවසන් කරන්නට සමත් විනි. සැකසුරුවම් එකියක ලෙසට ඇය ම්වේසය මත විසිර තිබූ නෙක සටහන්, පොත් පත් පිලිවලකට නැවත අසුරා තබන යුරු බලා සිටියෙමි. දිගු සුසුමක් ගත් ඇය “මම ප්‍රශ්නයක් අහන්නද?” මාදෙස බලමින් ඇසුවාය. “ඇයි අපි මේ හැදෑරීමකරන්නේ?” ඇයට දැනගැනීමට අවශ්‍යව තිබූ කාරනය කිහිප විටක්ම මම මගෙන්ද අසාතිබුනක් විය. අප කිසියම් උසස් හැදෑරුම් ආයතනයකට සම්බන්දව ලිඛිත මට්ටමක අරමුනක් මත මෙම හැදෑරුම සැලසුම් කොට නොතිබුනා සේම කිසියම් වෙළඳ සමාගමක අවශ්‍යතාවය හෝ ආර්ථික ඉලක්කයක් ඇතිව එය මත යෙදී නොසිටියෙමු.
“මම මේ දැනුමට කැමතියි” පලමු කාරනය , අනෙක “ඔබ සමග කටයුතු කරන්නට කැමතියි” අවංකව වූ මගේ අදහස් අපැහැදිලි කෙරුවෙමි. “ඊට වඩා ඉලක්කයක් මට නම් නැහැ. ඔබට කැමති තීරනයකට මම කැමතියි. අපි හැදෑරුම් ආයතනයකට හෝ මුද්‍රන උත්සාහයකට යන්නට… ඒක ඔබේ කැමැත්තක්” මම ඇයගේ කැමැත්තට වැඩි අවස්ථාවක් දුනිමි. අප පසුකල දෙබස් අතරින් මා වඩාත් සිත්ගත් එකගතාවයකට ඇය විවෘත විය. “මටත් වැඩි ධනයකට යන්නට හෝ තවත් හැදෑරීම පිලිබදව සහතික බවක් ලබා ගන්නට ලොකු කැමැත්තක් නැහැ. ඔබ කැමතිනම් මේ හැදෑරුම ‍රැගෙන යන්න , මගේ ඒ ගැන කිසිම අකමැත්තක් නැහැ” ඇගේ සරල හා නො ඇලෙනසුලු සුලු මනස මනස වඩාත් පැහැදිලි විය. අපගේ සමස්ත මිත්‍රත්වයේ අසිරිමත්ම මොහොතක් එය ලෙසට මනස තුලට දැඩිව කිදා බසින බවක් මටම හැගෙන්නට විය.(39)
“අපි කථාකරමුද?” මද දුරක් ඉදිරියෙන් යමින් සිටි ටිබෙටියානු මිතුරා එකවරම නැවතී මාදෙසට හැරී ඇසුවාය. “මොනවා පිලිබඳවද?” මම පැහැදිලි කරගන්නට උත්සාහ කලෙමි. “අපේ දහම් ජීවිතය ගැන” යලි ගමන් අරබමින් ඔහු දිගටම කථාකරන්නට පටන් ගති. ” ඔබ නොදන්නවා නොවේ අපි ඉන්නේ සරල මුල් දහමේ පැහැදිලි කරන හීලෑ නැති සතෙකු බැද තබන්නට අවශ්‍ය වනවා සේ තත්වයකට වඩා බොහෝ දුරින් බව, මම නම් යෝජනා කරන්නේ ඔබ ආපසු ගොස් ඈතක තබා විත් ඇති සිත නැවත ‍රැගෙන ආ යුතුයි, නැතිනම් එහි ඔබ කයින්ද නතර විය යුතුයි. හැබැයි ඒ විසදුම් දෙකටම එකග නොවී ඔබ මේ ගතකරන ජීවිතයනම් ඉක්මනින්ම ගැටලු සහගත විය හැකියි.” මතකය අපූරු උපකරනයකි. එහෙත් කලතුරකින් හෝ හසුරවා ගන්නට නොහැකි වීමෙන් භවිතාකරන්නා මහත් අපහසුතාවයට පත්වේ. “ඇත්තෙන්ම පරිගණකයක මතක ගබඩාව මෙන් එහි ‍රැදී ඇති දෑ ඉතිරි කොටස් වලට නොදැනෙන සේ ක්‍රියාත්මක වනවා නම් මොනතරම් හොඳද? ඒත් ඒවා අතර තියෙන බොහෝ දෑ හැගීම් ඔස්සේ මුලු පද්ධතියටම උනත් බලපාන්නට පුලුවන් විදිහටයි මිනිස් පද්ධතිය නිර්මානය වෙලා තියෙන්නේ. භෞතිකව හදාරනකොට හමුවෙන්නේ රසායනික චලනයන් ගොඩක්. තීරනාත්මක සීමව ඉක්මවා යාම යනු සමහර විටක නැවත පැමිනෙන්නට බැරි සංකීර්න තත්වයක සිරවීමක්. තත්වය ඔහුවඩාත් පැහැදිලි කර දෙන්නට වූවාය.
මා මා සමගම කෙටි සංවාදයකට පිවිසුනෙමි. කුඩා කල සිට හෑරීම් අවකාශයට වූ අසීමිත කැමැත්ත ඇය විසින් අපූර්ව ලෙසට අවදිකරවා දමා ඇත. අප හමුවූ පරිසරයද ඊට මහත් පසුබිමක් වන්නට ඇත. මේ දැඩි කැමැත්ත බලයක් යොදවමින් පාලනයට යාම සහනශීලී විසදුමක් නොවනවා පමනක් නොව සංකීර්න ගැටලුවකට මගක් වීමේ අනතුරද අමතක කර දැමිය නොහැකිය. ආපසු ආශ්‍රම භූමියට ඇතුලු වන්නට පෙර දැඩි තීර්නයකට එලබෙමි. එනම් මම ආපසුව යා යුතුවම ඇත. ගම් වැසියන්ගේ අපූර්ව ජීවිත රටා පිලිබදව හැකි තොරතුරු ප්‍රමනයක්ද සමග ආපසු ගියහොත් වඩාත් ආකර්ශනීය සටහන් ගොනුවකට ආරම්භයක් ගත හැකි වනු ඇත. (40)