සෑදෑව උදාවෙත්ම අපට දවස පිලිබදව සමාලෝචනයකට පැමිනෙන්නට අවශ්‍යවිය. වගා භූමියේ සිට ආශ්‍රමය වෙතට දෙවෙන මාවත දිගේ අප ඇවිද එමින් සිටියෙමු. “සමස්තයක් හැටියට ඔබට යමක් කියන්නට තිබෙනවා නේද?” ඒ ටිබෙටියානු මිතුරාගෙන් ආරාධනාවකි. “ඔව් ඇත්තටම , මම කැමතියියි ඔවුන්ව නම් කරන්න තරු මිනිසුන් කියලා. ඔවුන්ගේ යටි මනස වැඩසටහන් ගත වෙලා තියෙන්නේ හරිම අපූරු විදිහට. මට හිතෙනවා තවම මතුපිටට නො එන ලද ශක්‍යතා තවත් බොහොමයි කියලා. සමහර විට විශ්වයේ තව අභ්‍යන්තරයට මිනිසුන් සමග යානාවක් යවන්නේ කොහොමද කියලා වගෙ දේවල්. මම කියන්නේ දැනට බලපාමින් තියෙන කාලය , ගත හැකි උපරිම වේගය වගෙ අභියෝග ජයගන්නේ කොහොමද කියලා වගෙ දේවල්. බොහෝ වෙලාවට පෘතුවිය මතුපිටදී තවමත් මිනිසුන් පාලනය කරන සුලි කුනා‍ටු , සුනාමි , භූකම්පන වගේ දේවල්. ” ඇත්තෙන්ම ඔවුන් අපූරු ජීවන රටාවක් ලබා ගත්වුන් බව දවසේ ලද අත්දැකීම් මා වෙත තවත් පහැදිලි කරදෙන ලදී.
කාලයක් තිස්සේ නිරන්තරයෙන් ඔවුන් සමග ගත කල මිතුරා ඔවුනගේ අපූරත්වයේ රහස වඩාත් සමීපව පැහැදිලි කරන්නට විය. ” අපේ දියුනු ශිෂ්ඨාචාරවලට වඩා සරල නම්‍ය ක්‍රම වේද වලින් අපි විඳිනවට වඩා හරිම පහසු ආකාරවලට ඔවුන් ගැටලුවලට මුහුන දෙනවා කියලා මට හිතෙනවා.දැඩි වැසිසමයත් එක්ක ව්ටේටම වන කඳු පෙල ඔස්සේ පැමිනෙන ජල කඳ සමග ඔවුන් කරන පාලනයම හොදටම ඇති ඒ බවට. වේගයෙන් පැමිනෙන ඒ ජල කඳ ‍රැස්වීම කුඩා පෙදෙස් වලට සීමා කර ගමිනින් ඔවුනට පාලනය කර ගත හැකි ආකාරයට ඈතින් වන ගංගාව වෙතට ගෙන යන ආකාරය හරිම තර්කානු කූලයි. දියුනු යැයි සිතා සිටින මිනිසුන් මෙන් යෝධ කොන්ක්‍රීට් ඉදිකිරීම් වෙනුවට කුඩාවට මෙන්ම ශක්තිමත්ව ගොඩ නැගෙන ස්වභාවික දෑ භාවිතාවන අයුරින් ඔවුන් ඒවා පාලනය කරන ආකාරය හරිම විසිතුරුයි.”(51)
කුතුහල මනස ප්‍රබෝධයෙන් පිරවූ අපූරු දවසක් අවසන් වෙමින් තිබේ. බොහෝ සංස්කෘතීන් අතර වන සරල ක්‍රම වෙනස් කම් වලට වඩා මෙහි වැසියන්ගේ ජීවන රටාව පදනම් මට්ටමේ සිටම වඩාත් වෙනස් ස්වභාවයක් ගැනීම ඔනෑම හදාරන්නෙකුගේ සිත් පැහැර ගනු ඇත. ඔවුන් සමග ගතවන හැම හෝරාවකම පාහේ වඩාත් නව හැඩයක් ගත් මිනිස් සංකල්ප හමුවීම මහත් ප්‍රබෝධ ජනකය. ටිබෙටියනු මිතුරා සමු ගන්නට පෙර කල කල යෝජනාව වූවේ ඔවුන් වඩාත් දියුනුද නැතිනම් නොදියුනුද යන්න පවා විමසන්නට සම්මත අපගේ දැනුම් උපකරන වලට නොහැකි වන්නේ අප එම උපකරන නිර්මානය කර ගත් ප්‍රමිතීන් වලට ඔබ්බෙන් ඔවුනගේ ජීවන රටා නිර්මානය වන පදනම් පැවතීම නිසා විය හැක. “අප පද්ධතියක වන යමක් මනින්නට යොදාගන්නා මැනුම් යාන්ත්‍රන වලංගු වන්නට නම් ඒවා අතර සමානකම් විය යුතුයි. ඒවා කොතරම් සමාන ද යන්න ගන්නා මිනුම් කොතරම් නිවැරදිද යන්න මත රදා පවතී. අපේ දියුනු මහත්වරුන් එසේ යම් උත්සාහයක් ගත්තොත් ඒක සුලගේ වේගය අඩි කෝඳුවකින් මනින්නට උත්සාහ කලා වගේ වේවි.” මද සිනාවක් සමග ඔහු තම අදහස පැහැදිලි කර සිටියාය.
පැමිනෙන සැදෑව සදහා ආගන්තුක කුටියට ඔබ්බෙන් වන අසුන වෙතට වීම සිත ප්‍රබෝධමත් කරන පුරුද්දක් වී ඇතුවා සේය. ඉදිරියෙන් වන නැගෙනහිර කඳු පෙල මතට සැදෑ හිරු කෙඳි පැමින රත්වර්න ගැන්වීම හමුවූ ඇය සමග කදු මුදුනතට ආ ගිය අපූරු අතීතයට සිත නිරන්තරයෙන් කැදවා ගෙන යනු සුලුය. ඇය සැබවින්ම ප්‍රබෝධමත් එකියක වීම මා බොහෝ සෙයින් සිත් ගත් කරුනක වූවාය. ඇයගේ කථා බහ, සිනාව, ගමන බිමන හැමතැනකම ඒ බව වූවාය. “හැදෑරීම් සහකාරියක වන්නට ඇය අපූරු එකියකි.” වරක් සැදෑ හමුවකින් පසුව නේවාසිකාගාරයට ගිය පසුව දින සටහනක ඇය වෙනුවෙන් අකුරු කර තැබුවා මතකය(52)
ඈ අතිසාමාන්‍ය මනුෂ්‍ය එකියකද වූවාය. පසු දිනක අප උදයානයේ හමුවූ විටකදී ඇයට ඒ සටහන ගැන වැඩි දුර යමක් අසන්නට අවශ්‍ය විය. “ඔබ බොරුවට මාව අගය කරනවා නේද?” දෙබසේ ඇරබුම ඇගෙන් විය. “නැහැ මම කිසිවිටක ඔබව රවටන්නට උත්සාහකර නැහැ” දෙබස කෙටි වෙතැයි මා බලාපොරොත්තු විනි. “අර සටනේ අග ඔබ තියල තියපු අකුරු පෙල මා පසුව දු‍ටුවම මට එහෙම හිතුනා”. දිවිය පුරාවට හමුවූ නෙක ආකාරයේ තරුනියන් අතර ඇය සිතමත තබා තිබූ මතකය සුවිශේෂී බව මාතුල කිසිදු සැකයක් නොවිනි. “ඔබට මතකද අර උද්‍යානයේ සිතුවම් දැක්ම ගැන පසු දවසක අප අතර සිදුවූ දෙබස. ඇත්තෙන්ම ඔබව රවටන්නට කිසි සේත්ම අවශ්‍ය නොවන්නේ ඔබ අපූරු අයෙකු බව මා අත් දැක තිබෙන නිසාමයි. දන්නවද, ඔබේ හමුවෙන් පසුව මා වඩාත් සාර්ථක දේශකයෙක් වෙලා. මුල් දිනවල මගේ සාමන්‍ය දේශනවලට නොපැමිනි සිසුන් පවා දැන් පැමිනෙන්නේ හරිම උද්‍යෝගයකින් බව හොඳින් දැනෙමින් තිබෙනවා. දෙපැය පුරාව මගේ අවධානය මේතරම් සාර්ථකව නාභිගතකරගත හැකිව තිබූ කාලය මතක නැතුවා තරම්. ඇත්තම කියනවා නම් මම මම ගැනම පුදුම වෙමින්සිටිනවා” ඇය මා දෑස් දෙස එක එල්ලේ බල සිටින්නේ වචන ඔස්සේ පැමිනෙන අර්ථ සැබ වින්ම මා අදහස් කරනවාදැයි හඳුනාගන්නට මනාව පුහුනු කරන ලද එකියක ලෙසිනි.
අප සමුගන්නට නියමිත වන සතිය ඇරබුනේ විදුලි වේගයෙන් මෙනි. කාලය මෙතරම් ඉක්මනට ගලා යන්නේ කෙසේදැයි සිතා ගන්නට නොහැකි තරම් යැයි විටක සිත මා වෙත යෝජනා කරනවා වැනි විය. අප අතර ඇරබුනු හැදෑරුම වේගයෙන් අවසන් කරන්නට අපට අවශ්‍ය වූ මුත් ඒ පිලිබදව අප දෙදෙනා තුලම වූ උනන්දුව හීනව ගොස් තිබිනි. හොරාවක දෙකක හැඩුමකින් මේ සිතේ වන බ‍රැති බව අවසන් කරන්නට ඇත්තනම් කොතරම් හොඳදැයි වරක් ඇය විමසා සිටින්නට පවා පෙලබිනි. දල වශයෙන් පි‍ටු හයසීයකට පමන සැලසුම් කර තිබූ අප අවසන් සටහන පි‍ටු හාරසියයක් හෝ හාරසිය පනහක් පමන අවසන්ව ඇතිව අතරමගදී නතරකර දමන්නට අපට තීරනය කරන්නට සිදුවිනි.(53)
ඈ අතිසාමාන්‍ය මනුෂ්‍ය එකියකද වූවාය. පසු දිනක අප උදයානයේ හමුවූ විටකදී ඇයට ඒ සටහන ගැන වැඩි දුර යමක් අසන්නට අවශ්‍ය විය. “ඔබ බොරුවට මාව අගය කරනවා නේද?” දෙබසේ ඇරබුම ඇගෙන් විය. “නැහැ මම කිසිවිටක ඔබව රවටන්නට උත්සාහකර නැහැ” දෙබස කෙටි වෙතැයි මා බලාපොරොත්තු විනි. “අර සටනේ අග ඔබ තියල තියපු අකුරු පෙල මා පසුව දු‍ටුවම මට එහෙම හිතුනා”. දිවිය පුරාවට හමුවූ නෙක ආකාරයේ තරුනියන් අතර ඇය සිතමත තබා තිබූ මතකය සුවිශේෂී බව මාතුල කිසිදු සැකයක් නොවිනි. “ඔබට මතකද අර උද්‍යානයේ සිතුවම් දැක්ම ගැන පසු දවසක අප අතර සිදුවූ දෙබස. ඇත්තෙන්ම ඔබව රවටන්නට කිසි සේත්ම අවශ්‍ය නොවන්නේ ඔබ අපූරු අයෙකු බව මා අත් දැක තිබෙන නිසාමයි. දන්නවද, ඔබේ හමුවෙන් පසුව මා වඩාත් සාර්ථක දේශකයෙක් වෙලා. මුල් දිනවල මගේ සාමන්‍ය දේශනවලට නොපැමිනි සිසුන් පවා දැන් පැමිනෙන්නේ හරිම උද්‍යෝගයකින් බව හොඳින් දැනෙමින් තිබෙනවා. දෙපැය පුරාව මගේ අවධානය මේතරම් සාර්ථකව නාභිගතකරගත හැකිව තිබූ කාලය මතක නැතුවා තරම්. ඇත්තම කියනවා නම් මම මම ගැනම පුදුම වෙමින්සිටිනවා” ඇය මා දෑස් දෙස එක එල්ලේ බල සිටින්නේ වචන ඔස්සේ පැමිනෙන අර්ථ සැබ වින්ම මා අදහස් කරනවාදැයි හඳුනාගන්නට මනාව පුහුනු කරන ලද එකියක ලෙසිනි.(54)
අප සමුගන්නට නියමිත වන සතිය ඇරබුනේ විදුලි වේගයෙන් මෙනි. කාලය මෙතරම් ඉක්මනට ගලා යන්නේ කෙසේදැයි සිතා ගන්නට නොහැකි තරම් යැයි විටක සිත මා වෙත යෝජනා කරනවා වැනි විය. අප අතර ඇරබුනු හැදෑරුම වේගයෙන් අවසන් කරන්නට අපට අවශ්‍ය වූ මුත් ඒ පිලිබදව අප දෙදෙනා තුලම වූ උනන්දුව හීනව ගොස් තිබිනි. හොරාවක දෙකක හැඩුමකින් මේ සිතේ වන බ‍රැති බව අවසන් කරන්නට ඇත්තනම් කොතරම් හොඳදැයි වරක් ඇය විමසා සිටින්නට පවා පෙලබිනි. දල වශයෙන් පි‍ටු හයසීයකට පමන සැලසුම් කර තිබූ අප අවසන් සටහන පි‍ටු හාරසියයක් හෝ හාරසිය පනහක් පමන අවසන්ව ඇතිව අතරමගදී නතරකර දමන්නට අපට තීරනය කරන්නට සිදුවිනි.(55)